අබිරහස් දඩුවම

වැස්ස සහ සුලඟ නිසා මාර්ගයේ ගමන් කරන කාර් රතයට සෙමින් ගමන් කරන්නට සිදු විය.
මෙ රථය පදවන පුද්ගලයාට වයස අවුරුදු 40 පමණ ඇති බව පෙනෙ..

ඔහු ආරක්ෂක අංශයක සේවය කරන අයෙක් බව දකින ඕනෑ ම අයෙකුට පහසුවෙන් අවබෝද කර ගැනීමට හැකිය.

ඔහු පදවන් ගිය කාර් රථය විශාල හඬක් නගා නතර විය.
(ශිකේ මේ බම්බූව මොකෑ නැවතුනේ)
ඔහු තමාට ම කියාගෙන මහ වර්ෂාවේම රථයෙන් බැස්සේය.
රථයේ කිසුදු ගැටලුවක් නැති බව ටික වෙලාවක් පරික්ෂා කර ඔහුට වැටහී ගියෙය.
ඒ මොහොතේ ම කුමාරගේ ෆෝන් එක නාද වෙන්න පටන් ගත්තේය..
දැන් රාත්රි 11 විතරය.
( ලොකු සෙර් කියන්න)
ඒ කුමාරගේ ප්රධානිය වන අමාත්‍ය ලේකම් ජයතුංග ය.
( කොහේ ද කුමාර ඉන්නේ ඇයි තම පරක්කු
මට ගෙදර යන්න කාර් එක අරගෙන එනවා ඉක්මනට)
( සර් කාර් එක නතර උනා නේ )
කුමාර බයෙන් ජයතුංගට කිවුවේ..
( මොනවා ඇයි මොකක් ද වෙලා තියෙන්නේ)
( එක තමයි සෙර් කාර් එකේ ලෙඩේ ‍හොයා ගන්නත් බැහැ )
(හරි තමුසේ කොතන ද ඉන්නේ.)
කුමාරට අමුත්තක් දැනුනා..
තමාගේ අසල කවුරු හරි ඉන්නවා වගේ දැනුනා..කුමාර ෆෝන් එක කනේ තියාගෙනම පසු පස බැලුවා..
කුමාර දුටු දෙයෙන්
ඔහුගේ ඇස් ගෙඩි දෙක උඩ ගියා..
(සර් සර් මාව )
කුමාරට ෆෝන් එකේන් කියන්නට ලැබුනේ එපමණයි..
ෆෝන් එක කුමාරගේ අතින් විසි වෙලා පාර අයිනේ තිබුනු කානුවකට වැටුනා..
කුමාර ලඟ සිටියේ මූනේ ලේ ගලන එක අතක් නැති තරුණයෙක් ය.
කුමාර පස්සෙන් පසට ගමන් කරා..
(උබ මැරුනා.)
තරුණයා වියරුවෙන් සිනා සෙන්න උනා..
(නැහැ උබලා මාව තිරිසෙනක් වගේ මරා දැම්මා නේ ද?
අමතක ද එදවස උබට
කුමාර බයෙන් දුවන්න විය.
ටික දුරක් දිව ගිය කුමාරට තමන් ඉන්නේ පාරු කනත්තක බව තෙරුම් ගියාය.
වට පිට බැලුවත් කිසිවෙක් පෙනෙන්නට නොවිය.
නමුත් එක විට ම කුමාරව උඩට ඉස්විය..
(එපා මාව මරන්න )
කුමාර කැගැසුවට වර්ෂාව නිසා කිසිවෙකුට එය ඇසුනේ නැත.
කුමාර විසිවෙලා ගිහින් විශාල කොට්ටම්බ ගසක් යට වැටුනි.
ලේ පෙරන කෝපයෙන් හොල්මන් තරුණයාගේ ඇස් කුමාරගේ මූන දෙස බලාගේන සිටියාය.
කුමාර නැගිට ගන්න උත්සහ කෙරුවද? මුලු ශරිරය ම ගල් ගැසිලා වගේ දැනුනා..ඒ මොහොතේ ම කුමාරගේ හිසට විශාල කලුගලක් පහත් විය.
ඒ කුමාර නැමිති අපරාධ කරුවාගේ අවසානය විය.
ඉට සති දෙකකට පසුව ජයතුංග අබිරහස් අනතුරකින් කාර් එක ඇතුලේ ම ගිනි අරගෙන මරනයට පත්විය..
මේ අබිරහස් මරන පිලිබඳ පොලිස්සිය විශෙෂ පරික්ෂනයක් කරනු ලැබුව ද?
කිසිදු අපරාධ කරුවෙක් හෝ තොරතුරක් හමුවෙලා නැහැ.
නමුත් ජයතුංග මරනයට පත් වූ දවසේ රෑ ඔහුගේ දුව වන අමිලාට සිහිනෙන් ඉට වසර තුනකට පෙර ඇයගේ ප්‍රෙම්වතාව සිටි,
සිතුම් පෙනිලා ,
,( අමිලා මම මාව මැරුව උන්ට දඩුවම් දුන්නා
මම යන්න යනවා)

