පඩි කෙටූ ගලේ යකින්නි

පලවෙනි පාරට නොච්චියාගම ප්‍රදේශයේ ජීවත් වන මගෙ හිතවත් පුද්ගලයෙක්ට මුහුණ දෙන්න සිදු උන සත්‍ය සිදුවීමක් ගැන තමයි කියන්නෙ.

පෞද්ගලිකත්වය රැකෙන පරිදි නම් පමණක් මනංකල්පිතයි.ඔහු මට විස්තරේ කිව්ව විදියටම කියන්නම්..

පොඩී(මට ඒ පැත්තෙ ගියාම කට්ටිය කතා කරන්නෙ එහෙම) ඔයා දන්නවනෙ අපේ ගෙදර තියන ප්‍රශ්න.තාත්තත් බොනවා..මල්ලිලා දෙන්න ඉස්කෝලෙ යවන්නත් ඕනෙ..ඉතිං මමත් යාළුවො එක්ක රස්තියාදු ගහන එක පැත්තකට දාලා නොච්චියාගම රංජිත් මහත්තයා ලගට ගියා ජොබ් එකක් හොයාගෙන..රංජිත් මහත්තයා කිව්වම ඒ පැත්තෙ කට්ටිය හොදට දන්නවා මොකද නොච්චියාගම අවට කඩ පිල්,බෙහෙත් සාප්පු,ගල් මෝල්,හාල් මෝල් වගෙ ගොඩක් බිස්නස් කරන්නෙ මහත්තයා තමයි.

කොහොමහරි මහත්තයා මට මුලින්ම ජොබ් එකක් කියලා දුන්නෙ එයාගෙ තිබ්බ බැකෝ එකේ ඩ්‍රයිවර්ට අත් උදව්වට වගේ ඉන්න.ලොකු පඩියක් නම් මුලින් ලැබුනේ නෑ ඒත් කට්ට කාගෙන හිටියා..ටික දවසකින් මම මහත්තයා ලග නතර උනා මොකද සමහර දවස් වලට වැඩ ඉවර වෙලා එනකොට ගොඩක් රෑ වෙන හින්දා.ඔහොම යනකොට එතන හිටිය ඔක්කොම ෆිට් උනා.රංජිත් මහත්තයත් මට පස්සෙ හොදට සැළකුවා.මොකද මම වැඩ ඉක්මනට ඉවර වෙන දවස් වලට මහත්තයලගෙ අනික් වැඩ වලටත් උදව් වෙන නිසා..කොහොමහරි මම වැඩට ගිහින් මාස පහක් වගේ වෙද්දි බැකෝ එක පදින්නත් පුරුදු උනා.ඊට පස්සෙ ඉතිං ඩ්‍රයිවර් මං එක්ක ගියාට එයා එයාගෙ වැඩ කරගන්න යනවා මම තමයි බැකෝ එකෙන් වැඩ කරන්නෙ..

දවසක් මම බැකෝ එකේ එහෙම වැඩ කරද්දි මහත්තයා ආවා.එතකොට ඩ්‍රයිවර් කොහේ හරි ගිහින් මම දැනගත්තා අවුලක් වෙන්න යන්නෙ කියලා.කොහොමහරි මහත්තයා හවස් වෙනකන්ම එතනට වෙලා හිටියා.හවස 5ට විතර ඩ්‍රයිවර් එනකොට මහත්තයා හොදටම බැනලා එයාට ආයේ වැඩට එන්න එපා කියලා මටත් කිව්වා කොල්ලො උඹ මාව හම්බවෙයන් කියලා..මට දැං මාර අවුල් මගෙ ජොබ් එක නැති වෙයිද කියලා.මම ටිකක් රෑ වෙලා මහත්තයා එන්න කිව්ව නිසා ගියා එයාගෙ ඔෆිස් එකට එවලෙ මට උනේ කවදාවත් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් බැකෝ එකේ යතුර මට දීලා උඹ අද ඉදන් මේක පැදපන්..බලු වැඩ කරලා මට අහු වෙන්න නම් එපා කිව්වා..ඉතිං ඔහොම මම අවුරුද්දක් එක හමාරක් මහත්තයා ලග වැඩ කර කර ඉද්දි මහත්තයගෙ විශ්වාසවන්තම ගෝලයා මම උනා..

දවසක් මහත්තයා මට කතා කරලා කිව්වා දුමින්ද පොඩි වැඩක් තියේ කරන්න පුලුවන්ද කියලා මමත් ඉතිං මහත්තයා කියනවනම් ඕන දෙයක් මොකක්ද කෙරෙන්න ඕනෙ කියලා ඇහුවා.*$*# ගල් වලක් තියනවා ඒකෙ මඩ ටික අයින් කරලා හාරලා දියන් හෙටම වැඩේ පටන් ගනින් කියලා මට එතනට යන පාරත් කිව්වා.කොහොමහරි මම පහු වෙනිදම එතනට ගියා ඒක ලොකු පොකුණක් පඩි පහකුත් කොටලා තියනවා.ඉතිං මම දැං බැකෝ එකත් දාගෙන අඩියෙ තිබ්බ මඩ හාර හාර අයින් කර කර ඉද්දි උදේ තේ එක බොන්න ගහක් යටට ගිහින් ගෙනාපු බනිසෙත් අරන් වාඩි උනා..එතකොට මට අදෝනාවක් ඇහෙනවා.

