ඇඩ්ඩින් ගුරාගේ අවතාරේ පලි ගනී

























සියඹලා සෙවන කඩේට අලුත් දවසක් උදාවෙලා. කඩේ අයිතිකාරිය වුන කුසුමලතාට එදත් කිසිම විවේකයක් නැති දවසක්. ඒ තරමටම සියඹලා කඩේට සෙනග එනවා.

ලෑලිවලින් හදපු වහලයය පොල්අතු සෙවිලි කරපු කඩේට කුසුමලතා සියඹලා සෙවන කඩේ කියල නම දාන්න හිතුවේ හේතුවක් ඇතිව. වසරේ බොහෝ දිනවල අතු ඉතිවලින් බරවුන සියඹලා කරල් එල්ලුන සියඹලා ගස්
දෙකක් යට මේ ලෑලී කඩේ තිබුන නිසාමයි කුසුමලතා කඩේට ඒ නම දැම්මේ....

සියඹලා කඩේට් පිටිපස්සෙන් තිබුනේ වතුරින් පිරුනු වැවක්.ඉස්සරහින් තාර පාර . ඒ පාරේ පැය බාගෙට සැරයක් වගේ නගරයට මිනිසුන් අදිමින් බස් එකකුත් ගියා.

සියඹලා සෙවන කඩේට ගොඩක් දෙනෙක් ගොඩ වැදුනේ, මොනවහරි කාල ප්ලේන්ටියක් බීල යන්නයි. සියඹලා කඩේ කියන්නේ තේ කඩයක්. ලැවරිය,පැනි ආප්ප,එලවලු රොටී,වඩේ ,අඩ,ඉදි අප්ප වගේ නොයෙක් නොයෙක් කෑම සියඹලා සෙවන කඩේ කෑම කබඩ් එකේ තිබ්බා.

ගමේ අය මේ කඩේට ගොඩ වැදුනේ කුසුමලතා හදන ප්ලේන්ටියක් බොන්නම නෙමේ.ගමේ අලුතින් වන දේවල් නොයෙක් අල්ලාප සල්ලාප වල වෙදෙන්නත් එක්කමයි මේ සියඹලා කඩේට කට්ටිය ගොඩ වැදුනේ.

කඩේ ඉස්සරහ තියෙන දාම් ලෑල්ලේ දවසේ බොහො විල කීප දෙනෙක් වටකරගෙන මිමිනිස්සු දාම් අදින එක සුලබ දසුනක්. දාම් ලෑල්ල කිට්ටුව තිබ්බ කැරම් බෝඩ් එකේනම් වැඩිපුර සෙල්ලම් කෙරුවේ ගමේ එච්චරම වයසක් නැති කොල්ලෝ කුරුට්ටෝ.

" කුසුමලතා අක්කේ දාන්නකෝ මටත් ප්ලේන්ටියක්"

බන්ටියා සියඹලා කඩේට ගොඩ වැදුනේ එහෙම කියාගෙන. දාම් අදිමින් හිටි ,දාම් ඇදීම දිහා බලාගෙන හිටි කීප දෙනෙක් බන්ටි දිහා බැලුවා.

" බන්ටියා අද වැඩක් මොකුත් නැද්ද....."

දාම් ලැල්ල ලග හිටපු පොඩ්ඩේ ඇහුවා.

"ඔහේ නෑ පොඩ්ඩයියේ....."

බන්ටියා කිව්වේ සියඹලා කඩේ කෑම කබඩය ඇරලා එලවලු රොටියක් ගනිමින්.

"බන්ටියය අද වැඩ විතරක් නෙමෙ, කටෙත් මොකුත් ගෑවිලත් නෑ වගේ...."

කුසුමලතා කිව්වේ බන්ටියා වෙනුවෙන් ප්ලේන්ටියක් හදමින්. බන්ටියා බොහෝ වොලාවල් වල ඉන්නේ කසිප්පු බීගත්ත ගමන් වග කුසුමලතා විතරක් නෙමේ ගමේ අනිත් අයත් දන්නවා....

"මේ දවසවල අතේ සතේ නැතිව ඉන්නේ...කුසුම ලතා අක්කේ......"

බන්ටියා කිව්වේ පුටුවක වාඩිවෙල කෑල්ලෙන් කෑල්ල එලවලු රොටිය කන ගමන්. බන්ටියාගේ කටින් ඒක පිටවෙද්දීම එතන හිටපු නිමලේ පුටුවෙන් නැගිට්ටා. හපමින් හිටපු බුලත් විටේ කෙලපාර " චිරිස් " හඩින් ගැහුවේ සියඹලා කඩේ සුදුවැල්ලට.

සියබලා කඩේ සුදුවැල්ල ඔය වගේ බුලට් කෙලපාරවල් කෑම එච්චරම අරුමයක් නොවේ.

"අතේ සතයක්වත් නැති එක අරුමයක් වැයි....කීයක් හරි අතට හම්බවුනොත් බන්ටියා ඉන්නේ ජෙමාලගේ කසිප්පු තිප්පොලේ."

නිමලේ කිව්වේ කරපු කාරිය ඉවරවෙලා යලිත් පුටුවේ ඉදගන්න ගමන්.

"ඒකනෙමේ බන්ටියා ආයේ ගම්පලාතේ එහෙම යන්නේ නෑ......."

පොඩ්ඩේ දාම් ඉත්තෙක් අදින ගමන්මයි කිව්වේ.

"යන්නත් ඕනේ...."

බන්ටියා කිව්වෙ ඔනෑවට එපාවට වගේ...

බන්ටියා ඉපදුන ගම මේ ගම නෙමේ.....ඔහු ඈත ගමක කෙනෙක්. මේ ගමට ඔහු පදිංචි ට ආවෙ මීට මාස තුනකට විතර කලියෙන්.

ගමේ කවුරුත් නැති ගෙදරක බන්ටියා පදිංචි වෙලා හිටියේ ඒ වත්තයි ගේයි බලාගෙන.තනියම ඒ නිවසේජීවත්වෙලා හිටපු ඔහු ,සල්ලී කීයක් හරි හොයාගත්තේ කුලියට පොල්ගස්වලට නැගලා..පොල් කඩමින් වගේ දේවල් වලින්.

බන්ටියා උපන් ගමෙන් ඇවිත් තියෙන්නේ ,ඒ ගමේ අයගෙන සල්ලි ඉල්ලගෙන ඒවා බේරන්න විදිහක් නැතිව පැනලා විත්තිය මේ ගමේ කිසිකෙනෙක් දැනගෙන හිටියේ නෑ.

