කලුගල් කඳෙ නිවස

 " මෙ දරුවෝ පුරුවේ කර පිනක් නිසා අද බෙරුනා..
ඔයාලාගේ යාලුවෙක් කියන්න ඇත්තේ,
මහනාම මහත්යාගේ දුවවෙන් ඇති"
ඔව් මාමා අර කොළඹ රත්තරන් කඩ තියෙන්නේ"
මම වාසනාගේ තාත්තා ගැන මාමාට කිවුවෙමි..
යාලුවන් ද මාමා කතා ව කියන්න යන බව වටහාගෙන අපි අසලට ලං විය..

,"හරි දරුවෝ මම ඒ මහත්යාව දන්නවා,
ඔයාලා වැරදිලා නවාතැන් අරගෙන තිබුන නිවස,
මෙ පලාතේ මිනිසුන් රෑ 7 පසුව අඩිය තියන්නඅති වත්තක්..
ඔය නිවසට ගම්මු කියන්නේ කලුගල් කදෙ නිවස.
මාමා බුලත් විටක් කටේ දමාගෙන
හපන ගමන් පවසන්නට විය..
"ඒ මොක ද මාම,
ඒවත්ත ගැන ගමේ මිනිසු බය"
කවියා අහන්නට විය....
මාමා බංකුව උඩ සිය නැතිව සිටින හර්ෂ දෙස බලාගෙන
"අන්න අරක තමයි හේතුව,
ලමහිනේ ඔය මහනාම මහත්යාගේ තාත්තා,
ඒ කියන්නේ ඔයාලාගේ යාලුවාගේ සියා තමයි,
මෙ පලාතේ සිටිය රටෙ මහත්තයා..
ඒ කාලේ ඔය නිවස සහ වත්ත අබිමානවත් ලෙස
ගම්මු අතර ප්රසිද්ධ තැනක්..
එක දවසක් සිද්ධ වෙච්ච සිදුවීමක් නිසා,
ඔය නිවස සහ වත්තේ අබූත බලවේග ක්රියාත්මක වෙන්න පටන් ගත්තා,.
ඒ කාලේ මේ ගමේ ගුරුන් වහන්සේ ලෙස සිටියේ මගේ අප්පච්චි
ඔය බයානක සිද්දිය වෙච්ච දවසේ පසු දා උදේ,
මගේ අප්පෝච්චිට රටේ ආරච්චිගෙන්
පනිඩයක් අරගෙන සෙවකයෙක් ආවා..
කටවත් හොරෙන් අප්පොච්චිට පනිවිටය කිවුව ඒ මිනියා කඩිනමින් කලුගල් කඳ නිවසට
පිටත් උනා..
ඒ කාලේ මට වයස 16 විතර,
අප්පෝච්චා මගේ කරන බලවත් නුලක් දාලා මාවත්
එක්ක ගිය කලුගල් කඳෙට..
අපි එ නිවස ඇතුලට යන විට දෑක්ක දේ අදටත් මට හොඳට ම මතකයි"
කටේ තිබනු බුලත් විට කෙල පාරක් මිදුලට විද මාමා,
"සුදු මැනිකේ, සුදු මැනිකේ මෙට ආවානම්
"එනවා අප්පොච්චි"
...
නිවස ඇතුලේ සිටිය මිහිලි කටහඬක් ඇති රූපත් තරුණියක් මාමා ලඟට
ආවාය..
ඇයගේ රූපය දැක්ක මට දැක පුරුදු මූනක් බව තෙරුම් ගියත් එ කවදා ද? යන්න හරියට ම නිච්චි නැති විය..
"සුදු මැනිකේ,
දැන් රෑ 2 පසුවෙලා නේ.

