ගරාවැටුන බංගලාවේ හොල්මන් කරන ක්ලේයාරා

හරි අපි කතාවට බහිමු. මේක මෙහෙමයි පටන් ගන්නේ.
මචං කෙමි, යං බන් ට්රිවපක් කාලෙකින් ගියෙත් නැනේ.
අඩේ ඔව් බන් වැඩ වලට හිරවෙලා හිටයා විතරයි ෆන් එකක් ගන්න වෙලාවක් තිබ්බේ නැහැනේ. අනිත් උන්ටත් කතා කරලා අපි සෙට් වෙමු එහෙනම් .
සතියකින් පස්සේ කෙමි, දීලා,චේහා,අචා,ගිවා,දම්සරිත් සෙට් වෙලා ට්රිලප් එක යන්නේ කොහෙද කියලා තීරණේ කරන්න වුණා, අවසානයේදී නුවරඑළියේ දවස් දෙකක ට්රිඅප් එකක් යන්න තීරණේ වුණා,

ඊලග සතියේ සතිඅන්තයේ චෙහාගේ වැන් එකේ මෙයාලා නුවරඑළියේ ගියා. ඒ ගිහින් නැවතුනේ කෙමිගේ අප්පච්චිගේ යාලුවෙක්ගෙ බංගලාවක. දන්නවනේ ඉතින් කොල්ලෝ සෙට් වුණා කියන්නේ අනිවාර්යයෙන්ම එතන පාටියක් කියලා. මෙයාල හවස් වරුවේ තම මේ බංගලාවට ගියේ , බංගලාවේ වැඩට ඉන්න කීපදෙනෙක් තම එදා දවසේ බංගලාවේ හිටියේ. සෙට් එකම වොෂ් දාලා හවස ටි එකට සෙට් වුණා. මේ වෙද්දී මිදුම බාලා තිබ්බේ, ඒවගේම හීනියට වැස්සකුත් වැටෙනවා,
මචං චේහා මොකක්හරි කරමුනේ බං මේ සීතලේ රත් වෙන දෙයක්,
අහ්හ් කරමු කරමු දිලෝ ,, අප්පුට කියල බයිටකුත් හදාගමු,
එහෙම කියලා ගිවයි දම්සරිතුයි චෙහයි වැන් එකේ නැගලා ටවුන් එක පැත්තට ගියා. ඒ අතර කෙමියි දීලයි දෙන්නා අප්පුට කියලා බයිටකුත් හදාගත්තා. දැන්ඉතින් කට්ටියම ගජරාමෙට බොනවා.
අප්පු... අප්පු..
මේ එනවා මහත්තයෝ..
අප්පුත් එන්න අපිත් එක්ක සෙට් වෙන්න,
අනේ මහත්තයෝ , ලොකු මහත්තය දැනගත්තොත් මව බන්ගලවෙනුත් එලවල දැයි,
අයියෝ අප්පු, එහෙම වෙන්නේ අපි කිව්වොත්නේ, කෝ කෝ එන්න එන්න
කොමහරි දැඩි පෙරත්තකින් පස්සේ අප්පුත් මෙයාල එක්ක සෙට් වුණා.
අප්පු, අප්පු දන්නවද මේ පැත්තේ හොල්මන් කථා ගැන,
අපොයි ඔව් මහත්තයෝ මං ගමේ මිනිහනේ, මං දන්නේ නැද්ද මේ පළාත ගැන,
කියමුකෝ එහෙනම් ඒවගේ තැනක් ගැන , ඒ ගිවා,
මහත්තයලා එද්දී ඇර අතන ලොකු වංගුවත් එක්ක උඩ තිබ්බ ගරාවැටුන බංගලාව දැක්කානේ, ඔකේ ඉන්නවා හොල්මන් ,
අප්පු දැකල තියනවද??
මොකද නැත්තේ මහත්තයෝ මං තරුණ කාලේ ඕකට ගිය දවසක් , එත් එදා එදමයි ආයේ නම් ගියේ නෑ ඒ පැත්තේ,
ඒ මොකද අප්පු ඒ?