ගෑණු කෙනෙක් වේදනාවෙන් කෑ ගහනවා වගේ මම ගිහින් බැලුවාම පොකුණ දිහායින් එන්නෙ පොකුණ ලගට ගියාම පොකුණ ඇතුලෙන් තමයි අදෝනාව එන්නෙ.හරියටම ආආආආආආ කියලා කෑ ගහනවා වගේ...මම එච්චර ඒක ගනන් නොගත්තෙ හුළං පොකුණු කටෙ වැදිලා එන සද්දයක් වෙන්න ඇති කියලා...ඔහොම දවල් වෙලා කෑම එකත් කාලා සිකරට් එකක් ගන්න කඩේට ගියාම ඔතන හිටිය ගෑණු කෙනෙක් මගෙන් විස්තර ඇහුවා..

මම ඉතිං කිව්වා පොකුණෙ මඩ හාරන්න ආවේ අරකයි මේකයි කියලා එතකොට මේ ගෑණු කෙනා කිව්වා පුතේ ඕකේ කතාවක් තියනවා ලොකු නිධානයක් තියනවා කියලා ඒකෙ අරක්ෂාවට ඉන්නෙ යකින්නක්ලු..කලයක් උකුලෙ තියන් ලස්සන ගෑණු ළමයෙක් ඇවිත් අම්මා දර කඩන්න ගියා එයා එන්න කලින් යන්න කියලා කියාගෙන අර පොකුණට රිංගනවා.ඔයිට කලින් ඔතන දෙතුන් දෙනෙක් නිල් වෙලා ගල උඩ මැරිලා හිටියා තනියම හිංදා කෝකටත් පරිස්සමෙන් හිටහං කිව්වා.පොඩී මටත් මාර බයක් ආවා එවලේ ඒත් ඉතිං රස්සාව කරන්නත් එපැයි.වැඩිය නොහිතා ආයෙ වැඩ පටන් අරන් හවස 3 විතර වෙද්දි පොකුණෙ ගොඩක් මඩ අයින් කරලා ඉවර උනා..ඔහොම හාර හාර යද්දි එක පාරටම මැශින් එක නතර උනා..මමත් ඉතිං බැහැලා ඇවිත් මොකක්ද ලෙඩේ කියලා හොය හොය ඉද්දි අර ගෑණු කෙනා කිව්වා වගේම කෙල්ලෙක් ආවා.ඒකි මට පිටුපාලා හිටියේ මම ඒකි දිහා බලද්දිම අම්මා එන්න හදන්නෙ ඉක්මනට පලයන් කියලා හයියෙන් හිනා වෙලා කෑ ගහගෙන පොකුණ්ට පැන්නා..

මම බය උන පාරට බුදු අම්මො කියාගෙන මාත් දිව්වා.කොහොමහරි මම ගෙදරකට දුවලා විස්තරේ කිව්වා..ඒ අයත් මාව තියාගන්න ටිකක් අදි මදි කරපු හිංදා මම මැෂින් එකත් එතන දාලා බස් එකේම මහත්තයගෙ ඔෆිස් එකට ගිහින් විස්තරේ සේරම මහත්තයට කිව්වා..එතකොට මහත්තයා මටත් කුනුහරුපෙන් බැනලා අපි තමයි යක්කු තොපිට ඉන්න යක්කු එන්නෙ නැතෑ මටත් කෙලින්න හෙට මම යන්නම් කියලා මහත්තයා පහු වෙනිදා උදේම ලෑස්ති වෙලා තනියම පොකුණට ගියා..
කොහොමහරි මහත්තයා මැශින් එකට නැගලා විනාඩි දහයක් ගිහින් නෑ.මට උනා වගේම වෙලා..ඒ විදියටම කෙල්ලත් ඇවිත් අර විදියටම කියලා..කිව්වට විස්වාස කරන්න මහත්තයා මට වඩා දුර දුවලා මැශින් එක ගෙනාවෙ ඊට දවස් දෙකකට විතර පස්සෙ..ආයෙ ඒ පොකුණෙ මඩ අයින් කරන්න ගියේ නෑ ..හොල්මන් යක්කු නෑ කිව්ව මහත්තයා මේ සිදිධියෙන් පස්සෙ යන්තරම පහක් විතර එල්ල ගත්තා.මටත් යන්තරය්ක් දැම්මා.(යන්තරෙත් මට පෙන්නුවා)

ඉතිං ඔය කිව්ව පොකුණ බලන්න මමත් ගියා...ඒකෙ කතාවෙ හැටියට නම් පොකුණ ඇතුලට බහින්න පුළුවන්ලු..ඕකෙ තියනවලු ගල් දොරක් ඒක අරින්න නම් තෙල් බෝතලයක් ඕනේලු.ඔය තෙල් බෝතලේ තියෙන්නෙ ආණමඩුවෙ සාමාන්‍ය මනුස්සයෙක්ගෙ වත්තක...මේකෙ ෆොටෝස් නම් නෑ.මගෙ ලග.ආයෙ ගියපු වෙලාවක වීඩියෝ එකක්ම දාන්නම්.

ඔන්න ඕකයි කතාව

No comments:

Powered by Blogger.