" බ්රා.......ස්"

කුසුමලතා ගේ සියඹලා කඩේ ඉස්සරහින් ඩිස්කවරි බයික් එකක් ඇවිත් නතර කෙරුවේ කඩේ හිටපු අයගේ ඇස් ඒ ද දිහාට යොමුකරමින්.

සුපුරුදු ඩිස්කවරි බයික් එකේන් බැහපු ඉසුරු මොහොතක් බයික් එකෙ කණ්නාඩියට එබිලා වමතින් ඔහුගේ හිසකෙස් හැදුවා.

ඉසුරු හිනාවකින් මූන සරසගෙන සියඹලා සෙවන කඩේට ගොඩවුනේ ඉන් අනතුරුවයි.

"ඉසුරු මහත්තයා කොහෙ හරි ගමනක් යන්න වෙන්න ඇති......"

නිමලේ ඇහුවේ ඉසුරු ඇදන් ඉන්න ඇදුම් දිහා බලාගෙන .

"හ්ම්ම්ම්ම්ම් ටවුමට ගිහින් එන්න...."

කියපු ඉසුරු ලැවරියා ගෙඩියක් අරගෙන බන්ටියාට ලගම තිබ්බ පුටුවක ඉදගත්තා...

"මොනවද මල්ලි බොන්නේ.....තේද ප්ලේන්ටිද"

කුසුමලතා ඉසුරුගෙන් අහනවත් එක්කම සියඹලා සෙවන කඩේ ඉස්සරහින් තවත් බයික් එකක් නැවත්තුවා....

වයස අවුරුදු හතරක් විතර ඇති පිරිමි ළමයෙකුත් එක්ක ස්කූටි වර්ගේ බයික් එකෙන් බැහලා ඊලගට කඩේට ගොඩ වැදුනේ නිපුනිකා.

" මටත් කුසුමලතා අක්කේ දාන්න ප්ලේන්ටියක්"

ඉසුරු කුසුමලතා අහපු දේට පිලිතුරු දෙද්දී නිපුනිකා ඇවිත් කෑම කබඩ් එකට එබුනා.

"අද අපේ කොටුවේ වට්ටක්කා කඩනවා කුසුමලතා අක්කේ.......වට්ටක්කා කඩන අයට කන්න මොනවද අරගෙන යන්නේ කියලා බැලුවේ....."

" එහෙනම් නිපුනිකාලට මේ දවස්වල සරුයී.....වට්ට්ක්කා ගනන්නේ.......කොහෙවත් තව වට්ටක්කා කොටුවල වට්ටක්කා කැඩෙන්නෙ නෑ....මගේ හිතේ......"

අමරදාස කිව්වා. ඊට නිපුනිකා සිනාවක් නැගුවා විතරයි. අවසානේ ඇය එලවලු රොටී පහක් අරගන්න හිතුවා.....

"බ්රා............ස්..."

සියඹලා සෙවන කඩේ ආසන්නයේ තිබ්බ බස් හෝල්ඩ් එක ලගින් පරේ දුවන් බස් එක නැවත්තුවා.....ඒකෙන් බැහපු පුද්ගලයා දිහාටයි ඊලගට සියඹලා සෙවන කඩෙ හිටපු අයගේ මාතෲකාව වුනේ.

බස් එකෙන් බැහපු සෙනරත් සියඹලා කඩේට ගොඩවදින්නේ නැතුව දිගටම ඇවිදගෙන ගියා...සෙනරත්ගේ එක අතක් පන තිබ්බේ නෑ.....එය ඔහුට උපතින්ම උරුමවූවක්නම් නෙමේ....

" ඈ බං දැන් ඇඩ්ඩින් ගුරා මැරිලා අවුරුදු දෙකකටත් කිට්ටු වෙන්න එනව නේ......."

නිමලේ කිව්වෙ පාරේ ඇවිදගෙන යන සෙනරත් දිහා බලාගෙනමයි..

" ඇයි උබට එකපාරටම ඇඩ්ඩින් ගුරාව මතක් වුනේ....."

අමරදාස ඇහුවා.

"නෑ මට මතක් වුනේ සෙනරත්ගේ කොරවෙච්ච අත දැකලා....සෙනරත්ගේ අත කොරකෙරුවේ ඇඩ්ඩින් ගුරා කියලනේ කියන්නේ...."

"මටනම් ඔය ඇඩ්ඩින් ගුරා ගැන මතක්කරන්නවත් එපා......ජීවත්වෙලා හිටපු කාලෙටම කෙරුවෙ ,මිනිස්සුන්න්ට ගින්දර දුන්න එක......"

පොඩ්ඩේත් කතාවට එකතු වුනා...

" සෙනරත් දවසක් ගෝරියක වෙලාවක ඇඩ්ඩින් ගුරාට පාරක් ගහලා තියෙනවා.....ඒකේ තරහට ඇඩ්ඩින් ගුරා සෙනරත්ගේ ඒ ගහපු අත කොරවෙන්න ගුරුකමක් කරලා.....කොහොමහරි ඇඩ්ඩින් ගුරාට ගහලා දවසක් ගියේ නෑ...සෙනරත්ගේ ඔය අත කොරවෙන්නෙ.....කොච්චර බේත් කෙරුවද හරිගියෙ නෑ.........ඇඩ්ඩින්ගුරා ඉස්සරහ වැද වැටිලා ඒ දවස්වල සෙනරත් කියල තියෙනව. කරපු දේට සමාව වෙලා අත සනීප කරවල දෙන්න කියලා.......ඒකට ඇඩ්ඩින් ගුරා කියල තියෙන්නේ ,මොකක්ද දන්නවද....."

නිමලේගේ කතාවට දිහාට මේ වෙද්දී සියඹලා කඩේ හිටපු ඔක්කොම අයගේ අවදානේ ඇවිල්ලා....

"මොකද ඇඩ්ඩින් ගුරා කියලා තිය්න්නේ....."

පොඩ්ඩේ ඇහුවා......මේ සිදුවීම්පෙල වෙන දවස්වල පොඩ්ඩේ ගමේ හිටපු නැති නිසා ඔහු ඒ ගැන දැනන් උන්නේ නෑ...

"වෙන මොනවද ඉතින් ,වෙනද කියන එකම තමා.....මම උබේ අත කොර කෙරුවෙ නෑ....මම මොකටද උබේ අත කොරකරන්නේ.....ඕක තමා ඉතින්......"