මෙ දරුවන්ට නිදිය ගන්න සුදානම් කරා නම්"
මාමා අපේ ගැහැනු ළමහිගේ දෙසට අතක් දික් කරලා ඇයට පැවසිය..
"හොඳමයි
එන යන අක්කාලා ඇතුලේ ඔයාලාට නිදියගන්න සුදානම් කරලා තියෙන්නේ"
ඇය කෙල්ලන් ලඟට ගිහින් ආදරනියව කතා කරා.
රුවනිලා මගේ මූන දෙස බලමින් කුමක් කියනකල් බලා සිටි
මාමත් ඇයෙන් මට කිවුව ඉගිය තෙරුම් ගත් මා,
"යන ඔයාලා මෙයත් එක්ක,
අපි ඉන්නවා නේ හර්ෂ ලඟ"
කෙල්ලන් ඇතුලට ගිය පසුව,
මගේ දෙස බලා හිනාවක් පෑ මාමා,
;
"ඒ දරුවන් මෙතන සිටියා නම් මං මේ කියන කතාවට අනිවාරයෙන් බයවෙනවා,
එක නිසා තමයි මං මෙ දරුවට ඇසෙන් ඉගියක් කලේ"
" කියන්න මාමා ඉලඟට මොක ද උනේ"
කවියා තව තව කුතුහලයෙන් මාමාගෙන් අහනට විය..

"අප්පෝච්චයි මටයි දැක ගැනීමට ලැබුනේ විරුපි උන මලකඳක්,
නමුත් එය අමුනුෂ ගොදුරක් බව අපි දැනගත්තට එක නෙමෙ දරුවෝ බරපතර කාරනය,
ඒ මිනියා අතේ ගුරි කරන් සිටිය දේතමයි ගැටලුව..
"ඒ අතේ මොකක් ද මාමා තිබ්බේ"
";පුරාන පත්තීරුවක් දරුවෝ ,
එකේ බලවත් නිදානයක් ගැන සඳහාන් ව තිබුනා,
නමුත් රටෙ ආරච්චියා පෙල දා තම ලඟම පිරිසත් එක එහී
සඳහන්ව තිබුනු නිදානය මිනිස් බිල්ලක් දීලා අරගෙන තිබුනා.
";එත කොට මාමා අර තිබුනු මිනිය ඒ බිල්ල ද?"
,නැහැ දරුවෝ ඒ තිබුනේ නිදානය ගන්න ආව ගුරාගේ මලකඳ,
නිදානය එයාලාට ගන්න පුලුවන උනාට,
එතන තිබුනු බලවත් අබූත බලවේග මනුෂ පරාන දෙකක් ගොදුරු කරගත්තා,
එක එතනින් නතර කිරීමට අපේ අප්පෝච්චිටත් නොහැකී උනා"
කතාව ටිකක් නතර කර මාමා ඔර්ලෝසුවේ
වෙලාව දෙස මදක් බලන් හිදියා,
"වස්තුවට තන්නාවෙන් කර දේ නිසා රටේ ආරච්චියා ඉට මාසයකට පසුව හිස වෙන් ව ඔය කලුගල් කදෙ වත්තේ පිටි පස්සේ තියන ගල්වල ලඟ මියගින් සිටියා..
ටික දවසකින් ආරච්චිගෙ මැනිකෙත් දරුවන් එක කොළඹ පදින්චියට ගියා.
වත්ත මුර කරන්න සිටිය මිනිසුත් මහ රෑට බයවෙලා

