බෙන්තර ගුරුන් වහන්සේගේ හාස්කම




















ගලේ දේවාලයට තරමක් ඈතින් "නවලෝක හන්දිය" නමින් ප්‍රදේශයක් තිබේ .මගෙ හොදම යාලුවෙක් ගේ ගම දිවුලපිටියේ විය .මා හට ගලේ දේවාලය බැලිමට ආශාවක් අති විය. දෙදෙනා ටම නිවාඩු දිනයක් වී තිබු හෙයින් ඔහු සමග මා ඔහුගේ ගම් ප්‍රදේශයට පිටත් විය . 2018"10"02 .හවස් වන විට .අපි ඔහුගේ නිවසට ලගා විය.ඒ දින ඔහුගේ නිවසේ රැඳුණු මම.ඔහු සමග 03 වන දින උදෑසන10ට පමණ ගලේ දේවාලය බැලීම සඳහා පිටත් විය . සවස 3.30.පමණ වන තුරු ගලේ දේවාලය හිතේ හැටියට වැඳ පුදා ගත් අපි.නැවත ඒමට පිටත් වූවද.වැසිබර කාලගුණය නිසා .යාමට නොහැකි තත්වයක් අපිට උදා විය .මගේ යහළුවාගේ යහළුවකුගේ නිවසක් නවලෝක හංදියේ තිබුණි .අපි එදින රාත්‍රියේ ඔහු ගේ නිවසේ නතර වි ය .සවස 7.00 පමණ විය .එක් වරම මාගේ යහළුවාගේ යහළුවා පවසා සිටියේ ඔහු දන්නා දේවාලයක තොවිලයක් ඇති හෙයින් එය බැලීමට යමු ලෙසය .වැසිබර තත්ත්වය අඩු වී තිබූ හෙයිනි අප දෙදෙනා ද ගමනට එකතු විය .

කඳු පල්ලම් වෙල් යායවල් පොල් වතු මැදින් තාර පාර දිගේ ඔහුගේ ත්‍රිරෝද රථයෙන් අපි දේවාලේ තිබුණේ ස්ථානයට පැමිණෙන විට රෑ බෝ විය .බැලූ බැල්මට පොඩි කාමරයක් වැනි පොල් අතු ඇහිරූ වහලක්
සහිත.කුඩා දේවාලය කි .දේවාලයේ කපු මහතා සහ ඔහුගේ ගෝල බාලයෝ රතු සහ සුදු ඇඳුම් වලින් සැරසී සිටියි ශාන්ති කර්මය කර ගන්නට පැමිණි මිනිසුන් ද අසල පැදුරක් දමා වාඩි වී සිටී තවද ගමේ මිනිසුන් බොහෝ දෙනෙක් රැස්ව සිටි. රෑ බෝ විය නමුදු ශාන්ති කර්මයක් පටන් ගැනීමට කිසිදු පෙර ලකුණක් නැති විය. ඔවුන් සෑම දෙනාම කවුරුන් හෝ බලාපොරොත්තුවෙන් සිටින බව මට වැටහුණි. ගමේ හිටපු වයසක සීය කෙනෙක් ගාවට ලං වුනු මං අසා සිටියේ ....

"කවුරුන් හෝ එනකම් එනකන් බලන් ඉන්නවා ද "

ලෙසය . ඔහු එක පයින් ම අසා සිටියේ .පුතා මේ කෙනෙක් නෙමෙයි නේද ..

ඔව්.. යනුවෙන් මා පිළිතුරු දුනි ....

මේකයි පුතා අද කරන ශාන්තිකර්මය ගොඩක් අමාරු එකක් ලු .මේ දේවාලේ කපු මහත්තයාට ඒක කරන්න අමාරුයි ලූ .ඒක නිසා මහා ගුරුන්නාන්සේ අද එනවලු .

"එයා හෙන වැඩ්ඩෙක් බෙන්තර කෙනෙක් .

පුතා බලන්නකෝ අවහම එයාගෙ වැඩ ටික .ඔහු එසේ පවසා විටක් කෙටීමට පටන් ගත්තේ ය .

