අවුරුදු ආදරය

 බංඩාර සීයා අපේ තාත්තාගේ පැත්තෙන් නෑදෑ සීයා කෙනෙක්..
මගේ කැමතිම සීයා කෙනෙක්, හැබැයි කොච්චර කතා කිව්වත් මේ කතාව කියන්නේ, දැන් මට අවු 22ක් උන නිසා වගේම, මාත් පොලිසියට බැදෙන්න ඉන්න නිසා මේ රැකියාවේ තියෙන අමාරු දේවලුත් මතක් කරලා දෙන්න කියලයි සීයා නම් කියන්නේ... හපොයි අමතක උනා , මම අසිත කැලුම් බංඩාර මම තමයි දැන් මේ කතාව ඔයාලට ලියන්නේ...මං ගැන නම් වැඩක් වෙන දෙයක් නෑ සීයා කිව්ව විදිහට ඔන්න මම දැන් කතාවට බහින්නයි යන්නේ.


(මෙතනින් එහාට මේ කතාව සීයාම ලියන විදිහටයි යන්නේ හරිද ?? ඒකෙන් ඔයාලටත් ටිකක් මේක ඇතුලට ආවා වගේ දැනෙයි...)

ටොක් ටොක් ටොක් ...
සර් සාජන් සිරිල්
එනවා එනවා සාජන්.. මොකද ??

සර් අර විස්තර හොයන්න කිව්ව ගෑණු ළමයා ඉදලා තියනවා ඉස්සර අර පොල් වත්ත ගාව පරණ වලව්වේ නම්.. හැබැයි කාලෙකට කලින් ඒ කෙල්ලට වෙච්ච දෙයක් නැති වෙලා.. කට්ටියනම් කියන්නේ කෙල්ල කාත් එක්ක හරි පැනලා ගිහින් කියලා

(හෑ මූ මොකක්ද මේ කියන්නේ මම ඊයේ උදෙත් දැක්කනේ..)

එහෙමද හරි මං වලව්වට ගිහින් බලන්නම්
...

මම බංඩාර
මේ ගමේ පොලීසියට අලුතෙන් ආපු ස්ථානාධිපතිවරයා...
වැඩ බාර අරන් මාසයයි..
මේ යන්පොළ පොලීසියට ආපු කාලේ ඉදන් මගේ හිත වද දෙන්නේ එක දෙයක් ගැන..
ඒ ඉද හිට දකින කෙල්ලෙක් ගැන.. මං දිහා බලලා හිනා වෙනවා විතරයි.. මම ඇයව බලන්න හිතලා වාහනේ නවත්තලා යද්දි ඇය හොයාගන්න බෑ...

පුදුම ලස්සනක් ඇස් දෙක දුබුරු පාටයි,
කොණ්දේ දිගයි, ඇහි බබ මහතයි, මූණ රවුම්
හිනාවෙද්දි එක් පැත්තක් වල ගැහෙනවා...
කියද්දිත් පපුව සීතල වෙනවා.. ඒ තරම් ලස්සනයි ...

මං මේ විස්තර කිව්වේ වෙන මොකටවත් නෙමෙයි..
සාජන් සිරිල්ට එයා ගැන හොයලා බලන්න චිත්‍රය ඇදලා දුන්නේ මේ විදිහට තමයි.. අපේ අපරාද අංශයේ මිනිස් රූප අදින කෙනාට කියලා...
ඒත් මේ බූරුවා පැනලා ගිය එකියක් ගැන නේ කියවන්නේ...

මොනා උනත් ගිහින් බලනවා වලව්ව..
මම එදාම දවල් වෙද්දි ගියා වලව්වට කොස්තාපල් ජයන්ත එක්ක. ජයන්ත ටිකක් අමාරු කාරයා මිනිස්සුන්ගේ කතා වලින්, මූනේ ඉරියව් වලින්, මිනිහට ඉක්මනට හොර අල්ලන්න පුලුවන් ඒ වගේම වචන එලියට ගන්නේ සට සට ගාලා ඉතින් මේ වගේ දේකට අරන් යන්න සුපිරිම පොර මිනිහා තමයි...