ශාන්ති කර්මත් කරන්න උනා දරුවනේ,
එදා හිදලා ඔය
වත්තේ හොල්මන් ගුවාවක්
මට මතක හැටියට අවුරුදු 10 කට ඉස්සල්ලාත්
තරුනයෙක් ඔය වත්තේ අබිරහස් ලෙස මියගින් සිටියා..අද
අපි හර්ෂ පුතාගෙන් ම අහගනිමු මොකො උනේ කියලා"
මාමාගේ හොල්මන් කතාව අහගෙන සිටිය අපිට හර්ෂයා ගැන අමතක වෙලා තිබුනේ..
අපි හර්ෂයා සිටිය බංකුව දෙස බලන කොටත් හර්ෂ බංකුව උඩ හිඳගෙන අපි දෙස බලාගෙන සිටින බව අපි දැක්කේය..
හිද සිටි තැනෙන් නැගිටගත් මමයි, කවිඳු හර්ෂ ලඟට ගිහින් උගේ ලඟින් හිඳගත්තාය....
"මොකෝ හර්ෂයා දැන් උභට"
මම හර්ෂගේ කරට අතක් දාගෙන ඇසුවෙමි..
ටික මොහොතක් නිහඬව සිටිය හර්ෂයා..
"ඒ දනුකයා මං මේ කොහෙ ද ඉන්නේ මචන්"
හර්ෂයා වට පිට පුදුමෙයෙන් බලන ගමන් අහන්නට විය..
"හරි හරි මචන් අපි ඔක්කෝ ම මෙ මාමාගේ ගෙදර ඉන්නේ"
කවියා ගුරුන් වහන්සේ මාමාව පෙන්නමින් පැවසුවෙය..
හර්ෂ ගුරුන් වහන්සේ මාමා දෙස බලා සිටින්නට විය..
"හර්ෂ පුතා මොකෝ ඔයාට උනේ"
.ගුරුන් වහන්සේ මාමා හර්ෂට කොපි කොපයක් අතේ තියන ගමන් ඇසුවෙය..
" අපි කතා කර කර හිඳලා නිදිය ගත්තා,
ටික වෙලාවක් යනකෝට
සියලු දෙනාට ම නින්ද ගියා,
එත් මට නිදගියේ නෑ,
මදවෙලාවක් යන ඇති,
එලියේ සබ්දයක් ඇසුනා,
මං ඒ හඬ ඇසුන පැත්තට හොඳින් සවන් දුන්නා..
මට ටික වෙලාවක් යන විට තෙරුනා,
කවුරු හෝ එලියේ ඇවිදිනවා කියලා..
ඒ නිසා මං දොර සෙමින් ඇරගෙන ටෝජ් එකත් එලියේ මිදුරට එල්ල කරා"
"ඇයි යකෝ තෝ අපිව අවදි කලේ නැත්තේ"
හර්ෂගේ කතාවට ඇවුන් කණ දෙමින් සිටිය හසිතයා අහනට විය..
"හරි හරි හර්ෂයාට කතාව කියන්න දීපං හසිතයා "
කවියා ටිකක් කෙන්තියෙන් හසිතයාට කිවුවෙය...
,එලියේ කිසිවෙකු නැති නිසා,
මං බයකින් තොරව වත්තේ තිබුනු අඹ ගහ අසලට ගියේ
චූ දාන්න..
නමුත් මං එක පාරට දැක්ක දෙ?"
එක කියන විට හර්ෂව ගැයෙන්න ගත්තා..
හර්ෂයා මූන දුන්න දේ බිය ජනක සිදුවීමක් බව අපට අවබෝද විය
"මොකක් ද බං උබ දැක්කේ"
කවියා
හර්ෂයාගේ ‘ඔලුව අතගාමින් ඇසුවෙය..
"එමං මං දෑකේ, අඩි
8, 9, උස කලුපාට,
මිනියේක්
ඒ මිනියාගේ ඇස් දෙක රතු බලුප් වගේ
මට කෑ ගාන්න ඕන උනත් සබ්දය පිට නොවිය..
මං ටිකෙන් ටික පසට ආවේ ගේ ඇතුලට දුවන්න සිතාගෙන නමුත්
පිටි පසෙන් අතක් මගේ බෙල්ලෙන් තධ කරලා අල්ලා ගත්තා,
ඒ කවු ද
කියලා බලන්න මං පිටු පස්ස බලන කොට මං දුටුව දේ?"
හර්ෂ හුස්ම ඉහලටගෙන හිද..
කොපි කෝපය එක උගුරට බිගෙන බිගන ගියාය..
"මං දෑක්කේ,
කටින් දත් දෙකක් එලිය පැන්න
,
රතු දිවක් මගේ බෙල්ල පැත්තට දීක් කරගෙන සිටිය අමුනුෂය
රූපයක්,
මම බුදු අම්මෝ කියාගෙන් කොහේට හරි දිවුවා
එච්චරයි මට මතක"
හර්ෂයාට මූණ දීමට සිද්ධ වෙලා තිබුනේ බයානක සිද්ධියකටය..
"ඔව්
ළමහිනේ හර්ෂ ළමයාට ඉලඟට උනේ ටික මං කියන්නම්
එකතාවට දනුක පුතාත් ඉන්නවා..
ගුරුන් වහන්සේ මාමා මගේ නමත් කිවුව නිසා,
මං පුදුමෙයෙන් ගුරුන් වහන්සේ මාමා දෙස බැලුවෙමි..
"දනුක පුතා මේ ගමට මිට කලින් ඇවිත් නැනේ ද"
"නැහැ මාමා"
මම කිවුවෙමි..