"ඇඩ්ඩින් ගුරා ගුරුකමක් කෙරුවොත් ඒක ඉතින් කිරි ගහට ඇන්න වගේ තමා ඉතින්....හැබයි කරපු බන්දනේ ආපහු කපන්නේ නම නෑ.....ජීවත් වෙල ඉන්න කාලේ ඇඩ්ඩින් ගුරාට වචනෙකින් හරි කවුරුහරි බැන්නනම් ,ඌට ඉතින් බුදු සරණයි , "

 " ජීවත්වෙලා ඉද්දී මිනිස්සුන්ට කරපු කියපු දේවල් හින්දමයි අවසානේ ඇඩ්ඩින් ගුරාට පන පිටින් පනුවෝ ගහලම මැරුනේ.....අවසානේ බලන්න කෙනෙක්වත් හිටියවැයි.....තනිපංගලමේ දුක් විදලා මැරිලා ගියා...."

කියපු කුසුමලතා ඉසුරුට ප්ලේන්ටිය දික්කෙරුවා...

"ඇත්තද ඔය ඇඩ්ඩින් ගුරා හිටපු ගෙදර හොල්මන් තියෙනවා කියන්නේ.....කීප දෙනෙක් බයවෙලත් තියෙනවලූ......"

කියපු ඉසුරු ප්ලේන්ටිය තොලගෑවා.....

"ඒක ඇත්ත.....මමත් බයවෙලා තියෙනවා....."

මෙතෙක්වෙලා නිහඩවෙලා හිටපු සෙනවි රත්න කතාවට එකතු වුනා...

"ඇයි සෙනවි අයියට මොකද වුනේ...."

"මම දවසක් ගියා ඔය ඇඩ්ඩින් ගුරා හිටපු ,ගේ තිබ්බ වත්තට උදුලු මිටකට ගන්න කියලා දමින්නා ලීයක් කපාගන්න කියලා.....ඒ වත්තේ හරියට දමින්නා ගස් තියෙනවනේ......"

සෙනවි මදකට කතාව නවත්තලා කට්ටිය ඔහුගේ කතාව් අහනවද කියලා මොහොතක් බැලුවා...

"ඉතින්....මොකද වුනේ"

පොඩ්ඩේ ඇහුවෙ අදිමින් සිටි දාම් ඇදිල්ලත් මොහොතකට නවත්තලා.

" මම ගිහින් දමින්න ගහකට ඉලක්කේ අල්ලල කෙටුවා.....ඒත් කොටපු ඉලක්කේ හරි ගියේ නෑ....පිහි පාර දමින්න ගහේ වැදුනේ නෑ....මට හිතුනේ අත ලෙස්සලවත් ගියාද කියලයි. එහෙඑහෙම හිතල තව පාරක් කෙටුවා....

ඒ පාර වුනෙත් අර කලින් වුන දේමයි...පිහිය දමින්නා ගහේ වදින්නේ නැතුව වෙන පැත්තකට යන්නේ...කවුරු හරි පැත්තක ඉදලා පිහිය තල්ලු කරනවා වගේ.....පස් පාරක් විතර කෙරුවා.....වෙන්නේ අර දේමයි....

ඒ වෙද්දී කලුවර වැටෙන්නත් ඔන්න මෙන්න වෙලාවක්....මගේ හිතටත් පොඩ්ඩක් බයයි. මැරුනු ඇඩ්ඩින් ගුරාගේ ගේත් පේන මානේ...

ඒත් තව පාරක් මම දමින්න ගහේ කදට මන්න පිපිහියෙන් කෙටුවා....මේ පාර පිහිය වෙන පැත්තකට ගියා විතරක් නෙමේ...එක පාරටම මගේ පිටිපස්සෙන් හිනාහඩකුත් ඇහුනා....

උබලට කියන්න මට ඒ වෙලාවේ මර බයක් ආවේ...ඒ හිනා සද්දේ වෙන කාගෙවත් නෙමේ....මැරුන ඇඩ්ඩින් ගුරාගේ.......පිටිපස්ස හැරිලා බැලුවට කිසිම කෙනෙක් නෑ....

ඊට පස්සේ මම හොදටම බයවෙල බුදු ගුනත් සිහිකරගෙන ගෙදරට දුවගෙන ආවා.....ගෙදරට එන්නෙත් නැතිව තකහනියෙන් පන්සලට දුවල පිරිත් නූලක් බැද ගත්තා......

උබලට කියන්න අර දමින්නා ගහට කොටන්න හදපු පිහියෙන් ඊට පස්සේ මට කිසිම වැඩක් ගන්න බැරිවුනා...ඒකෙන් මොනව හරි කරන්න හදද්දී මට තේරෙන්නේ කවුරු හරි ඒ කරන්න යන දේ කරන්න දෙන්නෙ නැතිව බදා කරනවා වගේ....

අවසානේ බැරිම තැන ,මම ඒ පිහිය මැරුනු ඇඩ්ඩින් ගුරා හිටපු වත්තටම විසිකරලා ආවා...."

සෙනවී කතාව නැවත්තුවා....

"ඔව් ඔව් මමත් ඔය වගේ කතා අහලා තියෙනවා....ඔය ඇඩ්ඩින් අත්තා මැරුනට ඔය ගේයි වත්තයි දාලා ගිහින් නෑ....ඒ වත්තට කවුරුවත් ඇතුල් වෙනවටවත් කැමති නෑ...ඇඩ්ඩින් අත්තා ඔය වත්තේ හොල්මන් කර්න හින්දා ඔය වත්තට හරකෙක් වත් දැන් බදින්න යන්නේ නෑ......."

තවමත් කඩෙන් ගිහින් නැති නිපුනිකා කිව්වා...

"ඇයි ,සුමනපාලගේ හරක් දෙන්නෙක් එකම දවසේ මැරිලා හිටියේ ඔය ඇඩ්ඩින් ගුරාගේ ඉඩමේ බැදලා හිටපු දවසේ නේ......"

හරක් ගැන කියද්දී අමරදාසට මතක් වුනේ ඒක.

"හ්ම්ම්ම්ම් මට හිතෙන්නේ ඒකත් වෙලා තියෙනේ මැරුනු ඇඩ්ඩින් ගුරාගේ බලපෑමෙන්ම වෙන්න ඇති....."

නිමලේ කිව්වා....

"අඩුම ගානේ ඔය වත්තට පොල් අත්තක් පලා කොලයක් කඩාගන්න යන්නත් තවත් මනුස්සයෝ බයයි.....

සිරියා නැන්දා දවසක් ඇඩ්ඩින් ගුරාගේ වත්තෙන් පොල් ගෙඩියක් වැටෙන් රිංගලා අහුලගෙන තියෙනවා...ඒක අරගෙන ආපහු එනකොට සිරිය නැන්දට දැනිලා ,පිටිපස්සෙන් කවුරු හරි එන විදිහේ අඩි හඩක්...පිටිපස්ස හැරිලා බල බලා ඇවිත් කවුරුවත් නෑ....

