මහසෙන්ගෙන් පළිගත් ගැබ්බර බිරිදගේ ආත්මය






















වැලි තලය කපාගෙන නිවස ඉදිරිපිට ඒ නවත්වනවා ඇසුනේ කාර් රියකි .එ් පැමිණියේ කවුරුන්දැයි පෙර සිටම දැනගෙන සිටි මහසෙන් සෙනෙවිරත්න ඉදිරියට ගියේ තම අමුත්තන් පිළිගැනීමේ අරමුණෙනි .

ඉදිරියට ගිය ඔහුට ප්‍රථමයෙන් දක්නට ලැබුනේ රථයෙන් පිටතට බැස ගත් කඩවසම් තරුණයෙකි .නමින් රොෂාන් දැරණිගල නම් වූ තරුණයා විසි හත් හැවිරිදි වියේ පසු වන දක්ෂ ව්‍යාපාරිකයෙකු විය .ඔහුට පිටු පසින්
රථයෙන් බැස ගත්තේ තවමත් තෙමස් ගැබිණියක වූ ඔහුගේ තරුණ බිරිඳ වූ සාමාධිය.

"ඉතින් මිස්ටර් දැරණියගල. මම හිතුවාට වඩා ලේට් වුණානේ ඔයාලා ."

"ඔව් .කා එක ස්පීඩ් ඩ්රයිව් කරන්න බෑ මෙයාගේ සිටුවේෂන් එකත් එක්ක.මේ මගේ .වයිෆ් අදුනගන්න සාමාධි ."

"ඔහො
අහලා තිබ්බට දැක්කේ අදනේ . මිසිස් දැරණියගල මම හිතුවට වඩා ලසසනයිනේ ."

මහසෙන් තම රාගාධික දෑස් සාමාධිගේ පිරුපුන් ශරීරය මත ගෙන ගියේ ආසාවෙනි .සුන්දර යුවතියක් වූ ඇය දරු ගැබ දරා සිටීම නිසාම තවත් පැහැපත්ව සිටියාය.මහසෙන්ගේ දෑස් වල වු ස්වරූපය හදුනා ගත් සාමාධි රොෂාන්ගේ දෑතක වෙලුනා ය.

"ඇයි සාමාධි."

ඔහු ඇගේ වෙනස නොදැක්කේ ඔහු පැමිණි දුරකථනය ඇමතුමකට සම්බන්ධ වී සිට් හෙයිනි .

"මහනසිද ."

"බඩ නිකන් කැලෙතනවා වගේ මහත්තයෝ ."

"වයිෆ්ට මහන්සි ඇති . මං කාමරයක් ඇරෙන්ජ් කලා .චේන්ජ එකක් දා ගන්න ගිහිං ."

කියමින් මහසෙන් කෑ ගැසුවේ මෙහෙකාරියකට ය.

"මිසියෝ මේ මහත්තයලට කාමරය පෙන්වපං ."

කියද්දි එතනට දිව ආවේ සාමාන්‍යයෙන් අවුරුදු පනහක් පමණ කිව හැකි ගැහැණියකි.

"හා මහසෙන් මහත්තයා ."කී ඇය බිම වු ගමන් මල්ල එක් අතකට උත්සහ ගනිද්දි සාමාධිලා ඇය පිටුපසින් වැටුණි . පහළ මහලේ කාමර දෙක තුනක් පසු කර පැමිණි ඇය නතර වූයේ මතු මහලේ අන්තිමට වන්නට වූ කාමරයක් අසලය.

"මේක තමයි මහත්තයලගේ කාමරය ."

කියද්දි රොෂාන්ටත් කලින් කාමරයට එඹුනේ සමාධිය .ඇය පුදුම වූයේ එහි වු චුටි බාබාලා රැගත් රෑ දැකීමෙනි .හරියට ගැබිණියක් උදෙසා සකස් කළ කාමරයක් වැනිය.

