මරණාසන්න මොහොතේ අනිල්ගේ අත්දැකීම

මේ සිද්ධිය වෙන්නේ 2015 දෙසැම්බර් 24 වෙනිදා , එදා අනිල්ට එක පාරටම පපුවේ අමාරුවක් හැදිලා මහනුවර මහා රෝහලේ නේවාසිකව ප්රමතිකාර ලබාගන්න සිද්ධ වෙනවා. කීප දවසකින් අනිල් ගෙදර ආවාත් නිතර නිතරම මේ පපුවේ අමාරුව එන්න ගත්ත නිසා පුද්ගලික රෝහලක වෛද්යයවරක්ගෙන් බෙහෙත් ගන්න පෙලබුන නමුත් එක් පරීක්ෂණයක් සඳහා මහනුවර මහා රෝහලේ වෙටීන් ලිස්ට් එකේ ඉන්න සිද්ද වුණා. 2016 මැයි මාසයේ දිනයක් අනිල් වෙනුවෙන් වෙන් කකරගත්ත නමුත් එක දිගටම මේ පපුවේ අමාරුව වැඩි වෙන නිසා අනිල්ගේ නෑයෙක්ගේ මැදිහත්වීම මත කොළඹ ආසිරි රෝහලට ගියා.
එතනින් පරීක්ෂණය කරගත්තත් , අනිල්ගේ තත්වේ ඉතාම අවදානම් මට්ටමක තිබුන නිසා පහුවදාටම මේ අනිල්ව පරික්ෂා කරපු දොස්තර සැත්කමකට භාජනය කරන්න නියම කලා. නවීන තාක්ෂණයට පිහිට වෙන්න අනිල්ට වැඩි දරුණු කැපීම් සහිතව සැත්කමට භාජනය වෙන්න වුණේ නැහැ. සාර්ථකව සැත්කම අවසන් වුවත් එය අවසානය වුනේ නැහැ. සැත්කම අවසානයේදී දැඩිසත්කාර ඒකකකයට ඇතුල් කල නමුත් හදිසියේ එදින රාත්රීසදී අවාසනාවන්ත සිදුවීමකට මුහුණ දෙන්න වෙයි කියලා කව්රුත්ම නොසිතන්නට ඇති. එදින රාතීර් වදී අවාසනාවන්ත ලෙස අනිල්ට සවි කර තිබුණු ස්වසනආධාරක මැෂින් එක නවතිනවා! කුමක් වෙන්න ඇද්ද ඊටපස්සේ ???

අවාසනාවන්ත ලෙස මේ වුණ සිදුවීම නිසා මුළු දැඩිසත්කාර ඒකකයම කලබල වෙන්න ගියේ තත්පර කිහිපයකි. කඩි ගුලක් ඇවිස්සුන සේ එහාට මෙහාට දුවන දොස්තරලා හෙදියෝන්ගෙන් මුළු ඒකකයමපිරිලා. වහාම යලිත් විවෘත හෘද සැත්කමකට භාජනය කරන්නේ අනිල්ගේ ජීවිතය බේරාගැනීමේ අරමුණෙනි. හදවත් සිරුරෙන් එලියට ගෙන සැත්කම කරන අතරතුර අනිල්ගේ මනෝකය අනිල්ගේ සිරුරෙන් අයින් වෙලා වෙනමම සිහින ලෝකයකට යන්නේ මේ අවස්ථාවෙදිය , අනිල් ඒ පිලිබඳ හඬ අවදි කලේ මෙන්න මේ ආකාරයටයි.

“එක පාරටම මාව එක තැනකට ඇදිල ගිය වගේ දැනුනා මව නිකන් හරහට පාවෙනවා වගේ දැනුනේ මට , එක බොරළු පාරක්, ඒ පාරට උඩින් හරිම අඳුරු ගරවටුන ගෙයක් තිබ්බ මව ඒ ගෙට ඇදිලා ගියා, එවුනාට මාව කව්රුහරි ඒ පැත්තට යන්න නොදී අදිනවා වගේ දැනුන නිසා මම එතනින් වෙන තැනකට පාවෙලා ගියා. මාව මගේ පාලනයෙන් මිදිලා ලොකු සනීපයක් එක්ක තමා මාව පාවෙලා යන්නේ, කොහොමහරි මව පාවෙලා ගියා ලොකු පිට්ටනියකට ගොඩක් සෙනග හිටියා. ඒ අතර ඒ පිට්ටනියේ කොනක මගේ පවුලට සමීප කෙනෙකුත් හිටියා. මම එයාට කතා කලා. ඒ ගමන් ද දැක්කා ඒ ලගම පොඩි ළමයෙක් වැටිලා ඉන්නවා හැබැයි ලගට ගිහින් බලද්දී ඒ දම්පාට බෙහෙත් දාපු බලු මලකුනක් , එතනිනුත් මාව පාවෙලා මම දැන් පදිංචි ගෙදර ගාවට ආවා. නමුත් මම දැක්කේ 80 ගණන්වල ඒ ප්රනදේශේ තිබ්බ විදිහට. කොහොමහරි ලොකු සෙනගක් රැස් වෙලා හිටයා ගෙදර ගාව. මගේ පවුලේ අය, යාලුවෝ තවත් ගොඩක් අය. එතකොටම හරි පින්වන්ත මුණක් තියන වයසක සිය කෙනෙක් ඇවිත් එයාගේ සැරයටියෙන් මාව මගේ ගෙදරට එක්කන් ගියා. දැන් මට දැනෙනවා මගේ කකුල් බිම වදිනවා . ඔව් මට ඇවිදින්න පුළුවන් දැන්. මගේ බිරිදයි දරුවොයි ගෙදර දොරකඩට වෙලා බලාන ඉන්නවා මං එනකම්. මම ගේ ඇතුලට යද්දීම ලොකු දීප්තිමත් සුදු පාට එළියක් දැක්කා.”

මෙන්න මේ විදිහට තමා අනිල් තමන්ගේ මරණාසන්න අත්දැකීම දිගහැරියේ. අනිල් මේ ගැන හෙදියක් අතින් කිව්වම ඒ හෙදිය මෙන්න මෙහෙම කියලා තියනවා. මුලින්ම දැක්ක අදුරු ගේ ඇතුලට ගියා නම් ඒ අවස්ථාවේදී අනිල්ගේ ජිවිතයේ අවසානය වන්නට ඉඩ තියනවා. තව අර බලු මලකුනෙන් කියවෙන්නේ ප්රේිත ආත්මයක් ගැන. අන්තිමට සුදු ආලෝකයක් එක්ක ගෙදරට ආවා කියන්න සැත්කම අවසානයේදී හදවත නැවත ශරීරයට සම්බන්ද කල මොහොත කියලා මේ හෙදිය කියල තියනවා. කොහොම හරි අවසානයේදී අනිල් මස 3ක් වැනි කෙටි කාලයකින් සුව අතට හැරෙනවා.
කතාව ගැන ඔයාලගේ කොමෙන්ට්ස් දෙන්න,

මේ මරණාසන්න අත්දැකීම් ගැන බෞද්ධ දර්ශනයට අනුවද, මනෝවිද්යාතවට අනුවද සත්යටක් ලෙස තහවුරු වෙන්වා,

2 comments:

  1. me kathawa maru...mama youtube chanal ekak karanawa ekata me kathawa gaththata kamak nadda...

    ReplyDelete
  2. Very nice sstory 👍👍👍👍

    ReplyDelete

Powered by Blogger.