සිරිය නැන්දා ඉක්මනට දුවගෙන දුවගෙන ඊටපස්සේ එන්න පටන් අරගෙන ,අර අඩි හඩත් එන වේගේ වැඩිවෙලා... ඊට පස්සේ එකපාරට සිරිය නැන්දාගේ අතේ තිබ්බ පොල්ගෙඩියට කවුරු හරි කෙනෙක් ගහලා වගේ ඈතට විසිවෙල ගිහින් එහෙම වෙද්දී මහ හිනා හඩකුත් ඇහිලා...සිරිය නැන්දා කිව්වෙ ඒ නම් ඇඩ්ඩින් ගුරාගෙම හිනා හඩ කියලා...අර අහුලපු පොලේ නතරවෙලා තියෙන්නේ ආපහු ඇඩ්ඩින් ගුරාගේ ඉඩමේමයි.

මේ වුනදේවල් වලට සිරිය නැන්දා හොදටම බයවෙල ,රෑ වෙද්දී සහලෝලා උනත් ගැලිලා...."

කතාවකට වැටුනොත් ආපු කාරනයත් අමතක වෙන නිපුනිකා කියාගෙන කියාගෙන ගියා....

 " ඇඩ්ඩින් ගුරා මැරුන අලුත වගේ ඔය වගේ අමුතු අමුතු දේවල් ගොඩක් වෙලා තියෙනවා...අදටත් ඔය වත්තට මිනිහෙක් අඩිය තියන්න බයයි...අඩුම ගානේ ඔය වත්තේ වැටුන කුරුම් බැට්ටියක් අහුලගෙන ආවත් අහුලපු එකාට වෙන්නේ නූල් බදින්න..."

අමර දාස කිව්වා.

"ඔය ගේ ඇතුලේ ඇඩ්ඩින් ගුරා පාවිච්චි කරපු දේවල් අදටත් තියෙනවා.....කිසිම කෙනෙක් අත තියලා නෑ බයට,,,පොත් කබඩ් එකක්ම තියෙනවලු මන්තර පොත්ම , ඇඩ්ඩින් ගුරා දැනගෙන හිට්පු සාත්තරේ ත් කිසිම කෙනෙකුට දුන්නෙත් නෑනේ...ගුරා මැරුනමයි ,ඒවත් නැතිවෙලාම ගියා......"

සෙනවි කිව්වා....

" ඔය ඇඩ්ඩින් ගුරාගේ අවතාරේ තවත් ඔය ඉඩමේ ත තියෙනවද දන්නේ නෑනේ....."

ඉසුරු බීපූ ප්ලේන්ටිය මේසය උඩින් තියන ගමන් ඒක කිව්වේ...

"එහෙම බයවුන කෙනෙක්නම් මෑතක හමබවෙලා නෑ.....දැන් සමහර විට ඒවා නැතිවත් ඇතී...මොනව වුනත් අදටත් ඔය ඇඩ්ඩින් ගුරාගේ ඉඩමෙන් කිසිම දෙයක් කිසිම කෙනෙක් අරගෙන එන්නේ නෑ....රෑ වෙද්දී ඒ ගේ තියෙන ඉඩම ලගින් යන්නත් බයයි....."

ඉසුරු අහපු දේට පිලිතුරු දුන්නේ සෙනවී......

" මම නම් ඔය වගේ දේවල් විශ්වාස කරන්නේ නෑනේ.......ඔය වගේ කතා මිනිස්සු හදාගෙන ත තියෙන්නේ එක එක වාසි වෙන වැඩවල්වලට....මම නම් කියන්නේ හොල්මන් අවතාර කියල දෙයක් මේ ලොකේ නෑ......"

මෙතෙක් වෙල නිහඩව හිටපු බන්ටියා කියද්දී සෙනවීට ඇතිවුනේ කේන්තියක්..

" එත්කොට උබ කියන්නේ මම කිව්වේ බොරුවක් කියලද.....මම ඒ කිව්වේ මගෙ ඇස් දෙකෙන් දැකපු දේ....."

" මම නම් හිතන්නේ නෑ මැරුනු මිනිහෙකුට ඔය වගේ දේවල් කරන්න පූලුවන් කියලා...අනික ගහකට කොට කොට ඉද්දී පිහියෙන් අදින්න ,මැරුනු මිනිහෙකුට පුලුවන්ද.....මම නම් විශ්වාස කරන්නේම නෑ ඔය දේවල්......"

"හරි බන්ටියා ඕව විශ්වාස කරන්නේ නැත්නම් ,ගිහිල්ලා ඇඩ්ඩින් ගුරාගේ වත්තෙන් මොනව හරි අරගෙන වරෙන් ,අඩුම ගානේ පොල් ගෙඩියක් හරී......එත්කොට උබත් ඒවා විශ්වාස කොරයි...."

"පොල් ගෙඩි එකක් නෙමේ ,පොල්නම් දහයක් වුනත් අරගෙන එන්නම්කෝ......"

" මේ බන්ටියො උබ ,ඔය දේවල් කරන්න ගිහින් විහින් අමාරුවේ වැටෙන්න එපා........උබ මේ ගමේ එකෙක් නෙමේ හින්දා උබ හරියටම දන්නේ නෑ ඇඩ්ඩින් ගුරා කියන්නේ කවුද කියලා...."

කුසුම ලතා කිව්වෙ තියුනු හඩින්. ඊට බන්ටියා කෙරුවේ සිනාවීම පමනයි.

"හරි බන්ටියා ඔච්චරම ඕවට බය නැත්නම් ,පුලුවන්න්ම මහ රෑ ඇඩ්ඩින් ගුරාගේ ගෙට ගිහින් ,ඇඩ්ඩින් ගුරාගේ අර කියන පොත් කබඩ් එකෙන් මන්තට පොතක් අරගෙන වරෙන්...."

ඉසුරු බන්ටිට අබියෝගයක් කෙරුවා....

" මට විකාරවැයි මහ රෑ ඔය පාලු ගෙට රිංගලා මන්තර පොත් උස්සගෙන එන්න....මට මොනවද ඒකෙන් ලැබෙන්නේ...."

"හරි මම උබට රුපියල් දාහක දෙනවා....ගිහිල්ලා අරගෙන වරෙන් ඇඩ්ඩින් ගුරාගේ ගෙට රිංගලා ඔය මන්තර පොතක්...."

ස්ල්ලි වලින් අහේනියක් නැති ඉසුරු ඒක කියද්දීනම් බන්ටියාට හිතට සතුටක් ආවා....

" මේ ඉසුරු මල්ලී මිනිස්සු විහින් අමාරුවේ දාන්නේ නැතිව ඉදින් ,රුපියල් දාහක් ගන්න පෙරේතකමේ ඕක ඕක කරයි.."

