උම්මන්තක ආදරය























වසර නවයකට පෙර

ඒයි බ්ලැකි එපා දුවන්න

කුඩා රෝස් ඒ දිව ගියේ තම හුරතල් බලු පැටියා බ්ලැකි පිටුපසය.නමුත් හුරතලා ඇගේ වදන් මායිම් නොකළ දිව ගියේ තරමක් ඈතින් වන්නට වූ පාලම යටටය.

අනේ බ්ලැකි ඉන්නවා මම අද කී දැරිය බ්ලැකි පිටුපසින්ම පාලම යටට රිංගා ගත්තත් ඇයට ඊළග තප්පරයේ
කෑ ගැසුනේ එහි වූ දෙය දැකීමෙනි .

බ්ලැකි එන්න මං ගාවට

ඇගේ හුරතල් බැල්ල නගුට වනමින් හිස සුන් මළසිරුරක් ඉව කරන යුරු දුටු ඇය කෑ ගැසුවාය.ඇගේ හඩ ඇසුණු අවට සිටි දෙතුන් දෙනෙකු පාලම යටට එක්රැස් වූ අතර ඔවුන්ගේ මැදිහත් වීම මත ඒ හිස නැති කවන්දය පිළිබඳ තතු අසලම වු පොලිස් මූලස්ථානයට දැන ගන්නට සැලැස්සුණි.......

වර්තමානය

ස්ථානය
ඇමරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තය
රාත්‍රි එකොළහට පමණ

රාත්‍රිය නිසලය.ඒ රාත්‍රියේ නිසල බව බිඳ දමනුවේ මාර්ගයේ දෙපසට ඉද හිට ඇදෙන වාහනයක හඩිනි . නිසලව තිබු පරිසරයේ නිසල බව බිඳි ගියේ අතරු පාරකින් ප්‍රධාන පාරට වැටුණු රේසීන් බයිසිකලයක හඩිනි.

විටෙක හඩ අඩු කරමින් විටෙක හඩ වැඩි කරමින් ඇඳි ගිය ගිය බයිසිකල සිය ගමනේ නිමාව සනිටුහන් කළේ එක් පරණ පාලමක් අසලිනි . මොහොතක් ඉන් නොබැස තීක්ෂන බැල්මක් පාලම දෙස රඳවන් උන් තරුණයා බයිසිකලයෙන් බැස ගත්තේ හෙල්මන්ට් එක ගලවා බයිසිකල් රඳවනයේ තබමිනි.නමුත් ඔහුගේ වත ඉන් හරි හැටි නොපෙනුනේ ඔහු හිස් ආවරණයක් සහිත ටීෂට් එකකින් සැරසි සිටි බැවිනි .

නමුත් උසට සරිලන දේහධාරි ශරීරයකින් යුතු වූ හෙතෙම මනා ශරීරයකට හිමිකම් කියන්නෙකු බව දුටුවෙකුට අනිවාර්යෙන් හිතා ගත හැකි විය.

සිය දුඹරු පැහැති දෑස් විපරම්ශීලීව හසුරමින් ඔහු කලිසම් සාක්කුවෙන් ඇඳ ගත් දුරකථනයේ අංක කිහිපයක් ඔබා එය කණට ළං කර ගත්තේ ය.

හායි බේබි

ඒ හඩ ආදරණීය ය.හරියටම කියනවානම් අනුරාගයෙන් බර වෙලාය.

හායි ස්විට් හාට් කොහොමද

ඊට පිළිතුරු ලැබුනේ ඉතා ගීතවත් වූ තරුණියකගේ හඩිනි . ඒ හඩ ඇසුණු තරුණයාගේ ඇස් නැටවුණි.ඇගේ හඩ පවා ඉදුරන් පිනවන සුළුය .

ඔයා කොහෙද දැන් ඉන්නේ

ඔහුගේ හඩ නොවිසිලිමත් විය.මේ රාත්‍රිය ඔහු වෙන් කර ගත්තේ ගත්තේ ඇය වෙනුවෙන්මය.

