මරනයේ මාවත

 මම චානු මමයි ශානුකය යි ෆට්ට බොක්කල දෙකක් තමා ටෙක් කෝස් එකේදි සෙට් වුන බොක්කක් ශානුකය කියන්නෙ කොහොමහරි ටෙක් එකේ ඉන්න කාලෙත් එකටම තමා අපි දෙන්න තියන තියන ජරා වැඩ ටික ඔක්කොම කරෙ 😂🔨
දැන් කොහොමහරි ටෙක් ඉවර වෙලා නිවාඩු දවසක් අල්ලල මම මේශානුකයලගෙ ගෙදර යන ගමන් ඉන්නෙ ශානුකය මාතර මම අවිස්සාවෙල්ලෙ මම හරියට දන්නෙත් නැති පැත්තකට යන්නෙ මම මේ....

කොහොමහරි දවල් මම බස් ස්ටෑන්ඩ් එකට ආවෙ 6.00 ට මාතරට යන බස් එකක් තියනව අවිස්සවෙල්ලෙන් 1.00 ට විතර කියල ශානුකය කිව්ව නිසා ....

මගෙ කරුමෙට මම ස්ටෑන්ඩ් එක ගාවටම එනකොට මාතලේ , මාතර බස් එක යනව පෙනි පෙනි...

දැන් අවුලක් නෑ මොනා කරන්නද කියල ඇබිලිපිටිය කොලබ බස් එකක රත්නපුරට ගිහින් රත්නපුරෙන් මම මාතර රත්නපුර සරත් එක්ස්ප්‍රස් කියල බස් එකක නැග්ගෙ...

මේක කොටන කෙටිල්ලට යන්න වෙන්නෙ නෑ අදනම් කියල මට හිතුනෙ ටික දුරක් යනකොට...

අහ් ශානුකයගෙන් කෝල් එකක් ...

ආ මචන් ඔවු දැන් එන ගමන් ඉන්නෙ , දැන් 4.21 යි නෙ බන් කොහොමත් තව පැය දෙක හමාරක් තුනක් යයි බන් මාතරට කිට්ටු වෙනකොට, තාම ඉන්නෙ ඉන්නෙ කහවත්තෙ ඕයි , නෑ නෑ ඒ බස් එක අල්ලගන්න බැරිවුනා බන් දැන් මේ මේ සරත් එක්ස්ප්‍රස් කියල එකක ඉන්නෙ මාතර රත්නපුර , අවිස්සාවෙල්ලෙ ඉදන් රත්නපුරට ආව බස් එකටත් වැඩිය කොටනව බන් මේක එපා වෙලා ඉන්නෙ , අහ් හරි මචන් එල මම බැහැල කෝල් එකක් දාන්නම්, හරි බන් බායි...

6.30 යි දැන් ඉන්නෙ මාතර ශානුකයට කෝල් එකක් දාන්න ඕන...

ආ මචන් ශානුකය මාතර ඉන්නෙ වරෙන් බයික් එකෙන් මාව ගන්න, මොකක් , අඩෝ බන් පිස්සු කෙලින්න එපා බයික් එක කැඩුනෙ කොහොමද බන් අයියෝ , යකෝ මං කොහොමද බන් එන්නෙ දන්නෙත් නෑ අනික කරුවලත් වෙලානෙ හු@# දැන් , ශික් හ්ම්ම් කරන්න දෙයක් නෑ නෙ දැන් පාර කියහන් පන්සල් පාරද අහ් හරි හරි එන්නම් බන් එන්නම් ...

මේ ප#@ මාව ෆට්ට අමාරුවකනෙ දැම්ම් ශිට් දැන් ඉතින් හොයපන්කො පන්සල පාර ඉස්සරහ පාක් එකෙන්වත් අහනව...