කුසුමලතා නම් ඒකට පොඩ්ඩක්වත් කැමති වුනේ නෑ...

"මම කැමතී ,මම ඔප්පු කරන්නම් ඔය ඇඩ්ඩින් ගුරාගේ ඉඩමෙන් මොකුත් ගත්තට මොකුත් වෙන්නේ නෑ කියලා...එතකොට ඔය බොරු කියන අයගේ කටවල් වැහෙන්නෙ නැතැයී....හැබයි මේ වැඩේ මට දාහකින්නම් කරන්න බෑ....මට අඩුම ගානේ රුපියල් දෙදාහක්වත් ඕනේ......."

බන්ටියා කිව්වා...මේ දවස්වල අතේ පිච්චිය නැති බන්ටියාට අර වගේ දෙයක් කරන එක ගැන ගානක්වත් නෑ...බන්ටියා කවදත් හොල්මන් වලට බය නෑ.....

"හරි මම උබට දෙදාහක් දෙනවා...මට ඇඩ්ඩින් ගුරාගේ මන්තර පොත් දෙකක් අරගෙන ආවොත්....මන්තර පොතකට මම දෙනවා උබය දාහ ගනේ.....කැමතිද...."

ඉසුරුට ඕන වුනේ ඇඩ්ඩින් ගුරාගේ මන්තර් පොත් ගන්න...බන්ටියාට පෙනුනේ ඒක තමාට ලැබෙන ලොකු වාසියක් විදිහ්ටයි.....බන්ටියා මේ ගමේ උපන් කෙනෙක් නොවුන නිසා ඇඩ්ඩින් ගුරා මොනවගේ කෙනෙක්ද් කියලා දන්නේ නෑ...ඒ හින්දම බන්ටියා ඉසුරු කියපු දේට කැමති වුනේ උඩින්මයි.

"හරි කවදද දැන් මම ඔය වැඩේ කරන්නේ....."

"අද රෑ වුනත් කමක් නෑ.........."

සෙනවී විතරක් නෙමේ සියඹලා සෙවන කඩේ හිටපු අනිත් අයගේ අදහසත් සමාන වුනේ සෙනවීගේ අදහසටයි..

ඒත් බ්න්ටියාගේ අදහස වෙනස්වුනේ නෑ....ඔහු කිව්වොත් කිව්වමයි...අනික බ්න්ටිට කැමති වුනේ නෑ සෙනවී ඉස්සරහ පැරදෙන්න.

"හරී මම අද රෑ එනවා උබේ ගෙදර ,ඊට පස්සේ මම උබව එක්කගෙන යන්නම් ඇඩ්ඩින් ගුරා හිටපු වත්ත ලගට...උබ වත්තට පැනලා අර කියපු මන්තර පොත් මට අරගෙන ඇවිල්ලා දෙන්න ඕනා...හරිද.."

ඉසුරු කියද්දී බන්ටියා ඇරෙන්න කඩේ හිටපු අනිත් අයගේ දැසවලනම් තිබ්බේ අවිනිශ්චිත බියක්...

" හරි එහෙනම් කියපු විදිහ්ටයි වැඩේ වෙන්නේ...මන්තර පොතකට ඕනේ රුපියල් දාහක්...."

බන්ටියා ඊට කැමති වුනා.....

එදා අමාවක දවසක් ඉසුරු කියපු විදිහටම බන්ටියාව ඇඩ්ඩින් ගුරාගේ වත්ත ලගට එක්කගෙන ආවා.....

"හරි මේක තමා අර ඇඩ්ඩින් ගුරාගේ වත්ත ,මේතනින් යමන් වත්ත ඇතුලට,,මම මෙතනට වෙලා ඉන්නවා...."

ඉසුරු බන්ටියාව බයික් එකෙන් බැස්සුවා....

දවල් කාලේදීවත් මේ ඉස්සවට ඇවිල්ලා නැති බන්ටියා ඒ වත්ත දිහාට ටෝච් එක ගහලා බැලුවා....

"අම්මෝ හෙනට කැලේ වැහිලනේ,,,මේකේ සර්පයොත් ඇතී......."

වල් බිහිවෙල තිබ්බ ඇඩ්ඩින් ගුරාගේ වත්ත දිහා බලාගෙන බන්ටියා කිව්වේ වැඩි කැමත්ත්කින් නෙමේ....

"කැලේ වැහෙන්නේ නැද්ද බං ,මේ වත්තට මිනිහෙක්වත් පය තියනවා වැයි....උබට දැන් ඒකියනේ අර වැඩේ කරන්න බැයිද...."

ඉසුරුට ඔනා වුනේ කෙසේ හෝ ඇඩ්ඩින් ගුරාගේ මන්තර පොත් අතට ගන්න....ඒ වගේ පොත් වැඩි ගානකට විකුනන්න පුලුවන් වෙයි කියලයි ඉසුරුගේ හිත කිව්වේ.සමහර විට මත්තර දන්න වෙන් ගුරෙක් ලගට ගිහින් ඒ පොත් වලින් වැඩ ගන්න ක්රමයක් හොයාගන්න පුපුලුවන් වෙයි කියලත් ඉසුරුගේ හිත කිව්වා.

"හරි කවුද දැන් කිව්වේ ඒ වැඩේ කරන්න බෑ කියලා...."

කියපු බන්ටියා ඇඩ්ඩින් ගුරාගේ ඉඩමට පැන්නා. පාලු ඉසව්වක තිබ්බ ඇඩ්ඩින් ගුරාගේ ඉඩම සමීපේ කිසිම ගෙයක් දොරක් මිනිස් කටහඩක් වත් තිබ්බේ නෑ....

ඉසුරු පාරෙ ඉද්දී බන්ටියා ටෝච් එකේ එලියෙන් අමරුවෙන් අමාරුවෙන් ඇඩ්ඩින් ගුරාගේ වත්ත් මැද තිබ්බ ගේ දිහාට යන්න පටන් ගත්තා.

ගේ ලගට එද්දී බන්ටිගේ කකුල් සීරිලා තිබ්බේ ඒ තරම් කැලයක් ඒ වෙද්දී ඇඩ්ඩින් ගුරාගේ වත්ත අක්රමනය කරලා තිබ්බ නිසා.

"කොහොමද දැන් මේ ගේ ඇතුලට ඇතුල් වෙන්නේ...."

