නර බිල්ල

මැනිකේ මැනිකේ මම පැලට යනවා හවස් ජමේ එ පැත්තට එනවයි .
එ රත්නෙගෙ කටහඩ

රත්නෙ කියන්නෙ නිර්මලගෙ අතගත් දුප්පත් ගෙවියෙක්
නිර්මලා රුප සෙබවෙන් පිරිපුන් හරිම කරුනවන්ත තරුනියක් නිර්මලාව දකින කෙනෙක් දෙපරක් බලනවා අනිවරයි
රත්නෙයි.නිර්මලයි තනියම ගෙදරක හිටියෙ දෙමව්පියන් එක්ක රත්නේ සන්ඩුවට යන නිසා

රත්නෙ හවසට පැලට ගියම නිර්මලා විතරයි ගේදර .
අපේ මහත්තයා මම එන්නම් ඉක්මනට මම මෙ උයනවා අයියන්ඩි යන්න මම හනිකට එන්නම් බත උයගෙන

එහෙනම් මම යනවා මගේ මැනිකෙ සුනගු නෙවි ඉක්මනට අවනම් හොදයි

රත්නෙ එහෙම කියල යන්න පිටත් උනා හේනෙ පැලට

රත්නෙ ඇත යනවා දැකපු නිර්මලා රත්නේ අසම මොර කරවල බැදුම හදනවා පට්ටම සුවදක් එන්නෙ නිර්මලාගෙ කරවාල බැදුමට ගහන්න වෙන කැමක් නැ

නිර්මලා කරවල බැදුමක් හදන් බතකුත් උයගෙන ඉක්මනට පිටත් උනා පැලට යන්න

නිරමලා යන පර දිගේ කෑලැව පොඩි වෙනවා එක එක සද්ද අහේනවා නිර්මලා කිසිම ගනක් නැතුව පැලටම ගියා

ආ අයියන්ඩි මොකැයි මෙ පැලට වෙලා නිදි අද යන්නෙ නැද්ද ස්ත්තු පන්නන
මෙං මෙ බත් පත කලා ඉදියනං අයියන්ඩි අසම කරවල බැදුම හදලා තියෙන්නෙ අද

බිම වැතිරිලා ඉදපු රත්නේ විදුලි වෙගෙන් බත් පත ලියගෙන කනවා

හා හා හිමින් හිමින් හිර වෙයි
රත්නේ කටට දෙකට බත් පත ඉවර කරලා කිසිම කතවක් නැතුව නිදා ගත්තා

නිර්මලා ගනක් නැතුව ඉදියේ රත්නෙට මහන්සි ඇති කියලා
අයියන්ඩි මම එහෙනම් යනවා රැවෙන්න කලින් ගෙදර යන්න ඔනේ නිසා කියලා නිර්මලා පිටත් උනා.

නිර්මාල එන පර දිගෙම මහා මුසල කටින් කේල පේරගෙන බිම දිගේ බඩ ගාගේන ගේවල යකේක එනවා නිර්මලා එක මෙහොතකට නතර වෙලා පිටි පස්ස බලනවා

කටින් කේල පේරා ගත්තු ගේවලයා නිර්මලාගෙ බේල්ලට පනිනවා

බුදු අම්මේ ගගේන නිර්මලා බිමට වැටෙනවා

නිර්මලගේ අදොනවා ගම පුරම රැව් දෙනවා
දරට ගිය නැන්දලා වගයක් නිර්මලාව ගෙදර එක්කන් යනවා එත් නිර්මලට සිහිය එන්නෙ නැ

නිර්මලට උන දෙ අරංචි වෙලා රත්නේ එක පිම්මට ගෙදර අවා

නිර්මලගෙ බෙල්ල දිගෙම දිග නිය පොතු පරවල්

හැමොම දැන ගත්තා උන දේ රත්නේ ගියා ගමෙ ඉදපු හොදම ගුරා උන උක්කු රලා ගුරාව හම්බෙන්න

උන දෙ උක්කු රලා ගුරට කියපු රත්නේ ගුරා එක්ක හනික පැලට අවා

නිර්මලා කෑ ගහනවා යන්න දිහන් මට මෙකිව අරන් යන්න දිහන් මට මෙකි උනේ මෙකිමගේ

නිර්මලා බිත්තියේ ඔලුව හප්ප ගන්නවා ලේ එනකන්

ගුරා ඇවිත් ඇප නුලක් දලා රත්නෙට කියනවා

ගුරා = කොලුවො මහා බලගතු පේරෙතයෙක් වැහිලා ඉන්නෙ මගේ සත්තරේ මදි බං මුව මෙල්ල කරන්න මන් පුලුවන් දෙයක් කරලා දෙන්නම්

රත්නෙ = අනේ ගුරුන් වහන්සෙ කියන ගනක් දෙන්ම් මගේ නිර්මලාව මට සනිපකරලා දෙන්න

ගුරා = මම සල්ලි වලට මගේ සත්තරේ පවලා දෙන්නෙ නැ බොල මට පලුවන් දෙයක් කරනම්

නිර්මලා දිව එලියට දගෙන අස් ගෙඩි දෙක රතුම රතු කරගෙන ගොරෙසු කටහඩික් යටි ගිරියෙන් කැගහනවා

