බෝඩිමට ආ චංචලා

ගෑනු ලමයෙක් ඉඳියා චංචලා කියලා.මෙයා වැඩ කලේ කටුනායක ගාමන්ට් එකක.ගෙවල් තිබුනේ දුර පලාතක නිසා මෙයා බෝඩිමක ඉඳියේ.ඒ බෝඩිමේ ඉඳියෙ මෙයත් එක්ක එකට වැඩ කරන එයාගෙ යාලුවො ටිකක්.ඉතින් මේ ගොල්ලො සහෝදරියො වගේලු ඉඳියේ.ඉතින් අනිත් ගෑනු ලමයින්ට වගෙත් මෙයාටත් ඉඳියාලු පිරිමි ලමයෙක්.ඒ කොල්ලත් රස්සාවක් කරන නිසා මේ දෙන්නා මුණ ගැහෙන්න දා ගන්නේ දෙන්නටම නිවාඩු තියන ඉරිදා දවසලු.එදා දවසම ඉතින් දෙන්නා එකටමලු ගත කරන්නේ.බෝඩිමට එන්නෙත් රෑ වෙලාලු.මේ සම්බන්දෙ ගැන එයාගෙ බෝඩිමේ යාලුවො ඔක්කොමත් දන්නවලු.ඔහොම ඉතින් කාලයක් ගත උනාලු. සුපුරුදු පරිදි තවත් ඉරිදා දවසක් ආවලු.මෙයත් ඉතින් යාලුවන්ට "එන්න ටිකක් රෑ වෙනවා" කියලා ගියාලු, පිරිමි ලමයත් ඇවිල්ලා මෙයාව බයික් එකේ එක්කගෙන ගියාලු.දවස හෙමීට ගෙවිලා ගියාලු. රෑ 7.00ට විතර මෙයා ආවලු.ආවට වෙනදා වගේ කතාවක් බහක් නැතිලු.
යාලුවන්ටත් මේක තේරිලා "ඇයි අද ඉක්මනට ආවේ? ප්‍රශ්නයක්ද?" කියලා ඇහුවලු. (වෙනදට මෙයාලා එන්නෙ රෑ 10.00 ත් පහු වෙලාලු.) ඉතින් මෙයා කිව්වලු "ඔලුවෙ කැක්කුමක් ඇවිත් ඉක්මනට ආවා" කියලා. ඉතින් යාලුවො තියන ප්‍රශ්නයක් හෙට අහනවා කියලා හිතා ගත්තලු.ඉතින් කට්ටිය 9.30ට විතර නිදා ගන්න ලේස්ති උනාලු හෙට වැඩ නිසා.කට්ටිය නිදා ගන්නේ එකම කාමරයකලු.නිදා ගන්න කාමරේ ලයිට් එක තියෙන්නේ චංචලාගේ ඇඳ ගාවලු. යාලුවොත් නිදිමත වෙනකම් කියව කියන ඉඳලා කට්ටියටම නින්ද ගිහින්.අන්තිටම ඇහැරිලා ඉඳපු අමිලා නිදිමරගාතෙන් වගේ චංචලාට ලයිට් එක නිවන්න කියලා නිදා ගත්තලු. රෑ 1.00ට විතර බෝඩිමේ ඇන්ටි හදිස්සියෙම ඇවිත් කට්ටියට ඇහැරවලා. කට්ටිය නිදි මරගාතෙන්ම ඇන්ටිට බැන බැන ඇහැරිලා ඇයි කියලා ඇහුවලු. "අනේ ළමයිනේ,චංචලා දුව එයාගේ පිරිමි ලමයාත් එක්ක බයික් එකෙන් එද්දි ඇක්සිඩන්ට් එක්ක වෙලා මැරිලා.මට දැන් ආරංචි උනේ.හවස 7.00ට විතර වෙලා තියෙන්නේ". එක කියද්දි කට්ටියම චංචලාගේ ඇඳ දිහා බැලුවලු. කවුරුවත් ඇඳේ නැහැලු. එතකොටලු අමිලාට මතක් උණේ එයා ලයිට් එක නිවන්න කිව්වම උණ දේ.එයා ඒ වෙලාවෙ හිතුවේ අඩ නින්දෙන් දකින හීනයක් කියලලු. ලයිට් එක නිවන්න කිව්වම චංචලා නැගිටලා පාවෙලා වගේලු ගිහින් තියෙන්නේ. ස්විච් එක ඕෆ් කරලා තියෙන්නේ එයාගේ දිවෙන්ලු.

No comments:

Powered by Blogger.