තවම ගෙදර

ඇන්ජි මොකද ඔයා මට ආදරේ නෑ නේද ඒකනේ ඔය

හෝව් හෝව් සිල්වෙස්ටර් මං මේ ගස් බඩ ගාන්න හදන්නේ මට පැය කාලක් දෙන්න වෙස්ට් මං ඔතනට එන්නම්
උම්මා

කියු යුවතිය ඇමතුම නිම කරද්දි සිල්වෙස්ටර් දුරකථනය යලි කලිසම් සාක්කුවේ රුවා ගත්තේ ඇය පැමිණෙන තෙක් කාලය කා දැමීමේ අපහසුව පිළිබඳ සිතමිනි


තප්පරයෙන් තප්පරය කාලය ගෙවි ගොස් කාලය පැය කාලක් ගෙවි යන්නට ඇත.අදුර තුළ තම තියුණු ඇස් මෙහෙයවමින් සිටි සිල්වෙස්ටර් දුටුවේ අදුර අතරින් මේ දෙසට සුදු පැහැති ජායාවකි .

නියමයි එ් ජායාව අදුනාගත් සිල්වෙස්ටර්ගේ මුවේ ඇදුනේ ජයග්‍රාහි සිනහාවකි. දැන් ඉතිං අද රෑ පිළිබඳ පසුතැවිලි වන්නට දෙයන් නැත.

ඔහොම යන් කෙල්ලේ ඔහොම යන්

මේ දෙසට ඇදුණු යුවතිය පාලම අසල නතර වනවා දුටු ඔහු තමාටම මිමිණීය. හාවියක සේ වට පිට බැලු ඇය ඊ ළග තප්පරයෙන් පාලම යටට ඇදුණි .

අද විතරයි බෆලෝ හෙට වෙන කොහේ හරි

කී සිල්වෙස්ටර් අත සැගවි ගියේ බයිසිකලය මත වූ කුමක් හෝ යමකි නමුත් අදුර බාදාවක් වූ හෙයින් එය කුමක්ද කියා කිසිවෙකුටත් හදුනා ගත නොහැකි තරම්ය.

අර තරුණියටත් වඩා සුපරික්ෂාකාරී ලෙස පරිසරය පුරා දෑස් ගෙන ගිය ඔහු පාලම යටට රිංගා ගත්තේ කවුරුත් අවට නොමැති බව සැක හැර දැන ගැනීමෙන් පසුවය.
පුසෙකු මෙන් හඩ නොනැගෙන සේ අඩි තබමින් ඉදිරියට ඇදුණු ඔහු තරුණිය අසලට කිට්ටු වන විටත් ඇය සිටියේ ඔහුට යැවීමට පණිවිඩයක් දුරකථනය ගත කරමිනි.

නමුත් ඇය අත වු දුරකථනය බිම වැටි සී සී කඩ වුනේ සිල්වෙස්ටර්ගේ සුරත ඇගේ උරහිස කරා ඇදුණු බැවිනි .

ඇහැක් .....

ඒයි මේ මං එමි

ඇගේ ශබ්දය පිටට ඇසෙනවාට බියෙන් සිල්වෙස්ටර් වහා ඇගේ මුව අතින් මුව‍ා කර ගත්තේ ය.

ම්ම්හු

ඔහුගේ අත ඇංජලා මුදව‍ා ගත්තේ තරමක් දැගලීමෙන් අනතරුවය.

මරන්නද හදන්නේ බුරුවෝ හුස්ම හිර කරලා

කී ඇය හයියෙන් හුස්ම අල්ලන්ට වුවාය. එවිට ඔහුගේ මුවට සිනහාවක් නැගුනේ ඇය පැවසු මරණයේ කතාවටය. නමුත් ඊට පෙරාතුව ඔහුගේ දෑස් දිව ගියේ රිද්දමයකට ගැහෙනා ඇගේ ශරීරය මතටය.