ටෝච් එක ඒ පරන ගේ දිහාට එල්ලකරමින් බන්ටියා කල්පනා කෙරුවා. ගෙයි දොරවල් ත්බ්බේ අගුලු දාල වහලා..
එහෙම බලද්දියි බන්ටියා දැක්කේ ගේ ලග කිට්ටුව තිබ්බ අඹ ගහක්. ඒ අඹ ගහේ අත්තක් ගෙයි වහලේ ආසන්නයේ තිබ්බා.

පොල් ගස් බඩගලා හොද පුරුද්දක් තිබ්බ බන්ටියා දෙවරක් නොසිතාම අඹ ගහට බඩ ගෑවේ අඹ ගහේ අත්ත දිගේ ගිහින් උලු වහලෙට බැහලා උලු අයින් කරලා ගේ ඇතුලට පයින්න හිතාගෙන.

උලු අයින් කරපු බන්ටියා විල්සන් ගුරාගේ ගේ ඇතුලට පැන්නා....

"ක්රී......ස් ක්රී......ස් ක්රී.....ස්"

වවුල් රජදනක් වෙලා තිබ්බ විල්සන් ගුරාගේ පාලු ගේ ඇතුලින් වවුල්ලු පියඹාගෙන ගියේ බන්ටියාගේ ඇගෙත් වදිමින් ,උන් හිටියේ හොදටම කලබල වෙලා.

වවුල් බෙටි වලින් ආපු දුගද බන්ටියාට දැනුනේ නාසය හකුලවමින් , ඒ මදිවට වවුල් බෙටි බ්න්ටියාට පෑගුනා...

මහා මුස්පේන්තු බවකින් පිරුනු ඒ පාලු ගේ ඇතුලේ බන්ටියා වවුල් බෙටි පාග පාග යමින් බැලුවේ විල්සන් ගුරාගේ මන්තර පොත් තිබ්බ කාමරය කොහෙද කියලා...

නිවසේ තිබ්බේ කාමර තුනකුයි සාලෙකුයි විතරයි..ඒ කමර තුනේම දොරවල් තිබ්බත් ඒවා වහලා තිබ්බේ නෑ.....

කාමර තුනටම ටෝච් එක ගහමින් එබුන බන්ටියට විල්සන් ගුරාගේ මන්තර පොත් තියෙනවාවැයි සිතිය හැකි අල්මාරියක් දැක්කා.....

" තියෙනවනම් ඔය කියන මන්තර පොත් තියෙන්න ඕනේ මේක ඇතුලේ වෙන්න ඕනා ,වෙන කොහෙවත් තියන්න තැනක් නෑනේ....."

ටෝච් එක ගහගෙනම බන්ටියා ඒ අල්මරිය පැත්තට කිට්ටුකෙරුවේ එහෙම සිතමින්.

 කාමරෙ අල්මාරියට අමතරව තව තිබ්බේ ඇදක් විතරයි.

"ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්"

අල්මාරිය අරින්න ලන්වෙද්දීම බන්ටියාට කවුරු හරි කෙදිරි ගානවා ඇහුනේ අර ඇද පැත්තෙන් එකපාටමයි. හදිසි කෙදිරි ගෑමට බන්ටියා පිටිපස්ස හැරිලා ඇද දිහාට ටෝච් එක ගැහුවා...

ඒත් වවුල් බෙටි වලින් පිරුනු ඇද විතරයි බන්ටියා දැක්කේ.

යලිත් බන්ටියා අල්මාරිය අරින්න හැදුවා....ඒක ලොක්කරලා තිබ්බේ නෑ.......

"මන්තර පොත් නේද මේ තියෙන්නේ....."

අල්මාරිය ඇතුලේ තිබ්බ පරණ පොත් දකිද්දී බන්ටියාගේ ඇස් ද දිලිසුනේ ප්රීතියෙන්...ඔහු ඒ පොතක් අතට ගත්තා......ඒ සමගම බන්ටියාගේ නහයට දැනෙන්න පටන් ගත්තේ අමුතු කුනු ගදක්.......

ටික ටික ඒ කුණු ගද වැඩිවෙන්න පටන්ගත්තේ බන්ටියාව කුතුහලයට පත් කරමින්....

බන්ටියාගේ නාසය හකුලුවමින් හමාගිය කුනුගද හරියට ආවේ මිනීකුනුගදක් වගේ....

මන්තර පොත එක අතකිනුත් අනිත් අතේ තිබ්බ දැල්වෙන ටෝච් එකේ එලියෙන් බන්ටියා හැදුවේ කුනු ගද එන්නේ කොහෙන්ද කියලා බලන එක...

එකපාරටම ටෝච් එලියේ පිටිපස්සේ තිබ්බ අර ඇදේ වැදුනා.......

"ආ........හ්"

ඇද උඩ තිබ්බ දෙය දැකපු බන්ටියාට සිහි එලවගන්නත් බැරි වුනා.....ඇස් දෙක පීරිසි දෙකක් වගේ බයෙන් ලොකු වෙද්දී බන්ටියා ඇද දිහා බලන් උන්නේ අදහගන්ඩත් බැරිව.

කලින් වතාවේ බලද්දී තිබ්බ හිස්ව තිබ්බ ඇද උඩ තිබ්බේ නරක්වෙමින් තිබ්බ මල මිනියක්.

ඉදිමිලා නිල්වෙලා තිබ්බ ඒ මලමිනියෙන් ඕජස් ගලාගෙන යමින් තිබ්බේ බිවිසුනු දසුනක් මවාපාලා....

මිනීයේ තිබ්බ දත් ඉස්සරහට නෙරලා තිබ්බා. ඇරිලා තිබ්බ මිනියේ ඇස් දෙක තිබ්බේ බන්ටියා දිහා බලාගෙන වගේ.

"අම්මෝ....."

බන්ටියාට ඒ දිහා තවත් බලාන් ඉන්න බැරි වෙලයි එහෙම කියවුනේ. මෙතෙක් වෙලා අතේ තිබ්බ මන්තර පොත බන්ටියාගේ අතින් ගිලිහෙලා බිමට වැටුනෙත් ඒ සමගමයි.

"මේ නම් ඉන්නේ අර කියපු ඇඩ්ඩින් ගුරාගේ අවලම තමා...."

සියබලා සෙවන කඩේ අය කතා වුන දේවල් බන්ටියාට මතක් වුනා....මෙතෙක් කල් හොල්මන් අවතාර විශ්වාස නොකරපු බන්ටියා මේ වෙද්දී ඒ අත්දෑකීමක් ලබමින් සිටියේ බයෙන් වෙව්ල වෙව්ලා...

ඉක්මනට ඔහුට ඕනා වුනේ ඇඩ්ඩින් ගුරාගේ ගෙයින් පිටවෙන්නයි.

