හොල්මන් බංගලාව

 තමරාගේ උපන් ගම මාතලේ ය.කැලුම්ගේ උපන් ගම කෑගල්ලේය.දෙදෙනාම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉගෙනුම ලබන කාලයේ පෙමින් බැදුනේය.දෙදෙනාගෙ පවුල් පසුබිම් සමාන වූයෙන් .පවුල් වලින් බාධා නොවීය.

උපධිය ලබා වසරකින් පමණ දෙදෙනාටම කොළඹින් රැකියා ලැබුණි.ඒත් සමගම ඉක්මනින් විවාහ වී එකතැනකට වීම පහසු බව දෙදෙනාගේම මාපියන්ගේ අදහස විය.අලුත විවාහ පත්
දෙදෙනාම සිතුවෙ කොළඹට සමීපවම නිවසක් කුලියට ගත්තොත් කාලය ඉතිරි කරගැනීමට හැකිවන බවය.
තලවතුගොඩ අප්සෙටෙයාර් නම් හවුස් එකක් තියන බවට කැලුම් පැවසීමත් සමග තමරා එකපයින් කැමති විය. නිවස පිහිටියේ තලවතුගොඩ හෝකන්දර පාරේ සිට යාර සියයක පමණ දුරිනි. පාරට නිවස පෙනුනේ දෙමහල් නිවසක් ලෙසටය .නමුත් නිවස ඇතුලට ගිය විට පෙනුනේ එහි තට්ටු ප්‍රමාණය එයට වැඩි බවය.පාලුවට ගොස් තිබූ ගෙමිදුලෙන් ගමන්කර ආලින්දයෙන් ගෙට ඇතුලු වූ විටම තිබුනේ විශාල විසිත්ති කාමරයකි.විසිත්ති කාමරයට ඉහල තට්ටුවෙහි තවත් නිදන කාමර තුනක් පැවති අතර තවත් මෙම නිවස පරීක්ෂා කල කැලුම්ට මෙන්ම තමරාටද සිතුනේ එය මහා අමුතු සැලැස්මකට අනුව ඉදිකරන ලද්දක් බවය.

සෑම කාමරයක්ම අදුරු කහ වර්ණයෙන් පාට කර තිබුනි. නමුත් ඉදිරිපස දොරටුවෙන් නිවසට ඇතුලු වූ වහාම තමන්ට දැනී ගිය අත්භූත සීතල ගතිය තමරාට කිසිසේත් අමතක කල නොහැකි විය
පදිංචියට ආ තමරා මෙන්ම කැලුම්ට ද සැලකිලි මත් වූයේ සිය මංගල ජායරූපය තබන ස්ථානය ගැනය.."ඉස්සරහා දොරෙන් ඇතුලු වන කෙනෙකුට පෙනෙන විදියට සාලයේ මේ බිත්තිය අයිනෙ තියමු".තමරාගෙ යෝජනාවට කැලුම්ද එකග විය....
නිවසේ පදිංචියට පැමිණ දින තුනක් ගත විය. පසුදා රාත්‍රියේ නිදන කාමරයේ සිටින විට සාලය දෙසින් වීදුරුවක් පොළොවේ ගසන දැඩි හඩක් ඇසුනි.දෙදෙනා වහා පහත මහලට එන්නට වූයේ එය කුමක්දැයි බැලීමටය ..ඔවුන් දුටු දෙයින් තුෂ්නිම් භූත විය.මංගල ජායා රෑපය කුඩු වී විසීරී ගොස් තිබුනි.කොහොමද මෙහෙම බිදුනේ..දෙදෙනාටම මෙය ප්‍රශ්නයක් විය .
"මේක නිකම් කවුරු හරි තරහට පොළොවෙ ගැහුව වගේනෙ ". "මටත් සිතුනේ ඒකමයි".
තමරා බිදුනු ජායාරූපය ලී රාමුවට තබා ඔසවත්ම දැනුනේ අත්භූත සීතල පටලයක් තම වටා වෙළෙන බවය . මරණීය සීතල ඇයට දැනුණි .මෙම සිද්ධ්යත් සමග දෙදෙනාගේම සිත් කීරි ගැසී ගියෙ ඒ මංගල ජායාරූපය ක් බිදී යාම අසුබ ලකුණක් බව පිළිගැනුමක් පවතින නිසාය .
දිනෙන් දින කැලුම්ට මෙන්ම තමරාටද නිවසේ ගුප්ත ස්වභාවය දැනෙන්නට විය .සමහර දින රාත්‍රියේ පහළ මහලේ විසිත්ති කාමරයේ කතා කරමින් සිටි දෙදෙනාට තමන් සමග කිසියම් නොපෙනෙන පුද්ගලයෙකු සිටිනබවට දැනෙන්නට ව්ය .
.දිනක් රාත්‍රියේ ඔවුන්ගේදෑස පිය වී යමින් තිබුනි.නිවසේ පහළ මාලයේ ප්‍රදාන දොරටුවට කවුදො තට්ටු කරන්නාක් වැනි හඩක් ඇසීමෙන් දෙදෙනාගේම ඇස් ඇරුණි. නොනවත්වාම ඇසුනු පසු පඩිපෙළෙ දිගේ යමින් විසිත්ති කාමරයේ පොළොවට පය තබමින් දෙදෙනාටම අර මරණීය සීතල දැනෙන්නට විය. තමරා කැලුම්ගේ අතක් දැඩිව අල්ල ගත්තේය .ආලින්දයේ විදුලි පහන් දල්වා දොර ඇරියද කිසිවෙකුත් එහි නොසිටියේය.දෙර අසල කිසිවෙකු නොසිටියද ඝන මීදුමක් වැනි ජායාවක් නිවස පිටි පසට ඇදී යනු තමරා දුටුවේය.
"මට මොකක්ද වගේ කැලුම්".. එදින උදෑසන දෙදෙනාම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටින විට තමරා කැලුම්ට පැවසුවේ ඔහු දෙස අසරණ බැල්මක් හෙළමිනි.
"මොකට බය වෙන්නද ? හොදට දොරවල්වහ ගෙන ඉන්න .මොකකටවත් දොරවල් අරින්න එපා."මම පුලුවන් තරම් ඉක්මනට එන්නම්..එසේ උවද පාලු නිවසේ තමරා තනිව තැබීමට ඔහු තුල කැමත්තක් නොවීය.
තමරා එදින රාත්‍රි ආහාරය වේලාසනින්ම රැගෙන නිදන කාමරයේ දොරගුලු ලාගෙන නව කතාවක් කියවන්නට වූයෙ පාලුව මග හරවා ගැනිමටය .එදින රාත්‍රි 11.00 පසු විත් කැලුම් පැමිනියේ නැත.
පාලු රාත්‍රියේ මූසල නිහැඩියාව බිද දමමින් කාන්තාවක් යටිගිරියෙන් නගන වේදනාත්මක හඩක් ඇසුනි.එම විලාපය නැගුනෙ පහත මාලයේ බව දැනුනු තමාරා ඉතිපිසෝ ගාථාව තොල් මතුරන්නට විය .. මෙසේ විනාඩි දහයක් පමණ සිටින විට කැලුම්ගේ රිය වත්තේ ගේට්ටුව ලග නතර කරන හඩක් සමග එම විලාපය නැතිවී ගියේය.. මෙම සියලු බලපෑම් සමග ජීවිතය ගෙවනවිට දෙදෙනා දබර කල අවස්තාවන්ද බොහෝ විය .
පසුව දෙදෙනාට වැටහී ගියේ මම නිවසේ පවතින කිසියම් අත්භූත බලවේගයක් තමන් දෙදෙනා වෙන්කිරීමට දැඩි ප්‍රයත්නයක් දරන බවය. පසුව පදිංචිය මාරු කල මොවුන්දෙදෙනාට මෙම නිවසේ පැවති අතභූත සිද්ධීන් කිහිපයක් අසන්නට ලැබුනි.

එහි එක් කථාවක් වන
හිටපු පොලිස් නිලධරියෙකුගෙන් ඒ නිවස කිසිවෙකු මිලදී ගත්තේ විවාහ වූ තම පුතුගේ පදිංචිය පිණිසය.. විවාහ වී වසරක් සතුටින් ගත කර තිබුන එම යුවල අතර ගැටුම් රාශියක් හට ගන්නට විය .පසු එය කෙළවර වුයේ දික්සාදයෙනි..
මෙම නිවසේ ගත කල කිසිවෙකු වැඩි කලක් මෙහි නොසිටියේ එහි තිබූ අත්භූත බලපෑම් හේතුවෙනි.....

2 comments:

Powered by Blogger.