ඇන්ජි ....

ඇයි

තම නිල් පැහැ නෙතු වේගයෙන් චලනය කරමින් එමි ඇසීය.මේ පාළු අන්ධකාර රාත්‍රියේ තම පෙම්වතා හමුවට පැමිණියද ඇගේ හිතේ වූයේ චකිතයකි .

එබැවින් ඇය තම හිත සන්සුන් කර ගැනීමට උත්සහ කරමින් පහළ වූ ගං තලය දෙස බැලීය. හද එළිය වැටි සිය ප්‍රතිබිම්බය දිස් වද්දි ඇය දුටුවේ සිල්වෙස්ටර් තම හිස වැසි කබාය ඉවත් කරන යුරු දුටු ඇය ඔහු දෙස බැලුවාය.

රන්වන් කෙටි කේ කළඹ අසාමාන්‍ය සුදු පැහැය සිනහා සෙන විට පැත්තකින් පෙනෙන නල දත මේ සියල්ල දෙස එමි බලා සිටියේ වශි වූවාක් මෙනි.

මොකද මේ අහා

ඇගේ බැල්ම සුපරික්ෂාකාරීව අධීක්ෂණය කල සිල්වෙස්ටර් ඇගේ කොපුලක් මතින් අත ගෙන ගියේ ය.

නෑ ඔයා හරි හැන්ඩ්සම් හරියට ඇක්ටර් කෙනෙක් වගේ

එමි පවසද්දි සිල්වෙස්ටර් තම නළ දත පෙන්වා යලි සිනහාවක් නැගීය. තමාගේ මේ පෙනුමට කෙල්ලන් වශි වන තරම ඇය දන්නවානම්.

ඔයත් ලස්සනයිනේ ගොඩක්

කී සිල්වෙස්ටර් ඇයව තමා වෙතට ඇද ගත්තේ ය.

ඇන්ජලා තිගැස්සි ගියේ එම පහසිනි.තවමත් දාහත් හැවිරිදි යුවතියක් වූ ඇයට එම ස්පර්ශය නුහුරු ලෙස දැනුනේ ඇය මෙම කාලය පුරාම එකදු කොල්ලෙකුටවත් පෙම්වතියක් නොවු බැවිනි . කෝල බවින් යුතුව ඇය ඔහුගෙන් ඉවත් වීමට හැදුවත් සිල්වෙස්ටර්ගේ ග්‍රහණය ඇය සිතුවට වඩා දැඩි විය. ඇගේ තොල් දෙකෙන් පටන් ගෙන ඔහු කෙල්ලක වූ ඇයව ඉදුල් කිරීමට පටන් ගත්තේ නොවිසිල්ලෙනි.එම පහසට රස වැටුණු ඇන්ජලා ඔහුගේ ග්‍රහණයට ටිකෙන් ටික නතු වද්දි කෙල්ලන් හමුවේ පළපුරුදු කාරයෙකු වූ සිල්වෙස්ටර් විනාඩි ගණනාවක් තරම් සුළු කාලයක් ඇතුලත ඇයව තම සිතැගි වලට නතු කර ගත්තා පමණක් නොව ඔහු අත වූ මුවහත් උල් කිනස්ස ... ඔහු තම ඉන මතින් ගෙන ඇන්ජලාගේ ගෙල වෙතට කිට්ටු කරනවා ඇයවත් නොදැක්කාය.
අහ්

සිල්වෙස්ටර්ගේ පිහිපාර කාගෙන එමි පිටුපසට විසි විය . නමුත් කෙදිනකවත් නැතුව ඔහුගේ ප්‍රහාරය වැරදි යද්දි ඔහු එමි අතින් පිටුපසට ද විසි වී ගියේ ය .