හරිම මුසල බංගලාවක් , මං ගියේ ඒ කලේ කොල්ලෝ දෙතුන් දෙනෙක් එක්ක, එකෙක්ට නුල් දින්නත් වුණා බය වෙලා. සුදු ඇදගත්ත ගැනියෙක් ඉන්නවා ඒ බංගලාවේ.
ශා මරු මරු මරේ මරු, ඒ කෙමි,
කෙමි ටිකක් මේ හොල්මන් බුතයෝ ගැන ආසාවක් දක්වන කෙනෙක්,,
මචං අපි යන් විසිට් එකක් දාන්න ඒ පැත්තේ, මොකද උබල කියන්නේ ?
අඩෝ මට නම් බ මං ඕවට බයයි, ඒ දීලා
හරි කවුද එන්නේ මාත් එක්ක ඒ බංගලාවට යන්න,
දීලා ඇරෙන්න අනිත් හැමෝම එක පයින් මේ අදහසට එකග වුණා, අප්පුත් මාත් එන්නම් කියලා ගමනට එකතු වුණා, දිලාට තනියම ඉන්න බැරි නිසා අකමැත්තෙන් වුනත් දීලාත් මේ ගමනට එකතු වෙන අන්තිමේදී තීරණේ කල.
ටෝච් දෙකතුනකුත් අරන් මෙයාල ගිය දන් මේ බංගලාවට , අවරුදු ගානකින් කිසිම විදිහකට මේ බංගලාවවත් පරිසරයවත් සුද්ද කරලා තිබ්බේ නෑ.
අප්පු මේ වගේ ජරාවාස වෙලා තියන තැනක මනුස්සයෙක්ට තිය අමනුස්සයෙක්ටවත් ඉන්න බැනේ බන්,, පලනකෝ හැටි , ඒ ගිවා
මේක අවරුදු ගානක් අතරලා දාලනේ තිබ්බේ මහත්තයෝ, කීපදෙනෙක්ම ගන්න ආවා එත් ගත්තේ නැ, මොකක්හරි වෙලා ඒ වැඩේ නතර වෙන්වා,
මේක අයිති කාටද අප්පු, ඒ කෙමි,
මේක අයිති සුද්දේකට ඒ කලේ නම් හැබැයි ඊටපස්සේ කොලබින් ආව මහත්තයෙක් මේක ගත්ත සල්ලි වලට, එත් එයාල මේකේ කිසිම දවසක පදිංචි වුනේ තිය බලන්නවත් අවේ නැ,
කතාවෙන් කතාව මෙයාල බංගලාවේ දොරකඩටම ආවා.
වල් බිහිවෙලා හැමතැනම, ගස් වල කොළ සරස් සරස් ගාල පැගෙනවා,
මේ දොර ඇරලද දන්නේ නැනේ, කෝ බලමු කියල කෙමි ලොක්කා වගේ ඉස්සලම ගියා, එත් එක අරන්න බෑ ලොක් කරලා.
මචං මේක ලොක්, අපි වටේ ඇවිදලා ඇතුලට යන්න දොරක් හොයාගමු කියල බංගලාව වටේට ඇවිද්දා පිළිකන්නේ පොඩි දොරක් තිබ්බා එකත් ලොක් , ආයෙත් ඉස්සරහා දොර ලගාව ඇවිල්ලා අයෙත් මේක ඇරලා බලමු කියලා තල්ලු කලාම කිසිම හැල හොල්මනක් නැතුව ඒ දොර අරුණ,
මචං බලපන්කො මේක ඉස්සල්ල ලොක් දැන් බබා වගේ අරුනා, එහෙම කියාගෙන කෙමි ඉස්සර වෙලා ගියා බංගලාව ඇතුලට,
බංගලාවේ හැමතැනම දුවිලි පිරිලා ඒ මදිවට මියොත් දුවනවා, සුද්දගේ කාලේ ගෘහ භාණ්ඩත් එක්කමයි මේ බංගලාව අතැරලා දාලා තිබ්බේ,
අනිත් ය කොහොම වුනත් දිලාගේ හිතේ පොඩි චකිතයක් තිබ්බ මේ ගමන ගැන, කරන්න දෙයක් නැති කමට අවා මිසක් කැමැත්තකින් ආව ගමනක් නෙවෙයිනී,
කාමරයක් කාමරයක් පාසා මෙයාලා ඇවිද්දා , ඒ අතර ගිවාට ඇහෙනවා කව්රුහරි පියානෝ එකක් ප්ලේ කරන සද්දයක් , ගිවා කෙමිගෙන් අහනවා මචං පියානෝ ගහන්නේ කවුද බන් මේ කියලා.