අපි ගියා වලව්වේ ඇතුලට ගේට්ටුවත් ඇරගෙන...
අවු.. 35 ක වගේ කෙනෙක් හිටියා එලියේ පුටුවට වෙලා...
ජයන්ත ගිය ගමන්..

මහත්තයා මෙහෙ මෙන්න මේ පොටෝ එකේ ඉන්න ගෑනු ලමයා දන්නවා ද ???

කණ්ණාඩිය අතට අරන් දමා බැලූ ඔහු මද වෙලාවක් නිශ්ශබ්ද විය..
නෑ නෑ ඔහු කීවේ අමුතු ස්වරයෙනි..
ජයන්තට එය ඇල්ලුවේ නැති බව මට තේරුනි..
ආහ් එහෙමද ..
ආපහු පාරක් බැලුවනම්

මිනිහගේ මූණේ හීං දාඩිය දාන හැටි මටත් පෙනුනි .. නෑ කිව්වොත් අවුලක් වෙන බව ඔහුට තේරෙන්න ඇති..
එකපාරටම.. දන්නවා දන්නවා ...
මට මේ එකපාරටම අදුරගන්න බැරි උනා නොවැ.. මේ අපේ ගෙදර වැඩ කරපු කෙල්ලෙක් මහත්තයා ඕකි පැනලා ගියානේ මේ පොල් ගන්න ආපු මුදලාලී කෙනෙක් එක්ක...

ඇයි මහත්තයා හොයන්නේ මේ කෙල්ල ???

අපි හිර වුන තැන එයයි...
මම ,මේ මේ කියන කොට ,ම ජයන්ත
මේක රහසිගත වැඩක් ඔබතුමාට තොරතුරු දෙන්න බෑ..
හරි හරි මහත්තයා මං නිකන් ඇහුවේ තරහා ගන්න එපා...

මහත්තයා ඒ කෙල්ලගේ පිංතූරයක් එහෙම නැද්ද ?? මම ඇසුවෙමි ..
ඒකනම් මතක නෑ මහත්තයා.
කියූ සැනින් ජයන්ත පොඩ්ඩක් බැලුවනම් හොදයි නේද නැත්නම් අපි බලන්නද ඇසූ සැනෙන් ඉන්න ඉන්න කියා ඇතුලට ගියේය...

ඔහු ගිය සැනෙන් ජයන්ත මා වෙත ඇවිත් පැවසූයේ මේ කෙල්ල අතුරුදන් උන නිසා මිනිහා බය වෙලා ඉන්නේ.. අපිට ඕන විස්තරයක් මූ දෙනවා මහත්තය....

ඒත් ජයන්ත මේ මම හොයන කෙල්ල වෙන්න බෑනේ.. මම ඒ කෙල්ල අද උදෙත් දැක්කානේ..

හරි මහත්තයා ආපහු ගමට ඇවිල්ලා ද දන්නේ නෑනේ මේ මනුස්සයා ගමෙන් එලියට එන්නේ කලාතුරකින් මාසෙට ඕන බඩු ටික ගන්න විතරයි ඒකා දන්නේ නෑනේ කෙල්ල ගමේ ඇවිල්ලා හිටියත්...

විනාඩි 5 කට පමණ පසු...
පොටෝ එකක් ගෙනත් අතට දුන්නේය..

හප්පදබොල
(මගේ හිත අල්ලගත්තේ පැනලා ගිය කෙනෙක්ද )....
මම පොටෝ එක අතට දීලා , මේ අපි හොයන කෙනා නෙමෙයි බොහොම ස්තූතී කියා ජීප් එකට නැග්ගේය....
මහත්තයා එයා නෙමෙයිද ??
නෑ ජයන්ත මම ජයන්තටත් බොරුවක් කියා කල්පනා කලේ මේ සිද්දිය ගැනය ...
කෙල්ල පැනලා ගියපු මනුස්සයා අත් ඇරලවත්ද, ඒත් මේ වගේ ලස්සන කෙල්ලෙක්, කෙල්ල මනුස්සයා එක්කම ඇවිල්ලා ද ..
එක්කෝ මේ ඒ කෙල්ලගේ නංගි කෙනෙක්වත්ද ප්‍රශ්න ගොඩකි...