උඹ බේරෙන්නද කෙල්ලේ අහා මේ විසි පස් වෙනියා මට ඕනි ජීවත් වෙන ඇගවල් නෙවෙයි මැරුණු ඇඟවල් මගේ ආශාව සපුරන්න

කී සිල්වෙස්ටර් වියරු සිනහාවක් පෑවේ ය. එමි ඔහුගේ කිනිසි පාරෙන් තුවාල වූ උරහිස අල්ලාගෙන ඔහු අත වූ කිනිස්සෙන් ලේ ‍බිදු වැගිරෙන දෙස බලා සිටින්නට විය. ඇය නොදන්නවා වුවද ඒ බිම ලේ ගංගාවක් උරා බිව් තැනක් විය.

ඇගේ ලේ පොළව සිප ගන්නවත් සමග ඒ පොළව අමුතු කළු පැහැයකට හැරි කළු වලාවක් උඩට මතු වන්න විය . ඉන් තරමක් කැලබීමට පත් එමි යලි ඇස් පිස දා ඒ දෙස බැලුවද එහි වෙනසක් දක්නට නොවීය.

සිල්වෙස්ටර් තොම්සන් ඇමරිිකාවේ සහසිකි මිනිමරුවා මං ගැන අහලා ඇති තෝ නිව්ස් වලින්

මේ වසර නවය පුරාවට දුෂණය වෙලා මැරුණු කෙල්ලෝ අති තරම් ඒත් උඹ තමයි මගේ කිනිසි පාරින් එක පාර නොමැරුණු එකම එකි

සිල්වෙස්ටර් වියරු හඩින් විටෙක සිනහා පාමින් පවසද්දි එමිට දෙවියන් සිහි වූයේ මොහු පිළිබඳ ප්‍රවෘත්ති විකාශනයන්ගේ නිතරම සඳහන් වන බැවිනි .නමුත් ගමට පැමිණි කානිවල් එකේදි තමාට හමු වූ මේ සුන්දර තරුණයා එවන් බිහිසුණු මිනිමරුවෙකු කියා කෙසේ විශ්වාස කරම්ද ?

දෙවියනේ කවන්දය‍ා ඒ ඔයාද

ඇමරිකාවේ විවිධ ප්‍රන්ත වලින් ඉද හිට හමු වන හිස නැති තරුණියන්ගේ දුෂණයන්ට සම්බන්ධ මොහුද එය සිදු විය හැකිද ?

කවන්දයා සිල්වෙස්ටර් කියනවට වඩා මම ඒ නමට කැමති ඊටත් වඩා මැරුණ කෙල්ලන්ගේ ඇගවල් එක්ක ගණුදෙනු කරන්න

කී සිල්වෙස්ටර් ඉදිරියට පීනු ගමන් අල්ල ගත්තේ එමිගේ කෙස් වැටියය. ඔහු අත වූ කිනිස්ස ඒත් සමග පාත් වූයේ එමිගේ බෙල්ලටය. නමුත් ඔහු තිගැස්සි ගියේ එවිට ඇසුණු හඩිනි.

වෙසට්

ඇන්ජි

අවුරුදු නවයකට පෙර තමාගේ පහස සංසිදුවා ලූ එම තරුණියගේ හඩ ඇසීමට ඔහු යලි කිසිදා බලාපොරොත්තු නොවුණි. ඒ රුව අපේක්ෂාවෙන් වටපිට බැලු සිල්වෙස්ටර් අඩි දෙක තුනක්ම පිටුපසට විසි වූයේ එමි නොව ඇය තුළින් ඇංජලා දර්ශනය වීම නිසාය.

වෙස්ට් ආයේ මාව බලන්න ආවාද

නෑ ඔයා මැරිලා

ඔයා නැතුව මට මැරෙන්න බැ නේ වෙස්ට් මතකද ඒ දවස ඔයා මං නිසා මොන තරම් සතුටු වුනාද

පලයන් යන්න බැ###

අත වූ කිනිස්ස ඇය වෙතට එල්ල කළ සිල්වෙස්ටර් කෑ ගැසීය. කිනිස්ස ඇගේ පපුව මත ඇමිනෙද්දි ඇය

අවුරුදු නවයක් මං මෙතන ඔයා නිසා මං මැරිලා ගිය තැන උමතු ආසාවක් ... මළමිණි සමඟ ලිංගිකව හැසිරීම දැන් මගේ ආසාවත් උමතුයි

කී ඇය සිය බෙල්ල ගලවා අතට ගත්තාය.