මද වේලාවකින් කළු පාට වෑන් රථයකින් පිරිසක් දේවාල භූමියට ඇතුළු විය .තරමක් මිටි අවුරුදු 40 ක පමණ .දරුණු පෙනුමක් ඇති මිනිසෙක් අප ඉදිරියේ විය .එම දේවාලයේ ගුරුන්වහන්සේ ඔහුට වැඳ ආශිර්වාද ගත්තේ ය .මෙම පුද්ගලයා වයසක මනුස්සයා පැවසූ මහා ගුරා බව මට වැටහුණි .වැඩ කටයුතු ආරම්භ විය .මහා ගුරා නිල් පටි සැරසී සිටියහ . මද වේලාවක් යන විට .අවට පරිසරයෙහි බල්ලන් උඩු බුරන්න ට විය .හැමෝටම පුදුම ය .බිත්තරයක් ජීවම් කරපු ඔහු .එතන සිටි තරුණයෙකුට ඒ මිරිකා බිදින ලෙස ආරාධනා කළහ .තරුනයා කට කොනකින් සිනා විය.ඔහු බිත්තරයේ අතට ගෙන මිරිකන්නට විය උපරිම උත්සාහ දැරුව ද බිඳීමට නො හැකි විය .එතන හිටපු කවුරු කවුරුත් තරුණයෝ බිත්තරය මිදීමට උත්සාහ කළේය කිසිම තරුණයකුට එය බිඳීමට නො හැකි විය ."මට පවා" බිත්තරයක් සියුම් දෙයක් ය එහි ඉතා පහසුවෙන් බිඳීමට හැකි ය නමුදු මේ ය කළු ගල තරම් හයිය විය . පුදුමයකි .ඔහු පවසා සිටියේ ශාන්ති කර්මය කරන ගෙදර දෝෂ සියලු දේ බිත්තරය ට අසූ වී ඇති හෙයිනි එය නොබිඳින බව ය .තිබෙන දෝෂ අයින් කලාට පසු එය බිඳී යන බව ඔහු පවසති . එම ගුරා දෙහි ගෙන කපන්නට විය පළමු ගෙඩිය කපන විට අප අසල සිටි ශාන්ති කර්මය කරන නිවසේ ගෘහ මූලිකයා සිහිය නැතිව ඇද වැටුණේ දෙවැනි ගෙඩිය කපන විට නිවසේ දෙවිනියා ඇදවැටුණි .මෙම ආකාරයෙන් නිවසේ සියලු දෙනාම සිහි මුර්ජා විය .නැවතත් එම කපු මහතා දෙහි කපන තු රු ඔවුන් ට සිහිය ආවේ නැත .මෙම ආකාරයෙන් නොයෙකුත් විශ්මිත දේ සිදු විය .

👊 මුළු ගමේ ම බෙන්තර ගුරුන්වහන්සේ පැමිණි බව පැතිරී තිබුණි .රාත්‍රී එකොළහට පමණ .ත්‍රී රෝද රථයක් දේවාල භූමියට ඇතුළු විය .හතර දෙනෙක් ඔසවා ගෙන පැමිණියේ.අවුරුදු 30 ක පමණ කාන්තාවක් ය .එම කාන්තාව ට අවුරුදු පහක පමණ කාලයක් ඇවිදීමට නොහැකි බව දේශීය විදේශීය කරන්න පුළුවන් හැම දෙයක් ම කලත් ඇවිදීමට නොහැකි වූ බව යි ඔවුන් පවසා සිටියේ ය .කොළඹ විශේෂඥ වෛද්‍යවරුන් පවා පවසා සිටියේ මැය ගේ කකුල් අප්‍රාණික වී ඇති බැවිනි කිසි දිනේක ඇවිදීමට නොහැකි බැවින් ය .ඒ පිළිබඳ විස්තර ගත කෙරූ වෛද්‍ය වාර්තාවන් ද ඔවුන් සතු විය .ගම්මුන්ගේ කතාව ද ඒක ම විය . එම ගුරුන්නාන්සෙ ඇය පැදුරක නිදි කරවා විනාඩි පහළොවක් පමණ ඉතිපිසෝ ගාථාව ජප කරමින් මෙසේ පවසා සිටියේ ය " දැන් වේලාව 11.45 යි .මං මේ කෙනාව.පාන්දර එක වෙනකොට නැගිට්ටවල ඇවිත් දෙනවා උඹලා කුකුල් බිල්ලක් හොයාගනිල්ලා "