අයියෙ පන්සල පාර තියෙන්නෙ කොහෙද ? වීල් එකේ පොර කිව්ව ඔරලෝසු කනුව ගාවින් ඉස්සරහට ගියාම පාරෙන් ඇතුලට හම්බෙනව පාරක් ඒකෙ යන්න කියල මාත් හා කියල එතනින් ආව....

අහ් මේ තියෙන්නෙ ඔරලෝසු කනුව මේක වෙන්න ඇති පාර අම්මෝ ෆට්ට පාලුවක්නෙ යකෝ තියෙන්නෙ මේකෙ 😨 හොල්මනුත් ඇතිද දන්නෙනෑ උට්ට අවුලක් නෑ යනව ඕන එකක් කියල...

පාරෙ මග දුරක් යනකොට තමයි මට තේරුනෙ මම කරගත්තෙ මෝඩ වැඩක් කියල ෆට්ට පාලුයි පාර මොන බල්ලෙක්වත් නෑ යකෝ මේ වගේ දුශ්කර තැනක කොහොමද මන්ද ශානුකයල ඉනනෙ ශික්...

ඔහොම හිත හිත මම ඉස්සරහට යනකොට ... අයියෝ තුංමංහන්දියක් ශික් අරූ කිව්වෙ කෙලින්ම පාර තියෙන්නෙ ගෙදට්ට කියලනෙ මෙහෙම කතාවක් කිව්වෙ නෑ නෙ ඌ ශිට් මෙතනින් කොහෙටද දන්නෑ යන්නෙ අරූට කෝල් එකක් දාන්න ඕන බලන්න වෙලාවත් 8.04 යි 😨...

මගෙ බය තවත් වැඩි වුනෙ පහලින් ගලන් යන ගගේ සද්දෙට... හරියන්නෙ නෑ දැන්නම් කෝල් එකක් ගන්නම ඕනි මේකෙ තව වෙලා හිටියොත් නම් යක්කු ගහල මැරෙන්න වෙන්නෙ...

අනේ අපොයි සිම් දෙකම ඉමෙග්‍රන්සි කෝල් ඔන්ලි මොන විකාරයක්ද මේ යකෝ සිග්නල් බිදක්වත් නෑ නෙ , හරි ඉතින් කොහොමත් ලග පාත මිනිස් පුලුටක් නෑ නෙ ඉතින් සිග්නල් ටවර් එකක් නැතුව ඇති මේ පැත්තට වටේම තියෙන්නෙ වගා කරාපුවයි හේනුයි ගගකුයි විතරනෙ...

මම ආපහු හැරිල ටවුන් එකට යන්නත් හිතල ඕන මගුලක් කියල තුම්මං හන්දියේ මැද්දෙ පාරෙන් ඉස්සරහට ගියා ....

යකෝ විනාඩි 5 ක් විතර ආව ගෙයක්වත් නෑ නෙ ආසවට පාර දිගේම වගාබිම් විතරයි මොකක්ද මේ හොල්මන් වගේනෙ...

දැන්නම් මම හිටියෙ හොදටම බය වෙලා ඒත් එක්කම පිටිපස්සෙන් කරස් ගානව ඇහුන සද්දෙට මම පස්ස බලද්දි සුදුම සුදු හාවෙක් පාර මාරු වෙනව මම ඉන්නව ගානක්වත් නෑ ඌට 😱....

යකෝ මොන මගුලක්ද මන්ද කියල මම ඉස්සරහට යනකොට ආය හාවෙක් පාර මාරු වෙනව, මෙතන මොකක්හරි අවුලක් තියනව කියල මට තේරිලා තිබ්බෙ දැන්නම්...

ඒත් ඔක්න එකක් කියල ඉස්සරහට යනකොට යකෝ ආය තුංමංහන්දියක් නේද 😱😱😱

යකෝ මේ මොකක්ද වෙන්නෙ මේ කලින් හම්බුන තුංමංහන්දියමයි මේ නුග ගහ, මේ වාඩිය මේව ඒ විදිහමයි මොකක්ද මේ වෙන්නෙ මම එක තැන කැරකෙනවද...