උබට පිස්සුද බන් මොන පියනොද උබට මනස්ගාත කියලා කෙමි යනවා,
ඒ අතර සොල්දරයේ කව්රු හරි ඇවිදින සද්දයක් මෙයාලට ඇහෙනවා, මෙයාල එක සෝදිසි කරන්න යනවා සොල්දරේට එත් කිසිම කෙනෙක් නැ, අයෙත් ඇහෙනවා පඩිපෙළ බහින සද්දයක් , පඩිපෙළ ලි නිසා ඒ සද්දේ හොදටම ඇහුණා, මෙයාල යද්දී කිසිම කෙනෙක් නෑ,
මචං ගිවෝ මට නම් දැන් ටිකක් බයයි බං, ඒ දම්සරිත් , ඔව් බන් මටත් මේ හිටියට බයේ ඉන්නේ, අර ගෑනි අපිව බය කරන්නද කොහෙද බන් හදන්නේ, එහෙම කියනවත් එක්කම ඒ ලගම තිබ්බ කාමරේක මොකක්ක්ද බිමට වැටෙන සද්දයක් ඇහුනා, එත් ගිහින් බලද්දී කිසිම දෙයක් නෑ.
මචං යමන් උඩ තට්ටුවට මං හිතන්නේ මං යමක් දැක්ක ඒ චේහා, උද තට්ටුවට යද්දී මෙයාල දැක්කේ පැද්දෙන පුටුවක් පැද්දී පැද්දී තියනවා, හුලන් පොදක් නැති මේ ගුහාවේ කොමද මේ පුටුව පැද්දෙන්නේ?
හැමෝටම තිබ්බේ ඒ ප්රදශ්නේ විතරයි. ඒ ගමන්ම දීලා යටිගිරියෙන් කෑගහන්න ගත්තා, මචන්ලා අර බලපන් අර අතන , එහෙම කියනවත් එක්කම ඒ පැත්ත හැරිලා බැලුවා, හැමෝටම දෙවියෝ සිහිවුනේ එතකොට තමා,
පඩිපෙළත් එක්කම දකුණු පසින් තියන කාමරේ ඇතුලේ ඉදන් සුදු පාට දිග ගවුමක් ඇදගත්ත යුරෝපිය තරුණියක් මෙයාල දීහා එක එල්ලී බලාගෙනම ඉන්නවා, හැබැයි ලොකු බයක් ඒ මුනේ තිබිල තියන්නේ, තත්පර කහිපයක් මෙහෙම ගෙවිල යනවත් එක්කම ඒ තරුණිය අයෙත් ඒ කාමරේට ගිහින් තියනවා, දැන් නම් කට්ටියට තරු පෙනිලා අප්පුට සරමේම මුත්රා් පිටවෙලා,
මේ සෙට් එකේ වීරයා කෙමිනේ , කෙමිට ඕන වෙලා තියනවා මේ කාමරේ ඇතුලට යන්න, එත් ඉතින් කිසිම කෙනෙක් කැමති වෙලා නම් නැ මේකට, එහෙනම් මං තනියම යනවා කියලා කෙමි ගිහින් තියනවා, මොන වුනත් යාලුවනේ කියලා අනිත් අයත් අකමැත්තෙන් වුනත් පස්සෙන් ගිහින් තියනවා,
දොර තල්ලු කරගෙන කාමරේට ගිය මෙයාල දැකල තියන්නේ තනිකරම දුවිල්ලෙන් පිරුන කාමරයක්, ටෝච් එකත් ගහගෙන මෙයාල මේ කාමරේ අවුස්සලා, සුද්දගේ කලේ බඩු පිරිලා. වටිනා බඩු, කොමහරි අල්මාරියේ තිබිලා ෆොටෝස් වගයක් ගිවාට හම්බෙලා තියනවා, ඒවගේ තිබිල තියන්නේ මෙහෙ පදිංචි වෙලා හිටිය සුද්දාගේ පවුලේ ඒවා, ඇර හොල්මන් කරන ගැනු ළමයත් මේවගේ ඉන්නව මෙයාල දැකල. ඒවගේම තවත් අව්ස්සද්දී දිනපොතක් මෙයාලට හම්බෙලා තියනව.