"නමුත් දනුක පුතාට
ඔය කරේ තිය මාලේ හම්බ උන කතාව මතක ඇති"
මාමා මගේ කරෙතියන මාලෙ
ගැන කියකොට
මට මතක් උනා
සුදු මැනිකේ කිවුව ගැහැනු ළමයාගේ රූපය මට මතකයි කියලා මං මිට ඉස්සල්ලා කිවුවානේ..
ඔව් එයා තමයි..
"ඒ කියන්නේ අර ආවේ මාමාගේ දුව,
විශාකා නේද?"
මම ගුරුන් වහන්සේ මාමාගෙන් ඇසුවෙමි..
මමයි ගුරුන් වහන්සේ මාමායි කතා කරන දේ මිතුරන්ට වටහා ගැනීමට නොහැකිව අපගේ මූනවල් බලන්නට විය..
,ඔව් දනුක පුතා ඒ මගේ දුව විශාකා තමයි"
මට නම් මෙවෙන්නේ මොකක් ද කියලා සිතා ගැනීමට නොහැකීය..
ඔයාලාටත් බෑ නේද?
ඒ කතාව කෙටියෙන් කියන්නම්,
මගේ අයියා ජනක එයා එක දවසක්
හොඳට ම බිලා කාර් එක පදවද්ධි
මහනුවර නගර මදයේ දී ගුරුවරියන් දෙදෙනෙකු
බරපතර අනතුරක් කරලා තිබුනා..
එයා පදවලා තිබුනේ මගේ කාර් එක නිසා,
ඒ සිද්ධිය මට දැන ගැනීමට ලැබුනා.. බොහෝ දෙනා සිදුවේ ඒක මගේ අතින් සිද්ධ වෙච්ච අනතුරක් කියලා,
නමුත් අයියා පොලිස්සියට බාර වීම නිසා මට ඒ වරදින් නිදහස් වෙන්න පුලුවන් උනා..

මං කඩිනමින් නුවර මහ රෝහලට ගියේ අනතුරට ලක් උන ගුරුවරියන් දෙන්නාට
උදව්වක් කරන්න පුලුවන් ද කියලා බලන්නට..
ඒ රෝහලේ මගේ ලොකු අම්මාගේ දුව