සර් මොකක් හරි ප්‍රශ්නයක් ද ??
(මේ ජයන්තයානම් මල ඇණයකි මූට මූණේ ඉරියව් සූම් වෙලා පේන්න..)
ජයන්ත ඒ පොටෝ එකේ හිටියේ හොයන කෙල්ල තමයි.. ඉතින් සර් කියන්න එපැයි කලින්..

වැඩක් නෑ බං මං හෙව්වේ ඒ කෙල්ලට හිත ගිහින් ඒත් පැනලා ගිය කෙල්ලෙක් වැඩක් නෑනේ බං.. වැඩේ කියන්නේ මං අද උදෙත් දැක්කා ඒකයි ප්‍රශ්නේ.. මං හිතන්නේ කෙල්ල ආපහු ගමට ඇවිල්ලා ..

අපරාදේ සර් අපිට පැනලා ගියේ කොයි කාලෙද කියලවත් අහ ගන්න බැරි උනානේ.. සර් නෑ කිව්ව නිසා මං අත් ඇරියේ..
කමක් නෑ ජයන්ත වැඩක් නෑනේ ඒකෙන් දැන්..සර් මං ඒ උනාට ඒ ගැන හොයාලා බලන්නම් ඕන්නම් ටිකක්...

පසු දින හවස...

සර් මම අර කෙල්ල ගැන හෙව්වා දැන් අවුරුදු 3කට කලින් කෙල්ල පැනලා ගිහින් කියන්නේ.. ඊට පස්සේ කවුරුත් ඇහැටවත් දැකලා නෑ සර්..

මාර ප්‍රශ්නයක් නේ මොකක්ද ඒ හරුපේ ?
එතකොට මං දැක්කේ කවුද ?
ප්‍රශ්න නම් ඔලුවේ සීයකටත් වඩා ඒ මූන හිනාව මැවි මැවී ඔලුව විකාර කලේය...

.......................................................................

ඔයාලා බලාපොරොත්තුවෙන් ඉන්න දිනේ උදා විය...

මම ආයෙත් අර කෙල්ලව දැක්කා..
හැබැයි අදනම් කෙල්ලෙක් පාරේ ඉන්න වෙලාවක් නෙමෙයි..
වෙලාව රෑ 10.00 මම පාර්ටියකට ගිහින් කාමරේට යන ගමන් තනියම හිටියෙත් මට හිතුනා කතා කරන්න අදනම් කොහොම හරි..
මම ලගට යද්දිම නොසිතූ විදිහට එයා අත දැම්මා වාහනේට මම නැවැත්තුවා.. සර් කොහෙටද යන්න.. මම ඇයි කියාලා ඇහුවා සර් මම යන්නේ වලව්ව ලගට ඇය කී සැනෙන් මාත් යන්නේ ඒ පැත්තට යමු කීවේ මා ඒ පැත්තට යන්නේ නැති උනත් ඈ සමග කතා කරන්නට තිබූ උවමනාව නිසාය.. කොලු කාලේ ඉතින් මේ වගේ අවස්තාවක් මිස් කලොත් ඌ කොල්ලෙක් වෙන්නත් බැනේ...🤣🤣

මම ඇය කාර් එකට නැග්ග ගමන් ඇහුවේ මේ රෑ කොහෙද ගියේ කියාය.. ඇය උත්තර දුන්නේ නැත..
මම නැවත හඩ අවදි කලේය බයවෙන්න එපා මම පොලිසියෙ නිලධාරියෙක් ..
කියූ සැනින් ඇය කියා සිටියේ දන්නවා සර් ..

ඉන් පසු ඇය කතා කරන්න පටන් ගත්තේය..
සර් මම දිනූෂා මං ඉස්සර වැඩ කලේ වලව්වේ.. මට සර්ට කියන්න දෙයක් තිබ්බා සර්ට ඒක පුලුවන් ..
මම අවුල් ගිය මනසින් සිටියත් ...
ඔව් කියන්න කීවේය..
සර් මට පොරොන්දුවක් වෙන්න..
මොන දේ උනත් සර් බය වෙන්නේ නෑ කියලා
මම මොකට බයවෙන්න ද මම පොලිස් නිලධාරියෙක් මම කීවේ සිනාසෙමිනි.. නමුත් ඇයගේ මුහුන සිනාවකට සූදානම් නැති නිසා මා මෙය සංකීර්ණ කතාවක් කියා සිතා ගත්තේය..
සමාවෙන්න දිනූෂා ඔයා කියන්න .. ඇය නැවතත් හඩ අවදි කලේය...