"වාව් සමා .හරියට අපිටම රෙඩි කළා වගේනේ ."

ඒ ඇය පිටුපසින්ම කාමරයට පිවිසි රොෂාන්ය .

"හ්ම් ෂොයි ."

ඇය තම කුස පිරිමදිමින් කීවාය.

" මේ නෝනා ."

කාමරයට ඇදුණු සමාධි කාමරය ඇතුලය පිය මනිද්දි ඇයට මිලිගේ හඩ ඇසුනෙන් සමාධි ඇය දෙස බැලුවාය .එවිට ඇය හිසෙන් තමා ළඟට එන ලෙස සන් කළෙන් සමාධි ප්‍රවේසමින් අඩි තබමින් ඇය අසලට ඇදුනාය.

"ඔය බඩේ ඉන්න ළමයාට ආදරෙයිනම් ඉක්මනට මේ ගෙදරින් යන්න ."

ඒ හඩේ වූ ගැඹුරු ස්වරෑපයට සමාධි තිගැස්සුනා ය.ඊටත් ඇය බිය වූයේ ඒ මීට සුළු මෙහොතකට පෙර ඇසුණු මෙහෙකාරියගේ හඩට ඉදුරා වෙනස් විය . සමාධිගේ කැළඹිලි සහගත වත දෙස මෙහොතක් බලා සිටි අැය මම යන්නම් නෝන‍‍ා කියාගෙන යන්නට ගියේ ඇගේ පුරුදු ස්වරයෙන් එසේ පවසාය .

"සමා ."රොෂාන් ඇයට කතා කලේ ඇගෙන් ශබ්දයක් නොමැති තැනය .

"සමාධි මොකද මේ ."

"ඇහුනද එයා කිව්ව දේ ."

"මොකක්ද මගේ පිස්සු කෙල්ල ."කී රොෂාන් ඇයව ළඟට ගත්තේ ආදරයෙනි . නමුත් මෙම නිවසට පැමිණි වනම සිදු වූ අත්භූත සිදුවීම සමාධි තිගස්වන්නට සමත් වී තිබුණි .

සෙනෙවිරත්න නිවස සමාධිගේ හිතට අමුත්තක් කැඳවන්නට සමත් වද්දි එම නිවසේ ඔවුන් ගත කරන්නා වූ පළමු රැයද එළඹුණි . රාත්‍රි ආහාර කිස මහසෙන් සමඟ ගැනීමෙන් අනතුරුව රොෂාන් ඔහු සමග බියර් පාට්යකට එකතු වද්දි සමාධි සිය නිදන කාමරය කරා ඇදුනේ එවන් දේ වලට ඇය කොහෙත් අකමැති වූ හෙයිනි .

"රොෂාන් ගොඩක් රෑ වෙන්න එප‍ා. මට මේ ගෙදර මොකක්දෝ අමුත්තක් දැනෙනවා ."

රොෂාන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් සුළු මොහොතක් ගත කළ ඇය නාන කාමරයට යන ව්ට ඇය පිටු පස තවත් කෙනෙකු ලුහු බැඳි බව ඇය නොදැන සිටියාය

"සාමාධි ඔයා පරිස්සම් වෙන්න . මහත්තයා එක්ක ඉක්මනට මේ ගෙදරින් යන්න ."

කොදුරන්නාක් බදුව එවන් වදන් පෙළක් සමාධිට ඇසෙද්දි ඇය අතින් අත වූ බ්‍රෂ් එකද බිම වැටුණා ය .

"කරුණාකරලා යන්න සමාධි .ඔය හම්බවෙන්න ඉන්න ළමයාට ආදරෙයිනම් යන්න . "

යලි යලිත් එම හඩ ඇසෙද්දි පිරිසුදු වීම පසෙක ලූ සමාධි ඉක්මන් ගමනින් ඇදට ගියාය . .... ඇය එසේ සුළු කාලයක් සිටින්නට ඇත නොදැනීම නිදි දෙව් දුව ඇය වැළද ගත්තාය.