කාමරේ දොර ලගට බන්ටියා දුවගෙන ගියේ ඒ සිතුවිල්ලෙන් ...එත් ඔහුට දොර ලගට යන්න විතරයි පුලුවන් වුනේ.....දඩාස් හඩක්නගමින් කාමරේ දොර මහ හයියෙන් වැහුනේ බන්ටියාට ඇර ගන්න බැරි වෙන විදිහටයි.

ඒත් එක්කම් බන්ටියාගේ අතකින් පිටිපස්සේ ආපු අතක් අල්ල ගත්තා.

"අම්මෝ........"

බන්ටියා විලාප තිබ්බා. ඇද උඩ තිබ්බ අර මලමිනියට පන ඇවිල්ලා...ඕජස් පෙරි පෙරී තිබ්බ මලමිනීයේ අතකිනුයි බන්ටියාව අල්ලගෙන තිබ්බේ.....

" එහෙම මගේ ගෙට ආවාම ලේසියෙන් යන්න දෙන්න බෑ.........."

පන ආපු මලමිනියේ මුවින් හඩක් පිටවුනා.

"මම කවුද කියලා උබ දන්නේ නෑනේ ,මම තමා ඇඩ්ඩින්....ඇඩ්ඩින් කට්ටඩියා....උබ කොහොමද හිතුවේ මගේ ගෙට ඇවිල්ලා මගේ දේවල් අරගෙන යන්න....ඈ.....කියපිය......"

පන ආපූ මලමිනිය වියරු වැටි අහද්දී බන්ටියා එයින් ගැලවෙන්න අසාර්ථක උත්සහයක් ගත්තා....

"ඉ........."

බන්ටියා හැදුවේ ඉසුරුට කතාකරන්න ,ඒත් හඩ පිට වුනේ නෑ.....

ඕජස් ගලන අතින් ඇඩ්ඩින් ගුරා බන්ටියාගේ ගෙල ටික ටික හිරකරන්න පටන්ගත්තා .

"මගේ කියන දේවල් වලට අත තියන්න ආවට උබට දෙන දඩුවම තමා මේක,උබ හැදුවේ මගේ වටිනාම දේවල් අරගෙන යන්න නේ......උබ ට විතරක නෙමේ...මේ දඩුවම මම දෙන්නේ....උබට මේක කරන්න කියපු ඒකාටත් වෙන්නේ උබට මම කරන දේමයි......."

ඇඩ්ඩින් ගුරාගේ අවතාරය එහෙම කියමින් බන්ටියාගේ ගෙල සිරකරන්න පටන් ගත්තා......

"එ..එ....."

බන්ටියාට පිටකරන්න පුලුවන් වුනේ එච්චරයි.ඇඩ්ඩින් ගුරාගේ අවතාර අතින් ගෙල සිරවී බන්ටියාගේ ජීවිතය කෙලවර වුනා....

වවුල් බෙටි ගොඩ උඩට බන්ටියාගේ නිසල සිරුර අත හරිද්දී ඇඩ්ඩින් ගුරාගේ මුවින් පිටවුනේ කුරිරු මදහසක්.

 බන්ටියා ගිහින් සෑහෙන්න වෙලාවක් මේ වෙද්දී ගිහින් තිබ්බ නිසා ඉසුරු හිටියේ හොදටම කලබල වෙලා....

"මොකද මූ පරක්කූ.....සියඹලා සෙවන කඩේ කට්ටිය කතාවුන දේවල් ඇත්ත වෙලාද....."

එහෙම හිතද්දීමයි ඇඩ්ඩින් ගුරාගේ වත්ත පැත්තෙන් හඩක් ඇහුනේ.....දැකපු දෙයින් ඉසුරුගෙ හිතට සැනසුමක් ආවා.....

"බන්ටියා ,මම හොදටම කලබල වෙලා උන්නේ......උබට හම්බවුවෙලා වගේ...."

බන්ටි දිහා බලාගෙන ඉසුරු කිව්වා. ඒ ඉන්නේ බන්ටි නෙමෙ බන්ටිගේ රුවට ඇතුල් වුන ඇඩ්ඩින් ගුරාගේ අවතාරේ කියලා ඉසුරු කෙසේ දැනගන්න්නද???

"මොකටද කලබල වෙන්නේ....ඔය කියන මොකුත් ඒ ගේ ඇතුලෙවත් ,ඒ වත්ත ඇතුලෙවත් නෑ......අර මන්තර පොත් තව ගොඩක් තියෙනවා....මට තනියම අරගෙන එන්න බෑ....ඉසුරු මල්ලී ඔයත් යමූ......"

" ඒ...ත්.....මේ රෑ....."

ඉසුරු ඒකට පොඩ්ඩක් අදිමදි කෙරුවා....

"රෑ දවල් බලන්නේ මොකද ඉසුරු මල්ලී.....ආයේනම් මට එන්න බෑ.....ඉක්මන් කරමූ....මට උන අර පොරොන්දු ඊට පස්සේ හරිද.....එතන තියෙනව මන්තර පොත් විස්සක් තිහක් විතර,,මට තනියම පුලුවන්නම් අනිවා අරගෙනමයි එන්නේ.....යමුද....."

" හා....යමූ....."

අවසානේ ඉසුරූ ඊට එකග වුනා. ඇඩ්ඩින් ගුරාගේ වත්තට පැන්න ඉසුරු බන්ටියි ඉන්නෙ කියලා හිතාගෙන ඒ රුව පිටිපස්සෙන් ඇදුනා.

මේ වෙද්දී ඇඩ්ඩින් ගුරාගේ පාලු නිවසේ ඉස්සරහ දොර තිබ්බේ ඇරිලා.....බන්ටිගේ රුව පිටිපස්සෙන් ගිය ඉසුරූ ඒ දොරෙන් ඇතුල් වුනා.

"දඩා......න්........"

ගේ ඇතුලට ඉසුරු පය තිබ්බා විතරයි ඒ දොර වැහුනේ ඉසුරුගේ හදවත් කම්පනය කරවන්න තරමේ හඩකිනුයි.

" මේ මේ දොර වැහුනේ ඇයී......"

ඉසුරූ හිටියේ මේ වෙද්දී මද තැතිගැන්මකින්.....

"පැනලා යන්න බැරි වෙන්න......"

මුලු ඇගම මොහොතකට සීතල වුනා ඉසුරුට ඒ හඩ ඇහෙද්දී...ඒ ඇහුනේ බන්ටිගේ හඩනම් නෙමේ...මීට අවුරුදු දෙකකට උඩදී මැරුනු ඇඩ්ඩින් ගුරාගේ හඩ අදුරගන්න ඉසුරුට අමාරු වුනේ නෑ.