සර් මම මේ කියන්න යන්නේ මිනීමැරුමක් ගැන ..
මගේ මනස අවුල් වී ගියත් මම ඇයට පෙන්නුවේ නැත හරි කියන්න කතාව..
මම කාර් එකත් අයින් කර කතාව අසන්නට සැරසුනි...

සර් කෙල්ලෙක් හිටියා කාලයක් ගේක වැඩ කර කර ඒ කෙල්ල හරිම අහිංසකයි අම්මා තාත්තවත් නැතුව හැදුන කෙල්ලෙක්. මට හිතුනා සර්ට ඒ ගැන කියලා ඒ කෙල්ලගේ ආත්මයට නිදහසක් අරන් දෙන්න ඒක සර්ට පුලුවන්..
සර් ඒ කෙල්ල ගොඩක් දුක් විදපු කෙල්ලෙක් අන්තිමට මැරෙන්න උනෙත් සෑහෙන දුක් විදලා.. දවස් හතරක් අතපය ගැට ගහලා දූෂණය වෙලා.. සර් අන්තිම දවසේ ඒ කෙල්ලගේ යෝනියට මෝල් ගහකුත් ඇතුල් කරලා.. එක දිගටම ඔහු පිස්සෙක් වගේ දූශණය කරලා තියනවා වතුර ටිකක්වත් දීලා නෑ සර් කටට මුත්‍රා කරලා බීපන් කියලා තියෙන්නේ සර් .. සර් කොච්චර තිරිසන් විදිහ ඒක කරලද කිව්වොත් වේදනාව ඉවසන්න බැරුව මැරුණු කෙල්ලව මැරිලත් පැය ගානක් දූෂණය කරලා .. සර් ඒ ආත්මයට සැනසීමක් අරන් දෙන්න සර් ...

මගේ කටේ කෙල බිදක්වත් නැති විය මට වචන එන්නේ නැති තරම් කේන්තිය..
ඒ කෙල්ලගේ ආත්මයට සැනසීමක් දීමට මට අවශ්‍යම විය.. දිනූෂා මට ඒ කෙල්ල ගැනයි මරපු එකා ගැනයි විස්තර දෙන්න මං බලාගන්නම් ඕක ගැන....

සර් මට පොරොන්දු වෙන්න හිරේ යවන්න එපා! ඕකව මරන්න..!!!
හරි මං පොරොන්දු වෙන්නම් මට විස්තරේ දෙන්න ...
සර් මේ ලියුම සර් කාමරේට හිහින් බලන්න..
හැම විස්තරයක් ම තියනවා.. සර් මගේ ඔලුවට අත තියලා පොරොන්දු වෙන්න.. මේක කරනවා කියලා.. මං පොරොන්දුව දුන් පසු ඇය කාරයෙන් බැස සර් මං ඉතුරු ටික යන්නම්... සර් මරපු තිරිසනාව හම්බෙලා තියනවා... කෙල්ලගේ පිංතූරේ ඕකේ තියනවා..
ආපහු අපි හම්බෙන එකක් නෑ සර් පරිස්සමෙන් ඉන්න...

අවසන් වචනයෙන් කලබල.වූ මා කාරයෙන් බැස බැලුවද ඇය නැත..
ඔලුව විකාර වූ මා ඉක්මනින් කාමරයට ගියේය...

මලවිජ්ජුම්බරයයි...
මගේ ඔලුව තවත් පිස්සුවට්ටන සිද්දියකි...
එහි ඇත්තේ ඇයගේ පිංතූරයකි..
දිනූෂා කියූ කතාව තේරුනේ දැන්ය... ඇය හොල්මනක් බව සැබෑය.. නමුත් මට ඊට වඩා ඔලුවේ දිව්වේ අර තිරිසනා මරන්නේ කොහොමද කියාය.. ඇය කී ලෙස නැවත ඇයගෙන් මට කරදරයක් නැත ඒක විශ්වාසයි.