එකේ අයිතිකාරයා ක්ලේයරා ලෝරන්ස් කියලා තමා ගහල තිබ්බිල තියන්නේ.
September 21st 1953
I miss him so much
I love him so much
But daddy does not like him. I beg daddy I wanna him... I wanna marry him. Sorry daddy im so sorry!!
I know he is not a white one, but I love him daddy, why don’t you understand?
I can’t do this anymore daddy, I know what I have to do. 2 more days daddy!

ඒ තමා ඒ දිනපොතේ අවසන් වරට ලියා තිබුන දේ, ඒවගේම ඒ දිනපොතේ ලේ ගැවිලා තිබිලා තියනව.
කට්ටියට දැන් තමා මේ සිද්දිය තේරුම් යන්න පටන් ගත්තේ, එක්කෝ මේ කෙල්ලව මරල නැත්නම් මැරිලා. මොකක්හරි රහසක් තියනවා මෙතන ...
තවත් අවුස්සද්දී සිංහල මිශ්ර ඉංග්රීේසියෙන් ලියන ලද ලිපි තොගයක් මෙයාලට හම්බෙලා තියනවා,
ආදරණිය cleara ,
අපි දෙන්නා ජාති දෙකක තමා එවුනට මං ඔයාට අදරෙයි. මම මේ ගෙදර වැඩකරයා වුනත් ඔයාගේ හිත ගන්න මට පුළුවන් වුණා, David sir ඔයාට කරදර කරනවා කියලා මන් දන්නවා. එත් මං මොනවා කියලා කරන්නද රත්තරන්? එකම විසදුමයි තියෙන්නේ, ඔය කැමතිද එකට ? මං පෙරේද කිව්වා වගේ David sir Colombo යනවා 23,24 වෙනිදට එදාට ඔයා එනවද මාත් එක්ක යන්න? අපි දුර පළාතකට ගිහින් ජීවත් වෙමු, මං බලන ඉන්නවා දිය ඇල්ල ලග එන්න වෙනද වෙලාවටම,
ඔයාගේ ,
ආදරණිය සිරිමල්.

අප්පු මේ සිරිමල් තාම ගමේ ඉන්නවද ?
ඔව් මහත්තයෝ ඒ සිරිමල් තාම ඉන්නවා,
එතකොට මේ සුද්දීට මොකද වුනේ?
එක නම් දන්නේ නැ මහත්තයෝ , ඔය කියන දවස් වල මට අවරුදු 5ක් විතර ඇති , මා මතකයි සුද්දා හරි හදිසියෙන් මෙහෙන් ගිය කියලා නම්.
හරිනේ දැන් තම මෙතන වුණ දේ තේරුනේ,
එතකොටම මේ බංගලාවේ යටම තට්ටුවෙන් යමක් පෙරලෙන සද්දයක් ඇහිලා කට්ටියම ඒ පැත්තට දිව්වා.
ඒ බංගලාවේ කැම කාමරෙන් තමා ඒ සද්දේ අවේ,,
මෙයාල ටