ගෙදර ප්‍රශ්න නිසා රට රස්සාවට ගිහින් ග්‍රීක් ජාතිකයෙක් එක්ක අනියම් පෙම් සුව විඳි 'කමණි' ජීවිතයෙන් සමුගත් හැටි ප්‍රේතියක් වී සැමියාගේ ඇඟට ඇවිත් වමාරයි

මනුෂ්‍යයන් ලෙස අප ජීවත්වන මේ ලෝකය කාම ලෝකයකි. කාම යනු කැමැත්තයි. ඇස, කන, නාසය, දිව, කය, මන යන ඉන්ද්‍රියයන් පිනවීමට, කැමති කැමති දේ ලබාදීමට ඇති කැමැත්තයි. තණ්හාව, අසීමිත තණ්හාව බවට පත් වීමෙන් මිනිසා විකෘතිතාවයට පත් කරයි. ඒ අවස්ථාවේ හොඳ නොහොඳ ගුණධර්ම යුක්තිය සාධාරණය යුතුකම් වගකීම් සියල්ල යටපත් වී යයි.


ආර්යයන් වහන්සේ නමකගෙන් ධර්මය නෑසූ, අශෘතවත් පෘතග්ජනයා මේ සලායතනවලින් නිතරම රැස් කැර ගන්නේ අහක යන කුණුමය. කුණු කන්දල්වලින් මිනිසාගේ පංච උපාදානස්කන්ධය ම චිත්ත සන්තානයට කළු, කිළිටි, දූෂිත, බවට පත්වේ. එවිට ඔහු හෝ ඇය කරන්නේ මොනවාදැයි නොකළ යුතු මොනවා දැයි නොදනී, ආස්වාදයේ ආදීනවය නොදනී. අවසානයේ සතර අපා ගතව අනන්ත දුක් විඳී.

පාලිත කිරිඳිවැල ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි පෙදරේරු කාර්මිකයෙකි. දෙදරු පියෙකි. බිරිය ඔහු අතහැර ගොස් ඇත. දැන් වසරක පමණ කාලයක සිට ඔහුගේ අතපය කොර වී වැඩක් පලක් කැර ගන්නට නොහැකිව ඇත. දැඩි සන්ධි වේදනාවකින් දුක් විඳී. වරින්වර සිහි මඳ ගතියක් ද ඇතිවේ. මේ අසනීප තත්ත්වයන්ට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් සුවයක් නොවීය. වෛද්‍ය පරීක්ෂණවලට අනුව ඔහුට රෝගයක් නැතැයි වෛද්‍යවරු කියති. බෝධි පූජා වත්පිළිවෙත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කළත් එයින් ද සහනයක් නොවීය.

අන්තිමට පාලිතගේ මව සහ සහෝදරිය ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත ඔහු කැඳවාගෙන පැමිණියහ. එහි දී අධ්‍යාත්මීය උපදේශකවරයා මුණ ගැසී පාලිතට එළඹ ඇති රෝගාබාධ දුෂ්කරතා පැහැදිලි කළහ.

ගවේෂකවරයා රෝග පරීක්ෂාවේ යෙදෙන විට පාලිත වෙවුලන්නට විය. ඔහුට අමනුෂ්‍ය දෝෂයක් ඇතැයි නිගමනය කළ ගවේෂකවරයා ඔවුන්ට දින විසි එකක් ගමේ පන්සලේ දී බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස ඊට අවශ්‍ය උපදෙස් දුන්නේය.

බෝධි පූජා අවසන් කොට ඔවුන් නැවත පැමිණි දිනයේ පාලිතගේ ශරීරයෙන් භූත ආත්මයක් දිෂ්ටි ගැන්වී කතා කරන්නට විය. ගවේෂකවරයා ඒ භූතාත්මය සමඟ ප්‍රශ්න කරන්නට වූයේය.

“කවුද මේ ශරීරයෙන් මතු වෙලා ඉන්නේ?” යි ඇසීය.
“මම කමණි” යි භූතාත්මය උත්තර දුන්නේය. ඒ සමඟ පාලිතගේ මවත් සහෝදරියත් මවිතව මුහුණට මුහුණ බලා ගත්හ.
“කවුද මේ කමණි කියන්නේ?”
“මේ පාලිතගේ නෝනා.”
“ඇයි ඔබට මෙහෙම වුණේ?” යි අසන විට ම භූතාත්මය අඬන්නට වූවාය.
ගවේෂකවරයා කමණි පිළිබඳ පාලිතගේ මවගෙන් ඇසීය.
කමණි ඉතා ලස්සන කාන්තාවක් බවත් ඇය අනියම් සම්බන්ධකම් පැවැත්වූ බවත්, අවුරුදු දහයකට පමණ පෙර ගෘහ සේවිකාවක ලෙස ‍විදේශගත රැකියාවකට ගිය බවත් කලකට පසු ඇය ගැන කිසිම තොරතුරක් නොලැබී ගිය බවත් පාලිතගේ මව කීවාය.
ගවේෂකවරයා යළි භූතාත්මයෙන් ප්‍රශ්න කළේය.
“ඔබට මොකද වුණේ?” දැන් කියන්න.”

“ගෙදර ප්‍රශ්න නිසා මම කුවෙට්වල රස්සාවකට ගියා. මම පාලිතට ලියුම් එව්වා. ඔය අතරේ මම වැඩ කළ තැන කඩයක රස්සාව කළ ග්‍රීක් ජාතිකයෙක් එක්ක සම්බන්ධයක් ඇති වුණා. රට ඇවිත් තුන් මාසයකට පස්සෙ මම ආයෙත් ලියුම් එවන්නේ නැහැ කියලා පාලිතට ලියුමක් එව්වා. ලියුම් එවන එක නතර කළා. අර ග්‍රීක් ජාතිකයා ඒ කඩේ කැෂියර්. මම බඩු ගේන්න කඩයට ගියාම කතා බස් කරලා යාළුවුණ සම්බන්ධය දුර දිග ගියා. එයා මාව ග්‍රීසියට එක්ක ගෙන ගියා. එහේදි එයත් එක්කත් ප්‍රශ්න ඇති වුණා. ඊට පස්සේ ඌ මාව විකුණන්න පටන් ගත්තා. උගේ දැඩි පරුෂ ගති ගුණ දකින කොට මට පාලිතව මතක් වුණා. මතක් වෙලා ඒ දුකට මම තනියම ඇඬුවා. මම වැරදි නිසා ඒ මතකය යටපත්කරන්න උත්සාහ කළා. අරූ එක්ක ඉන්න බැරිම තැන මීට අවුරුදු දෙකකට කලින් ග්‍රීසියෙදි මම වහ බීලා මැරුණා. මැරෙන වේලාවෙ මට පාලිතව මතක් වුණා. මම පාලිතව හොයා ගෙන ආවා. මම මැරුණු බව කවුරුත් දන්නෙ නෑ”යි ප්‍රේතිය යළිත් අඬන්නට වූවාය.

“ඉතින් ඔය ප්‍රශ්න එනකොට ඔබට ආපහු ලංකාවට එන්න තිබුණ නේද?” යි ගවේෂකවරයා ඇසීය.‍

“මගේ හැම දෙයක් ම නැති වුණා. හිස් අතින් ආපහු ඇවිත් මම මොනවා කරන්නද? කා ළඟට යන්න ද? මගේ වැරදි ගැන වේදනාවට පත්වෙලයි වහ බිව්වේ.”

“ඔබට කෝල් එකක්වත් පාලිතට දෙන්න හිතුණේ නැද්ද?”
“නෑ මම ඒකටවත් සුදුසු නෑ කියලා හිතුණා.”
“දරුවො දෙන්නා ගැන?”
“අමතක කරලයි හිටියේ.”

“ඔබ මෝඩයි. රාගයෙන් අන්ධ වෙලා මත්වෙලා මේ රටේදිත් වැරදි කළා. රට ගිහිල්ලත් වැරදි කළා. ස්වාමි පුරුෂයාටත් වැරදි කළා. දරුවන්ටත් වැරදි කළා. දැනුත් මේ අයට කරදර කර වැරදි කරනවා. එක වරද දෙවරක් කරන්න ඉඩ දෙන්න බැහැ. මා ළඟට පිහිට හොයා‍ගෙන ආ අය සුවපත් කිරීම මගේ යුතුකම.”

“මට දැන් තේරෙනවා. මගේ වරැද්ද බව මම පිළිගන්නවා.”

“ඔබ නිසා දැන් පාලිතට රස්සාව කර ගන්නත් නැහැ. දරුවන් දෙන්නටත් කරදරයි දුකයි. ආස්වාදයේ ආදීනවය නොදන්නාකම හිතාගන්න බැරිකම,හේතු ඵල දහම නොදන්නා නිසා ඔබ අමාරුවේ වැටුණා. දුකට පත් වුණා. දැන් ඔබ ප්‍රේතියක්. දැන් ඔබ කමනී නොවෙයි.” ගවේෂකවරයා කියන විට ප්‍රේතිය මහත් වේදනාවට පත්ව අඬන්නට වූවාය.

“ඔබ ආගම දහම ගැන දන්නවාද?” ගවේෂකවරයා යළි ඇසීය.
“ඔව් මම බුද්ධාගමේ”
“ඒක තමයි වරද. වැඳ වැඳ පුද පුද යැද යැද ඉන්න බුද්ධාගමෙන් වැඩක් නැහැ. බුදුදහමයි අවශ්‍ය. දැනගන්න ඕනෑ. බුදු දහම දැන ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ.”

මේ ප්‍රේතියට අනුකම්පා‍ කොට ගමේ පන්සලට දන් අඩුක්කුවක් පූජා කොට කමනී සිහි කර පින් අනු‍මෝදන් කර නැවත එන්නැයි ගවේෂකවරයා පාලිතට උපදෙස් දුන්නේය.

දානය පිරිනමා පින් අනුමෝදන් කොට ඔවුහු නැවත පැමිණියහ.

දානයේ කටයුතු අවසන් කොට ඔවුහු නැවත පැමිණියහ. එදින ද ප්‍රේතිය දිෂ්ටි ගැන්වීය.

“මම වගේ වැරදිකාරියකට දානයක් දී පින් අනුමෝදන් කරන්න තරම් උත්තම පුරුෂයෙකුට මම කරදර කරන එක වැරදියි. ඒක මතක් වෙන කොට මාව දැවෙනවා. අනේ මාව හොඳ තැනකට යවන්නැ” යි ප්‍රේතිය කීවාය.

පලතුරු වට්ටියක් ‍ගෙන්වා ප්‍රේතිය ඊට සම්බන්ධ කොට කැලණියට යැවීය.

මතුගම මහින්ද විජේතිලක

2 comments:

Powered by Blogger.