මම ආය ෆෝන් එක අතට ගත්තෙ වෙලාව බලන්න දෙයියනේ 8.49 යි ... 9 ටත් කිට්ටුයි මං මොකද කරන්නෙ දැන් සිග්නලුත් නෑ ෆෝන් එකට අයියෝ ....

මම ඕන දෙයක් වියන් කියල තුංමංහන්දියේ මම ගිය පාරෙ නෙමෙයි අනිත් පාරෙන් දිව්ව එහෙම දුවනකොට එක පාරට කකුල උඩට කිලෝ 50 ක විතර බරක් වැටෙනව දැනිල මම පස්ස බලනකොට....

දෙයියනේ මෙච්චර පොඩි හාවෙක් මෙච්චර බර මට තව මොනවත් හිතන්න ඉද නොදීම හාව බලන් ඉද්දිම හරක් පැටියෙක් ගානට ලොකු වුනෙ මගෙ ගතම අප්‍රාණික කරමින්....

මම බලන් ඉද්දි හරක් පැටියෙක් ගානට ලොකු වුන හාව මගෙ පැත්තට එනකොට තමයි ජිවිතේ පලවෙනි වතාවට මට දැනුන මරන බය කියන්නෙ මොකක්ද කියල ....

ඒ වෙලාවෙ උසේන් බෝල්ට් හිටියනම් පොරත් පරදිනව ම්ගෙ දිවිල්ලට ඒක ශුවර් මම කොහොම එහෙම දිව්වද කියන්න මටවත් තේරෙන්නෙ නෑ ඒත් ...

දෙයියනේ ආය අර තුංමංහන්දිය නේද මොනාද මෙ වෙන්නෙ අයියො ශානුක උබ මාව මොන අමාරුවකද මේ දැම්මෙ ඒ අස්සෙ අර හාවත් පන්නනව මගෙ පස්සෙ අනේහ් ....

හැමදේකින්ම විඩාබර වෙලා මම දිව්වෙ පිස්සෙක් ගානට දයිවයේ සරදමකට වහේ ගලක කකුල ටැපලිලා අදගෙන වැටුනෙ තුංමංහන්දියේ මැද්දෙ...

එවලෙ මම ඇස් දෙක පියාගත්තෙ මේ ජීවිතේ අවසාන මොහොත කියල හිතන් 😞....

ඒත් එක පාරට අවුරුදු 65 ක් වගේ කියල හිතන්න පුලුවන් අංකල් කෙනෙක් කොහෙන්ද මන්ද ඇවිත් මාව නැගිට්ටවනකොට මම කල්පනාකරෙ මොනාද මේ වෙන්නෙ මේ කවුද කියල..

එවලෙ අර මම පස්සෙන් ආව හාව හිටියෙත් නෑ මොකුත් නෑ අර අංකල් මගෙන් ඇහුව කොහෙද යන්නෙ මේ රෑ මේ ගමේ කෙනෙකුත් නෙමෙයි නේද නොදන්න පාරවල්වල ඔහොම යනවද කියල....

මම කිව්වෙ යාලුවෙක්ගෙ ගෙදර යනව අංකල් ඔයා කවුද මොනවද මෙ වෙන්නෙ මාව බේරගන්න කියල මම ඔක්කොම ඒ සීයට කිව්වම එයා හිනාවෙලා කිව්වෙ...

පංසල පාර කියන්නෙ මේක නෙමෙයි මේ වෙන පාරක් ලොකු ගංවතුරක් ඇවිත් මේ ගමේ මිනිස්සු වගා කරල තිබ්බ වගා, ඒ මිනිස්සු ජීවත් විච්ච ගෙවල් ඔක්ලොකොම විනාශ වෙලා ගියා...

ඒ දුකට ගොඩක් මිනිස්සු පවුල් පිටින් සියදිවි හානිකරගත්ත දැන් මේකෙ වගා කරනව විතරයි ඒකත් දවල්ට විතරයි ...

