යුවතියන්ගේ ඇසුර සොයා එන කළු කුමාරයා

පුරාණ රජදවස අප ලක්බිම වාසය කලා රාජ්‍ය සේවයේ නියුතු අතිශූර ඒ වගේම දැවැන්ත යෝධයෙක් ඔහු මුහුද දෙබෑ කරන්නට පවා හැකියාවක් තිබූ අයෙක් බව ඉතිහාසයේ සදහන් මේ යෝධයා කාලයක පටන් ගොඩක් ආශාවෙන් උන්නා රජුගේ අංතප්පුරයේ සුරූපි බිසෝවරුන්ගේ රූපශ්‍රීයට ඔහු සිහින දැක්කා ඒ සුන්දරම නාරිදේහයන් සිප ගන්නා ආකාරය පිලිබදව චිත්‍ර රූපයන් මනසේ මවමින්.

බොහෝ කාලයක සිට යටිසිතේ තෙරපාගෙන සුරූපිනියන් ගැන සිහින දැකීම යෝධයාට දැන් මානසික වධයක් කල්පනා කරල බැලුවත් අංතප්පුරයේ සුරූපිනියන්ගේ ඇසුර ලබන්නට ක්‍රමයක් සොයාගන්න ඔහුට හැකියාවක් තිබුනේ නැහැ .. පනස්දහසක් සුරූපී බිසෝවරුන් වාසය කරන්නා වූ මැදුරේ ආරක්ෂාවට නපුංසක සෙබලුන්ගෙන් දැඩි රැකවලලු යොදා තිබූ නිසා කිසිවෙකුට එහි අැතුලු වීම අපහසු උනා නපුංසක සෙබලුන් අංතප්පුරයේ ආරක්ෂාවට යෙදවීම රජවරුන්ගේ උපක්‍රමශීලී ක්‍රියාවක්.

ඒනිසා කාමයෙන් දැවෙමින් පිච්චෙමින් සිටිනා සුරූපී බිසෝවරු ඇසුරු කරන්නට මේ සෙබලුන් පෙලබෙන්නේ නැහැ එයින් බිසෝවරුන් කිසිවෙකත් අනියම් සබදතා කරා යොමුවීමේ තර්ජනයක්ද උදා නොවන නිසා. අංතප්පුරයේ සියලුම ආරක්ෂකයන් වූයේ චංචල සිතිවිලි නිසා සුකුමාල නමුදු සටනේදී කෘර ලෙස ලේ හලන්නට ආශා සන්නද්ධ නපුංසකයන් අවසානයේ මේ අතිසූර යෝධයා තීරණයකට පැමිණියා කෙසේ හෝ අංතප්පුරයට ඇතුලු වන්නට ඔහුත් රාජ්‍ය සේවයේ නියුක්තව සිටින කෙනෙකු නිසා අංතප්පුරය ආසන්නයට පැමිණීමේ හැකියාවක් ඔහු සතු උනා ඉන්පසු අංතප්පුර භූමියට සුරක්ෂිතව පිවිසුණ යෝධ තෙමේ සියලු නපුංසක සෙබලුන් සටනින් පරාජය කලා රණශූර වික්‍රමයක් පාමින් දැන් කිසිදු ගැටලුවක් නැහැ ඔහුගේ සිහින ලෝකේ පියාබා යන්නට යෝධයාගේ සතුට කියා නිමකළ නොහැක ...

ඔහු මිටෙන් හල කුරුල්ලෙකු සේ බිසෝවරුන් සිටිනා මැදුර වෙත දිව ගියා නමුත් මේ අතිශූර යෝධයා නොදැන සිටි රහසක් තිබුණා.. අංතප්පුරයේ ඒ රහස නම් වසර ගනනාවකට පසුවයි රජුගේ ඇසුර එක් බිසවකට හිමිවන්නේ ඒ නිසාවෙන් මේ සුරූපි රජ බිසෝවරු කාලය ගෙව්වේ නිරායාසයෙන් කාමයෙන් දැවෙමින් පිච්චෙමින් මේ රණශූර යෝධයා පිලිබද සිත් පහල කරගෙනයි ඔවුන් කල් ගතකලේ නවයොවුන් සුරූපී බිසෝවරු පනස්දහසක් වාසය කලා මේ අංතප්පුරයේ ප්‍රීතියෙන් රජ බිසෝවරුන්ගේ මුදු ස්පර්ශය ලබන්නට ලෝභයෙන් අංතප්පුරයට පැන්න යෝධයා දුටු බිසෝවරු රාගයෙන් මත් වෙලා යෝධයා දෙසට උමතුවෙන් දිව ආවා... ඔහු මගේ ඔහු මගේ.... ඔහු මගේ ඔවුන් සියල්ලෝම පොරකෑවා ඔහු තමන් සතුකර ගන්නට ඛේදවාචකයක මහත සුරූපි රජ බිසෝවරුන්ගේ ඇසුර පතා පැමිණි යෝධයාට සිදුවූයේ පනස්දහසක් වූ සුරූපිනියන්ගේ සුකුමාල සිරුර වලට තෙරපෙන්නටයි තැලී පොඩි වෙන්නටයි එහෙත් බිසෝවරුන් ඔවුන් යෝධයා තමන් සතු කරගැනීමේ සටන නැවැත්තුවේ නැහැ.

 ඔහුව සැපුවා ඒ ආදරයෙන් නමුත් ඔහුගේ සිරුර මත පනස්දහසක් රාජ බිසෝවරු කෙසේ වන්නට  අැතිද ඔහු ලැබූ පීඩනය තෙරපුම අහෝ සිදුවූයේ විපතකි සුරූපී බිසෝවරුන්ගේ සියුමැලි ශරීර වලින් තෙරපීම නිසා යෝධයා මරු තුරුලට ගියා සුරූපි බිසෝවරුන්ට ආශාකල නමුදු එය ඉටුකර ගැනීමට නොහැකි වූ නිසා ඔහු මියගියේ ඒ බිසෝවරු පිලිබදව දැඩිසේ වෛරයකින් මිය ගිය අැසිල්ලෙන් ඔහු උපත ලැබුවා යක්ස ආත්මයක රුදුරු ලෙසින් එදා ඉදන් අද දක්වා පාලු තැන් වලදී යුවතියන්ට වින කරන කළුකුමාරයාගේ ආරම්භය එසේ සිදුවිණි.


1 comment:

Powered by Blogger.