මා මෙය කල යුතුය...
මම පසු දින රාත්‍රී 9 ට පමණ වලව්වට ගියේය..
මගේ පොලිස් දැනුම උපයෝගී කරගෙන.. අසු නොවෙන සේ සියල්ල සැලසුම් කර, රත් කල පිලියක් ඔහුගේ ගෙල හරහා යැවීය.. ඔහු සමග ඔට්ටු වන වෙලාවේ මෙන්න මේ පැල්ලම ඇති ඌයේ රත් කල පිහිය මා අතේ වැදුනු පයුවය..

(එම කැලල එසේ වූ එකක් බව මටත් තේරුනි.)

පසුව මා වලක් කැපුවා මතකය...

මා ඇහැරුණි...

මම දැකලා තියෙන්නෙ හීනයක් මට ම කේන්තිය, ඔහුව මං තාම මරා නැද්ද ? ලග තිබූ මේසයට අතින් ගැසූ මා හට එලෝ පොල් පෙනුනි.. අපොයි මහේ අතේ තුවාලයක්.. 😱😱😱

එතකොට මං මරලද ඌව මට ප්‍රශ්නයක් ....

මම ඔහු මැරුවානම ඇයි මට මතක නැත්තේ පිහියෙන් ඇන්නට පස්සේ ඉදන් කිසිම දෙයක්...
ආහ් එක දෙයක් මතකය..
ඔහුව වල දානවා මතකය..ඒත් කොහෙද කොතනද මතක නැත...

නමුත් අතේ තුවාලය මා ඔහුව මැරූ බවට ඇති එකම සාක්ශියයි.

(මතකද මම මුලින් කිව්ව ජීවිතේ අමතකම නොවන දවසේ ටිකක් මතක් වෙන්නේම නෑ කියලා)
************
(((((ඒකට හේතුව මේකෙන් මට ගැටලුවක් නොවෙන්නට මට ඇයත් උදව් කරලා තියනවා කියන එකද ???? )))
............................

කාලය ගෙවී ගියේය දිනක් මිනිසෙක් පොලිසියට ඇවිත් වලව්වේ මහත්තයා ආගි අතක් නෑ හොයලා බලන්න කියලා කියලා තිබුනි.. මැරූ බවනම් සහතිකය..වලව්වට ජයන්ත සමග මාත් ගියේය..
කිසිම සාක්ශියක් නම් මා ඉතුරු කර නැත ජයන්තත් එක්ක වට පිට ටිකක් බලලා ජයන්ත මොකද වෙලා තියෙන්නේ ?...
මේ යකා කොහෙ හරි යන්න ඇති සර්.. ඕකුන්ට පැලෙන්න සල්ලි ඔවුන් මහඒජන්ත සීන් එකේනේ ඉන්නේ උන්ත හිතෙන දේ කරනවා අපි යමු සර් කීවේය.. ජයන්ත කියන දෙයක් තමයි අපි යමු... පසුව මම මේක ගැන හොයන්න අපේ පොලිසියේ හිටපු කම්මැලිම සාජන් වරයාට පැවරීය..
ඕක යට යන බව මම දැන ගත්තේ ඔහුට දුන් පසුවය.. වලව්වේ තිරිසනා තාම අතුරුදන් වූවන්ගේ ලිස්ට් එකේ ඇති බව නම් නොඅනුමානය.... කියූ පරිදි දිනූෂා ආපහු මට පේන්න ආවේ නැත.. ඇයගේ ආත්මයට සැනසීමක් ලැබෙන්නට ඇතැයි සිතමි..මා ඇය වෙනුවෙන් සාංඝික දානයක් පවා ලබා දුන්නේය...

ටිකක් හිටපන් කොල්ලෝ ...
*************

සීයා විනාඩි 10කින් පමණ පසු මට ජායාරූපයක් පෙන්වන ලදි.. මේ දිනූෂා සීයා පෙන්වන ගමන් පිටය තට්ටුවක් දාලා මොකද උබ පොලිසියට බැදෙනවද ඇසීය..

අනිවාර්යයෙන් සීයේ ...

එසේ කියා චන්ඩියා වගේ කීවට මගේ සිතනම් ටිකක් බයෙන් පිරී තිබුනි....

එහෙනම් නැවත හමුවෙමු ජය ශ්‍රී !!!

1 comment:

Powered by Blogger.