නිර්මලගේ අත් කකුල බැදලා දගලන නිසා රත්නේ නිර්මලා දිහා බලාගෙන දුක් වෙනවා

ගුරා දැන ගත්තා මෙ තොයිලේ වැරදුනොත් මගේ පිටින් තමයි යන්නෙ කියලා අවදනමක් ගන්න බැරි නිසා ගුරා අදි මදි කලත් රත්නේ දිහා බල්ලා ගුරා කැමති උනා

තොයිලේට ඔනේ කලමනා ලක ලැස්ති කරා
ලේ ගොටු
පුලුටු ජති
කුකුලේක්
ඔය වගේ නොයෙකුත් දෙ අරන් තොයිලේට ලක ලැස්ති උනා

ගුරා පහන් පැලේ හො ගලා කඩවර අස්නේ ජප කරනවා එක හුස්මට

බේර සද්දෙත් එක්ක ගුරාගේ සද්දේ දොං කර දෙනවා නිර්මලා පුටුවේ ගැටගහලා

රැ 12 කිට්ටු වෙනවත් එක්කම එක පරටම නිර්මලා මහා හයියෙන් හු කියනවා හිනා වෙනවා

ගුරෝ තො කොහොමද බොල මව යවන්නෙ තොට බලයක් නැ මා එක්ක හැප්පෙන්න පලයං උබ මෙකි මට ඔනේ මෙකි මගේ

ගුරාට හැමෙම ඉස්සරහා නිර්මලගෙව් ඇගේ ඉන්න ගෙවල යකා අපහස කරනවා

ගුරා තවහයියෙන් මතුරනවා

උබ මොන කරත් මව යවන්න බැබොල මම වෙසමුනි රජුගෙන වරම් අරන් ඉන්නෙ තොට පුලුවන් දෙයක් කරහං බලන්න
ගෙවල යකා මහා හයියෙන් හිනාවෙනවා

ගුරා ජපේ අවසන් කරලා මතුරපු වතුර නිර්මලාගේ ඇගට ඉහිනවා

මව පිච්චේනවා මට යන්න දිහන මව යවහන් මට යන්න දිහන් අම්මෙ

පනුවෙක් වගේ නිර්මලා බිම දගලනවා

උබට වඩා යක්කු මම මෙල්ල කරලා තියනව බොල උබ මෙකෙද්ද මට අපු තැනකට පල මෙ නරයව ඇතහරලා
ගුරා කෙන්තියෙන් ගෙවල යකට බැන වදිනවා මම යන්නා මට යන්න දිහන

උබ කොහොමද යන්නෙ කියපන්

මට නටන්න ඔනෙ බොල නටලා ඉවර වෙලා අං අර ගහේ අත්ත කඩන් යනවා

ඇත තිබ්බ කොස් ගහට අත දික්කරපු නිර්මලගේ ඇගෙ ඉදපු ගෙවලයා බිම බලගෙන කෙන්තිය පිට කරනවා

බෙර සද්දෙට නිර්මලා පොල් මල් අතට අරන් ඔලුවේ ගහගෙන නටනවා හොදටම

දැන් ඇති පලයන් කියලා ගුරා මතුරපු වතුර ඉහිනවා නිර්මලගේ ඇගට

මහා හයියෙන් හු කියාගෙන නිර්මලා බිමට වැටෙනවා

එත් කොස් අත්තන්ම් කැඩෙන්නෙ නැ හැමොම නිර්මලට අවදනේ දුන්න නිසා කොස් අත්ත අමතක උනා

ගුරට කොහෙ හරි වැරදිලා තියනවා කියලා ගුරගේ හිතට චකිතයක් අවා
අව වැඩෙ අහවර කරලා නිර්මලට නුලක් දලා තුන් වරුවක් යනකන් කොහෙවත් යන්න එපා කියලා ගුරා පිට උනා රැම

ටික දුරක් යනකොට ගුරට ගෙවල් යකව මතක් උනේ උ බලගතු ඒකෙක් නිසා
යම් කිසි තැනක ටහමන්ට වැරදුනා කියන බයත් එක්ක ගුරා යන්න ගියා

දින සති ගෙවිලා ගියා නිර්මලට හොදයි රත්නේ නිර්මලව තනියම දලා යන්න ගියේ නැ

ගමේ හැමොම ගුරුන් වහන්සෙ ගෙදරට දුවනවා දැපු රත්නෙත් ගියා බලන්න
රත්නෙ දැකපු දේට රත්නෙට වමනේ යන්න අවා

ගුරාගෙ උගුරු දන්ඩ කඩලා ලේ බිලා නිදි පැදුරෙදිම ගුරා ඇස් දෙක ඇරගෙනම අවසන් ගමන් ගිහින්

රත්නෙට මතක් උනේ එදා ගුරා කියපු දෙ මම ඔක කරෙත් ඔක මගෙ පිටින් යන්නෙ බං ඔකා බල ගතු යකෙක් ..
රත්නෙට එ වචන ටික සිහිවුනා

නිමි

No comments:

Powered by Blogger.