ගමේ සමහරු එක එක කතා කියන්න පටන් ගත්තා ඕක කවදාවත් කරන්න බැරි දෙයක් කිව්වා .කොළඹ වෛද්‍ය වරු බෑ කියපු දේ ගුරුකම් වලට බැහැ කිව්වා . නොයෙකුත් ආකාරයේ කතා දේවල් භූමියේ සිදුවිය .වෛද්‍යවරු නිකුත් කරපු report බලපු මටත් සිතුනේ මෙය කළ නොහැකි බවයි . බෙන්තර ගුරුන්වහන්සේ ජප කරන්නට විය .අහු ගෙඩි කපන්නට විය .කහ වතුරෙන් නිතරම කකුල් දෙක දෝවනය කෙළේය .ඔවුන් සමග කිහිපදෙනෙක්ම පැමිණ සිටියේ ය .ඒ අතර ලෙඩ උනු කාන්තාවගේ අක්කගෙ දරුවා ද එතැන විය .12ක පමණ ගැහැණු දරුවෙක් විය . ඇය මා අසල වාඩි වී සිටියේ ය . එක් වරම ඇය ගිරි යටින් හූ කියන්නට විය .මට උන් හිටි තැන් අමතක විය .ඉතාමත් ගැඹුරු කටහඬක් .අපි ඇය ව අල්ලා ගන්නට උත්සාහ කළ ද එතැන සිටි කිසිදු පිරිමයකුට ඇය ව ඇල්ලීමට නොහැකි විය .ඇය නටමින් පොළොවෙ පස් සාරමින් .බෙල්ලට තොණ්ඩුව වැටී බෙල්ල සිරව එයින් බේරීමට උත්සාහ කරන සතෙකු ලෙස ය . ගුරුන්වහන්සේ පැමිණ මන්තර ජප කර ඇය මෙල්ල කර විමසුවේ .තමා කවුරු යන්න ද .පුදුමයකිඅවුරුදු 40 ක පමණ ගැඹුරු පිරිමි කටහඬක් වයස 12ක වුනු ගැහැනු ළමයාගේ හඬින් පිට විය . විකාර පවසන්න විය .නමුත් අවසානයේ .ඇය පොඩි ළමයාගේ ඇඟට බන්ධනය කර අර කාන්තාව ලෙඩ කිරීම ට කවුරුන් හෝ කරන ලද බන්ධනයක් බව ඔහු පැවසුවේය මෙම පවුල අත්හැර යාමට නම් එම යක්ෂයා නර බිල්ලක් ඉල්ලා සිටියේය ( මිනිහෙක් ) ගුරුගේ දක්ෂතාවය අනුව අවසානයේ කුකුල් බිල්ල දී යක්ෂයාව එළි වීමට හැකි විය. කුකුළා බිළිගත් ඔහු පවසා සිටියේ මට මේ මදි බව ය .මං තව බිල්ලක් අරගෙනම යන්නම් කියා මහ හඬින් හෝ තුනක් කියා ඔහු පිට විය. වේලාව හරියටම 12.55 අවසාන අහු ගෙඩිය කැපූ ගුරුතුමා . දැන් හරි නැගිටින්න කිවුවා.දේවාලේ වටේට ගමේ හැමෝම එකතු වෙලා .අවුරුදු පහකින් ඇවිදිපු නැති කාන්තාව ඇවිදිනවා බලන්න .මාත් පුදුමයෙන් බලා සිටියා. පුදුමයකි කවදාකවත් ඇවිදින්න බෑ කියා .වෛද්‍ය වාර්තා පවා තිබූ ඇය. එක් වරම සිටගත්තේය .ගමේ මනුස්සයෝ පුදුම කරමින් ය. මටද සිතා ගැනීමට නොහැකි විය පැයක පමණ කාලයකින් අවුරුදු පහක් ඇවිදින්න බැරුව සිටී කාන්තාව ඉතා අපූරුවට නැගිට ඇවිදින අයුරු දුටුවාය. විශ්ම යක් . ගුරුන්වහන්සේ පවසා සිටියේ ය .කුඩා ළමයාගේ ඇඟට පෙරේත ආත්මයක් බඳවා .එම ළමයා ගේ උදව්වෙන් අර කාන්තාව එක්තැන් කළ බවයි තමා එම හෝ නියම කැපූ බව ඔහු පවසා සිටියේය. එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි වගේ ශාන්ති කර්මය කරපු මිනිසුන් ද...
අවුරුදු ගණනාවක් එක් එක්තැන්ව සිටි කාන්තාව ද හොඳ විය ශාන්ති කර්ම 2 අවසන් කළ බෙන්තර මහා ගුරුන්වහන්සේ එදින පාන්දර ම පිට ව ගියේ ය . මට ඔහුත් එක්ක කතා කරන්නට ආස හිතුනි .ඒත් ඒ කිරීමට නොහැකි විය.ගුරුන්නාන්සේ සමඟ පැමිණි සමග පැමිණි මාගේ වයසේ පුද්ගලයෙක්ගේ මං අසා සිටියේ මොහු මොනවගේ ගුරුකම් කරන කෙනෙක් ද කියා ය .ඔහු මට පවසා සිටියේ.

" යාලුවා අපේ බෙන්තර ගුරුන්වහන්සේ කොණ්ඩදෙණිය හාමුදුරුවන් ගේ පුංචි පුරුකක් කියාය."

බෙන්තර ගුරුන් වහන්සේ තම අතේ තිබූ දිග කෝටුවක් වගේ එකකින් ( බත්තමක්) දේවාල භූමියට තුන් වරක් තට්ටු කර පිට ව ගියේ ය .එම තට්ටු කරපු සද්දය අපට ඇසුණේ කළු ගලකට මිටියකින් ගහනවා වගේ ය .



No comments:

Powered by Blogger.