අචල අක්කා වෛදවරියක් ලෙස සෙවය කරා..
මං අචලා
අක්කාට සිද්ධිය කිවුවාට පස්සේ.
එයා හදිස්සි අනතුරු අංශයට ගිහින් විනාඩි 20 කට පස්සේ එලියට ආවේ,
මූන කලු කරගෙන ය..
,බලන්න දනුක මල්ලි ඔයාලාගේ අයියා කරන වැඩ,"
අචලා අක්කා කෙන්තියෙන් කියන්නට විය..
"ඇයි අක්කා මොකෝ වෙලා තියෙන්නේ"
"එක ළමයෙක්ට නම් ගැටලුවක් නැහැ එත්,
තව ළමයෙකුට හොඳටම අමාරු"
මම මොහොතක් නිහඬව සිටියා..
"දනුක අපිට O පොසිටිව් ලේ ඉක්මනට අර ළමයාට දෙන්න වෙනවා,
කොළඹට දැනුම් දුන්නට
පැය 2, 3 යනවා එන්න"
"හරි අචලා අක්කා
මං දෙන්නම් ලේ,
ඔයා රැස්ති කරන්න"
එදා මං කවදාවක් දැකරා නැති ගැහැනු ළමයෙක්ට
ලේ පරිත්යාග කලේය..
දින 4 පසුව මට ඒ රෝගියාව බලන්නට අවස්ථාවක් හම්බ උනේය..
රෝහලේ වාටුවක ඇඳක්
උඩ සිටිය ඇයව දැක්ක මා,
,
මොහොතක් වෙලා ඒ මූණ දෙස බලාගෙන සිටියෙමි..
උගුරන් හඬක් නැගු මා ඒ නෙලුම් මලක් වැනි රුවතිය අසලට ලඟ විය..
"දැන් කොහෝම ද මිස්ට"
ඇය පුදුමයෙන් මගේ මූන දෙස බලා සිටියාය..
"ඔයා මාව දන්නෑ නේ,
මම දනුක රනසිංහ,
ඔයාලාව අනතුරට පත් කර
කෙනාගේ මල්ලි" ටික වෙලාවක් මගේ දෙස බලා සිටිය ඇය,,
"ගොඩාක් ස්තුති ඔයාට"
මම පුදුමයෙන් ඇය දෙස බලා සිටියෙමි.
"ඒ මොකට ද ඔයා මට ස්තුති කරන්නේ"
"ඇයි ඔයා මගේ ජිවිතය බෙරා ගත්ත නිසා"
එදා ඉදලා මං සෑම දවසක ම ඇය බලන්න රෝහලට ගියා..
මං ඇයට ආදරය කරන්න පටගෙන තිබුනා,
ඇයගේ කතා බහායෙන් ද ඇයත් මට ආදරය කරන බව පැහැදිලි විය..
මං දිනක් ඇයට මගේ ආදරය ප්රකාශ කරන්න සිතාගෙන රෝහලට ගිය ද?
එයාගේ ඇඳ මත එයා සිටියේ නෑ,
මං වාටුවේ සිටිය නෙස් කෙනෙක්ගෙන් ඇය ගැන ඇසුවා..
හදිස්සියෙන් ම ඇයගේ නිවසෙන් ඇවිල්ලා ටිකක් කපාගෙන ගියා කියලා
කිවුවා..
මට සිතා ගැනීමට බැරි උනා ඇය පිට ව ගිය හේතුව,
නමුත් මං ඇයට කියවන්න ගෙනත් දුන් පොත් කිහිපය ඇය සිටිය
ඇඳ ලඟ මෙසෙය උඩ තියලා තිබුනා..
මං පොත් ටික අරගෙන එතනින් යන හදනවිට ම
පොත්වල ඇතුලේ තිබුනු යමක් බිමට වැටුනා,
ඒක ලස්සන මාලයක්,
ඒක ඇයගේ කරෙ දාගෙන තිබුනු මාලය බව මට මතක් විය..
ඒදා හිදලා මං ඒ මාලය මගේ කරෙ දමාගෙන සිටිය..
ඉට මාසයකට පසුව මං විදේශ ගත උනා..

ඔන්න ඔකයි මගේ විශාකාගේ කතාව,.