තද නින්දක සිටි ඇය අවදි වූයේ තිගැස්සීමකිනි . ඇය සිතුවේ ඒ රොෂාන් කීයාය. නමුත් දැනෙන සුවඳ විලවුන් සුවද වෙනස් ය. .

"රොෂාන් ."

" උඹට රොෂාන්මද ඕනි කෙල්ලේ .ආන් කොල්ලා හොදටම බීලා නිදි ....මම ආසයි මේ වගේ කෙල්ලන්ට .බබාලා හම්බවෙන්න පිට්ටු ගෙඩි වගේ ඉන්න කෙල්ලන්ගෙන් සැප ගන්න ..."

"අනේ ප්ලීස් එපා මට මොකුත් කරන්න එපා .... ."

"උඹත් හරියට ශාන්තා වගේ බං
ඒකි ඔය වචන ටික ඔය වගේම මට කීව්වා මතකයි ."

"ශාන්තා ."

"ඔව් මගේ ගෑණි . මගේ අාශාව ඉෂ්ඨ කර ගන්න දුන්නු නැති නිසා මැරෙන්න වූණා ."

"ශාන්තා නෙවෙයි .කවුරු මොනවා කීවත් මට වැඩක් නෑ .මට යන්න දීපං ." කී සමාධි මහසෙන්ට පහර ගැසීමට අත ඔසවද්දි ඇයවත් ඔහුවත් නොදුටුවේ කාමරයේ අදුරු මුල්ලක ගොඩ ගැහෙන අදුරු ජායාවකි .

නමුත් ඇගේ පහර වලක්වා ගත් මහසෙන් අැයව ඇදට පෙරලා ගන්නා විට අර අදුරු මුල්ලේ සිටි ආත්මය සමාධි වෙත ඇදි ආවේ වේගයෙනි ඒත් සමග මහසෙන් සාමාධිගේ ඇගින් වේගයෙන් ඈතට විසි විය ගිය අතර ඔහුට අවසන මතක තිබුනේ සිවිලිම මක වේගයෙන් කැරකෙමින් තිබු විදුලි පංකාව සිවිලිමෙන් ගැලවි තමා වෙත ඇදෙනවා පමණි .

"ආයේ අම්මා කෙනෙක් මරණන්නවත් මේ ගෙදර ටයිල් යට පස් කරන්නවත් උඹට බෑ."

විදුලි පංකාවෙන් තුවාල වී යන මහසෙන් දෙස බලා සිටි සමාධිගේ මුවින් පිට වූයේ එපමණකි .

2018 .06 .26.
දිවයිනේ විවිධ පුවත් පත් වල සිරස් තල මෙසේ විය.

ප්‍රසිද්ධ ව්‍යාපාරික මහසෙන් සෙනෙවිරත්න මහතා සහසික ලෙස මරමුවට .....

මරණය කවුරුන් කළාදැයි තවමත් සාක්ෂි හමු වී නොමැත....

මීට වසර දහයකට පෙර ඔහු විසින් සිය ගැබ්බර බිරිඳ මරා දැමු බවට ඔහුම පාපොච්චාරණ කර ඇත ....

බිරිදගේයැයි සැක කළ හැකි ඇට සැකිල්ලක් නිවසේ නාන කාමරයක වළලා තිබියදි සොයා ගනි ......

මහසෙන් සෙනෙවිරත්නගේ මරණය සැක සහිත බැවින් ඔහුගේ මරණය පිළිබද පොලිස් දෙපාර්තමේන්තුව පරීක්ෂණ දියත් කරගෙන යන බවත් හැකිතාක් ඉක්මනින් අපරාධයට වගකීව යුත්තන් නීතියේ රැහැනට ගැනීමට කටයුතු කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක විසින් පවසා ඇත .

නිමි

1 comment:

Powered by Blogger.