ගොවියොවත් රෑට මේකෙ නවතින්නෙ නෑ අදුරු ආත්ම හොද ආත්ම සැරිසරනව මේ ගම හැම තැනම ඔයාගෙ පස්සෙන් හාවෙක් වගේ එන්න ඇත්තෙ ඒ අදුරු ආත්මයක්...

හොද ආත්ම කරන්නෙ අදුරු ආත්ම වලින් මිනිස්සුන්ව ගලවගන්න එක නැත්නම් එයාල ඒ අදුරු බලවේග වලට ගොදුරු වෙනව ...

මගෙ ගතම සීතල වෙලා දහඩියෙන් තෙත් වෙද්දි මම එයාට කිව්වෙ අනේ මාව බේරල දෙන්න අංකල් කියල විතර ඒ අංකල්ගෙ තොරතුරු අහන්නත් සිහියක් තිබ්බෙ නෑ මට එවලෙ මගෙ හිතේ තිබ්බෙ මරනබය විතරමයි...

පස්සෙ ඒ අංකල් ඇහුවෙ ඔයා තුංමංහන්දියේ ගියෙ ඇයි ආය ආපු පාරෙ හැරිල යන්න තිබ්බනෙ කියල අස්සෙ තමයි මට මීටර් වුනෙ යකෝ ඔවුනෙ කියල පස්සෙ ඒ අංකල් මාව මහ පාර ගාවටම ගෙනත් ඇරලුව...

ටවුන් එක දකිනකොට මම නිකන් වෙනම ලෝකෙක ඉදන් මනුස්ස ලෝකෙට ආව වගේ ඇගීමක් ආවෙ එතකොට තමා මතක්වුනෙ මාව එක්කන් ආව අංකල්ට ස්තූති කරල එයාගෙ විස්තර දැනගන්න ඕන කියල එහෙම හිතල මම පිටිපස්ස බැලුවෙ අංකල්ට තෑන්ක්ස් කියන්න....

දෙයියනේ මනුස්සයෙක් තියා මනුස්සයෙක් හිටිය සලකුනකත් නෑ පිටිපස්සෙ ඒ තප්පරේට එච්චර වයස කෙනෙක්ට කොහෙටවත් යන්න විදිහකුත් නෑ ...

හැම දෙයක්ම මනසට වදදෙනකොට මට දැනුනෙ මගෙ වටේම කරුවල වෙනව වගේ විතරයි....

චනූ නැගිටපන් එ නැගිටපන් දැන් අවුලක් නෑ නෙද උබට ඒහ්....

ඒ බන් මම මේ කොහෙද ඉන්නෙ. අඩෝ ශානුකය උබ කොහොමද ? මොකක්ද බන් මෙතන වුනෙ කියහන් මට ප්ලීස් බන්...

පස්සෙ ඌ කිව්වෙ මම රෑ ආවෙ නැති නිසා උන් මාව හොයාගෙන එනකොට මාව හම්බුනාලු පන්සල පාරට එහා පැත්තෙ පාලු පාර ලග වැටිල ඉදල ඒ පාරෙ යන්නෙ නැහ්ලු මෙලෝ මනුස්සයෙක් රෑට අර අංකල් කිව්ව විස්තේරමයි ශානුකත් මට කිව්වෙ...

පස්සෙ මම උට කිව්ව ඒ අංකල් ගැන වුන හැම දෙයක්ම කිව්ව ශානුකල එක්ක...

එතකොට එයාලගෙ අම්ම කිව්වෙ ඒ හම්බුන අංකල් හොද ආත්මයක් වෙන්න ඇති ඒකයි ඔයා මෙහෙම බේරුනෙ නැත්නම් අද ඔයා මෙතන නෑ කියල...

එතකොට මට දැනුනෙ බයටත් වැඩිය දුකක් අර අංකල්ට මට ස්තුතියි කියන්නවත් බැරි වුන එක ගැන

1 comment:

Powered by Blogger.