:ඉයේ හවස දනුක පුතා වැන් එකේ හිදලා කලුගල් කදෙ වත්තට යනවා සුදු මැනිකේත් ඇයගේ මිතුරියකු දැකලා තියනවා..
සුදු මැනිකේ හදිස්සියෙන් ම ඇවිල්ලා මට කිවුවා,

දනුක පුතා ඇයට රෝහලේ දී කරපු උදව් .
නමුත් මං දැන කත්තා සුදු මැනිකේ දනුක පුතා ගැන කියන්නේ නිකල් නොවන බව"
මම තරමක් ලැජ්ජාවෙන් කවියාගේ මූණ දෙස හොරෙන් බැලුවෙමි..
කවියාත් මගේ අත කිනුත්තුවෙය..
"සුදු මැනිකේ
ඔය හොරමන් නිවස ගැන දන්නවා,
මට කිවුවේ දනුක පුතා සහ යාලුවන්ට කරදරයක් වෙන්න ඉඩ ඇති නිසා..
මට මොනවා හරි කරන්න කියලා..
මං මගේ ගොලයන් දෙන්නෙක් සමග රෑ 11 ට විතර ඔය කලුගල් වත්තේ නිවසේ හොරමන් ඉන්නවා කියන පැතට එමින් සිටියා..
එත් අපි එතනට ලං වෙන කොට ම කවුරු හෝ නෑගසාගෙන වත්ත පහලට දුවනවා චායාවක් දැක්කා..
අපිත් ඒ චායාව පස්සේ දිවුවා,
ඒ සමග හූ 3 කුත් ඇසුනා..
මම ඉක්මනින් හොරමන් ඇති කියන කලුගල උඩ සිටිය මිනියාව අල්ලාගෙන දන මන්ත්රවරින් ඒ අබූත බලවේග පන්නා දැම්මා,.
තව විනාඩි කිහිපයක් අපි ප්රමාද උනානම් හර්ෂ පුතා ඒ කලුගලින් පහලට පනිනවා අනිවාරයෙන් ම..
මමයි මගේ සහයට සිටිය දෙදෙනායි හර්ෂව තධ කරලා අල්ලගෙන තෙරුවන් ගුණ ගායනා කරලා..
සතරවරම් දෙවිවරුන් සිහිකරලා යන්ත්ර, මන්ත්ර මතුරලා..,
හර්ෂ ලමයාගෙ සිහිය නැති උනා..
මං ගෝලයන් දෙදෙනාගේ කරපිටින් හර්ෂ ළමයාව ගෙදර පිටත් කරලා ඉක්මනින් ඔය දරුවන්ට කරදරයක් වෙන්න ඉස්සල්ලා එනකොට තමයි ඔයාලා කලුගල් පෙල ලඟ දී හමු උනේ....

ගුරුන් වහන්සේ මාමා කතාව අවසන් කරන විට
නැගෙනහිර දිසාවෙන් හිරුගේ ආලෝකය ගම්මානය එලිය කරමින් සිටියෙය..
නිවසේ දොර ඇරි
කවුරුන් හෝ මා හිඳගෙන සිටිය වත්තේ අඹ ගහ යට ඉදිකර තිබුනු බංකුව පැතට එන
අඩි හඬක් ඇසුනේය..
ඒ පැත බැලුව මා අසල සිටියේ..
තේ කොපයක් අතින්ගෙන
සුදු මැනිකේ හේවත් විශාකාය..
"ගොඩාක ස්තුති"
මම ඇයගේ මූන දෙස ආදරේ බලාගෙන කිවුවෙමි..
එක විට ම පුදුමයෙන් මගේ දෙස බැලුව ඇය,
"ඇයි ඒ"
"අපිව හොල්මන්වලින් බෙරා ගත්තට
ස්තෝපුවේ සිටිය මිතුරන් අපි දෙන්නා දෙස බලා සිනා සෙන්නට විය..
නිමි,

No comments:

Powered by Blogger.