එවිට ඔහු දුටුවේ එයින් ගොජ ගොජ ගැවිල්ලේ බිම වැටෙන ලේ බිදුය.ඊළග මොහොතේ හිස බිමට අතැරි ඇය සිල්වෙස්ටර් වෙත ඇදෙන්නට වූවාය.

ලස්සන රූපයක් උමතු ආදරයක්

යන වදන් සමග ඇගේ පපුවෙන් විසි වී ආ කිනිස්ස ඇදි ගියේ ඔහුගේ මුහුනේ පලුවක් තුවාල කරමිනි.

යන්න දීපං මට

උඹ වැරදි තැනකට වැරදි කෙනෙක් ගෙනාවා එමි ජැක්සන් ඒ ලේ නැත්නම් අද තවමත් තෝ ගෑණු දඩයම් කරන විකෘතිකයෙක්

අැය ගොරෝසු හඩින් පවසද්දි සිල්වෙස්ටර් ඇන්ජලා මතක් විය .ඇයත් ජැක්සන් කෙනෙකු විය .එසේනම් මේ එමි ඇගේ පවුලේම අයෙකුද ?

එමි ජැක්සන් මගේ බාල නංගි ඒයා අද බේරෙයි ඒත් තෝ ....කී ඇය අත වූ පිහිය ඔහුගේ පපුව පුරා ගියේ ඔහු කෑ ගසද්දීය.නමුත් එ පාලු රාත්‍රියේ ඒ කෑ ගැසීම අසනන කවුරුවත් නොසිටියේ ඇන්ජලා ඇතුළු තරුණියන් මරු තුරුලට යැවීමට ඔහු පාලු ස්ථාන සූක්ෂමව තෝරා ගත් හෙයිනි .

ලේ ........ලේ වලට ආසයිනේ ආ ඉදා කී ඇය ඔහුට පෙව්වේ ඔහුගේම ලේය. ඉන්ද නොසැහුණු ඇන්ජලීනාගේ ආත්මය කවන්දයා නමින් ප්‍රචලිත සිල්වෙස්ටර්ගේ හිස ශරිරයෙන් වෙන් කරද්දි එමි සිහි සුන්ව වැටුනේ ඇන්ජලීනා උමතු මිනිමරුවෙකුගේ අවසනාය එලෙස සිදු කරද්දීය

දෙවියනේ ඇග කිලි පොලා යනවා මං කවන්දයා ගැන අහලා තියෙනවා ඔයාට එයා ඇස් දෙකටම දැකලත් එයාගෙන් බේරුණු එක පුදුමයක් වගේ නැද්ද

එමි ජැක්සන්ගේ උම්මන්තක ප්‍රේමය නම් කෘතිය වසා දමමින් ෆෙඩ් විමසීය.ඊට එමි සිනහා සුනා පමණි .අධික රැධිර වහනය හා කවන්දයාට මුහුණ දී දිවි බේරා ගැනීම හාස්කමකි.

නිතර හඩ පට ක්‍රියාත්මක වන තම දුරකථනයේ එදා ඒ සිදුවීම පටිගත් වී තිබු හෙයින් එමි එද‍ා කවන්දයාගේ මරණයට වීරය‍ා වුවද තම‍ා මුහුණ දුන් ඒ සිදුවීම යලි මෙනෙහි කරමින් ඇය බැලුවේ තම දුරකථන තීරයේ සටහන් වී ඇති ඇන්ජලිනාගේ අදුරු රුව දෙසය.

නිමි


2 comments:

Powered by Blogger.