"බ....බ....න්ටී"

වෙවලමින් හඩපිටකරපු ඉසුරුට දැනුනේ මදින් මද කාමරේ ඇතුලින් එන කුනු ගද.....

"අම්මෝ......"

ඉසුරුට යටගිරියෙන් කෑ ගැහුනා ,මෙතක් වෙලා ඔහු ලග හිටපු බන්ටිගේ රුව අතුරුදහන් වෙලා තිබුනා.....ඒ වෙනුවට ඔහු දිහා බලාගෙන හිටියේ ඇඩ්ඩින් ගුරාගේ ඕජස් ගලන පන ආපූ මලමිනියයි.....

"ඇඩ්ඩින් ගු....ගු...රුන්නාන්සේ..."

භීතොයෙන් කෑ ගහපු ඉසුරූ දොර ලගට දුවගෙන ගියා....ඒත් ඒක කොහොමවත් ඇරගන්න පුලුවන් වුනේ නෑ......

මුලු පාලු ගේ පුරාම දුවමින් ඉසුරූ ඉන් පිටවෙන්න ක්රමයක් බැලුවා........එකපාරම ඔහු පය පැකිලී වැටුනේ එහෙම දුවද්දීයී.......බන්ටිගේ නිසල සිරුර ගෙබිමේ වැටිලා තියෙනවා දැකපු ඉසුරූ ආයේ පරක් කෑ ගැස්සවුනා....

කරපු මෝඩ වැඩේ ටික ට්ක තේරෙද්දී ඉසුරූ හිටියේ හොදටම පරක්කු වෙලා.......

"මගේ දේවල් ගන්නනේ උබට ඕනා වුනේ ,එහෙම නේ........මගේ දේවල් වලට කාටවත් අත තියන්න බෑ කියලා දැන් උබට තේරෙනවනේ...මම මැරුනත් ඒක එහෙමමයී...."

ඇඩ්ඩින් ගුරාගේ අමුනුශ්ය ආත්මේ අත ඉසුරුගේ ගෙලත් සිරකරන්න වුනේ ඒ දේවල් කියමින්මයි.....ඒ අමුනුශ්ය ආත්මට ඉදිරියේ බේරිලා යන්න ඉසුරුටත් හැකිවුනේ නෑ....මොහොතකින් බන්ටිගේ නිසල සිරුර ලගම ඉසුරුගේ නිසල සිරුරත් වැටුනා.......

සියඹලා සෙවන කඩෙට අලුත් දවසක් උදා වෙලා....

කීප දෙනෙක්ම මේ වෙද්දී කඩේ ඇතුලේ ප්ලේන්ටියක් තොල ගාන ගමන් , මොනවහරි හපන ගමන් හිටියා.....

"කුසුමලතා අක්කේ ,,,ආරංචිද ,වෙලා තියෙන දේ....."

ලලන්ත කඩේට කලබලෙන් ආවේ එහෙම අහගෙනමයි....

"ඇයි මොකද........වෙලා තියෙන්නේ....."

කුසුමලතා විතරක් නෙමෙ කඩේ හිටපු අනිත් අයත් බලන් හිටියේ ලලන්ත මොකක්ද මේ කියන්න සැරසෙන්නේ කියලා..."

"ඉසුරු අයියයි ,බන්ටියයි කවුද මන්දා මරලා දාලා..."

"හපෝයි උබ ඔය කියන්නේ බොරුවක් නේද....."

"බොරු නෙමේ කුසුමලතා අක්කේ ,බන්ටියයි ඉසුරු අයියයගෙයි මිනී දෙක විල්සන් ගුරාගේ ගේ ඉස්සරහ පාරේ....තියෙනවා......බෙල්ල මිරිකලා මරල දාල තියෙනේ.....නිල්ම නිල් පටයි බෙල්ල...."

ලලන්ත කියද්දී කුසුමලතා ට මතක් වුනේ පෙරදා උදේ බන්ටිලා ඉසුරුලා මේ කඩේ ඇතුලට ඇව්ලිලා කතා වුන දෙවල්.......

"දෙයියනේ මගේ හිත කියන්නේම බන්ටියි ඉසුරුයි මරලා තියෙන්නේ මනුස්සයෙක් නෙමේ ,ඇඩ්ඩින් ගුරාගේ අවතාරේ කියලමයි......"

කුසුමලතාට සිතුනත් හඩින් පිටකලේ නෑ........

සියඹලා සෙවන කඩෙත් හදිසියේ වහල දාපු කුසුමලතා බයිසිකලේ පැදගෙන ඇඩ්ඩින් ගුරාගේ ගෙවල් පැත්තට කිට්ටු කෙරුවේ ඒ කතාව ඇත්තද කියලා බලන්න...

විල්සන් ගුරාගේ ගේ කිට්ටු කරද්දීම කුසුමලතා දැක්කා සෑහෙන සෙනගක් පාරේ වටවෙලා ඉන්න හැටී......

"අනේ දෙයියනෙ මේ මොන අපරාදයක්ද........මේ දේ කරපු එකාට හොදක් වෙන්න එපා........"

ගම්මු කීප දෙනෙක් විලාප තියනවා කුසුමලතා එත්නට ලන්වෙද්දීම ඇහුනා.....ලලන්ත කියපු දේ ඇත්ත බව කුසුමලතාට තේරුම්ගන්න වැඩි වෙලා ගියේ නෑ....

බන්ටිගේත් ,ඉසුරුගේත් නිසල සිරුරවල් දෙක පාර කෙලවරක වැටීලා තිබ්බා......

නිසල සිරුරවල් දේකේම තද නිල්පාටින් තිබ්බ ඇගිලි සලකුනු දකිද්දී නම් කුසුමලතාට තේරුනේ මේ මරන දෙකට හේතුව වෙලා තියෙන්නේ අමුනුශ්ය බලපෑමක් වගයි....

කුසුමලතාට විතරක් නෙමේ ඊයේ උදේ සියඹලා සෙවන කඩේ ඇඩ්ඩින් ගුරා ගැන කියද්දී එතන හිට්පු අය අතර හිටපු ,පොඩ්ඩේ ,අමරදාස ,නිමලේ ,සෙනවී නිපුනිකා ,ඒ අයටත් තේරුම් ගියෙත් ,ඉසුරුගේත් බන්ටිගේත් මරනවලට හේතුව අමුනුශ්ය බලපෑමක් වගයි.....

නමුත් හොල්මන් අවතාර වගේ නොපෙනෙන දේවල් විශ්වාස නොකරන්නෝ ,නීතිය මේ මරනවල හේතුව කුමක්ද කියා අනුමාන කරාවිද.......එය ප්රශ්නයක්????????


1 comment:

Powered by Blogger.