1989 ජනවාරි මාසේ දවසක,
සිතුම් සහ අමිලා උද්‍යානයක බංකුවක හිඳගෙන ඔහුන්ගේ ආදර ලෝකයේ තනිවෙලා හිදියේ..
එත් මේ දෙන්නා දැනගෙන සිටිය නැති කරුණක් තිබුනා..
ඒ නම් තව කිහිප දෙනෙකුගේ ඇස් ඔහුන් දෙස බලාගෙන සිටින බව.
ටික වෙලාවක් ගත විය.
ඔහුන් දෙන්නා සිටිය තැනට
කාර් රථයක් පැමින නතර විය. සිතුම් සහ
අමිලා ඔහුන්ගේ ආදර ලෝකයෙන් සැබෑ ලෝකයට ආවාය. ..
කාර් රතයේ සිටි පුද්ගලයා ඔහුන් දෙස කොපයෙන් දැවන ඇස්වලින් බලන් සිටි,
ඒ වෙන කිසිවෙක් නොව ජයතුංග හෙවත් අමිලාගේ පියාය..
(අමිලා නගිනවා කාර් එකට )
අමිලා සිතුම්ගේ මූණ දෙස බැලුවාය.
ඒ අමිලා සිතුම් ව ජිවමානව දකීන අන්තිම මොහොත බව අමිලා දැන නොසිටියේය.
කාර් එක වේගයෙන් ගමන් කර අතර,
සිතුම් කාබරයට යාමට පාරට බැස්සාය.
( ක්‍රීස් ක්‍රීස් )
සිතුම්ගේ අසලම කලු පාට වැන් රථයක් නතර කරා.
ඒ රතයෙන් කුමාර සහ තවත් අපරාධ කාරයෙක් බැසගෙන,
සිතුම් ලඟට අවාය..
එක විටම සිතුම් අල්ලා ගත් ඔවුන් සිතුම්ට කිසිවක් සිතන්නටත් පෙර වැන් රථයට දමා ගත්තේය.
ඒ සිතුම් නැමති තරුණයාගේ මරනය ලියා තිබුනු දමස විය.
පසු දා දවල් සිතුම්ගේ ශරිරය කනතක තිබි හමුවිය.
ඒ කාලය රට තුළ තරුණයෙකුගේ ගාතනයක් යනු සුලු දෙයක් බවට පත්ව තිබුනු අතර,
රජයට හෝ නැතිනම් විප්ලව කරුවන්ගේ ගිනුමට බාරවිය.
මෙ නිසා බොහෝ අවස්ථාවල පුද්ගලික ප්‍රශණ හේතු කරගෙන අපරාධ සිදු විය.සිතුම්ගේ මරනයත් එසේ විය.
මෙ ලෝකේ නීතීයෙන් දඩුවම් නොලැබුනු අපරාධ අදටත් පවතිනවා.
එනමුත් කවදා හෝ ස්වබා දහමෙන්, විවිධ බලවේගවලින් එවාට නිසි දඩුවම්
හිමිවීම අනිවාරය කරුණක්ය
නිමි

1 comment:

Powered by Blogger.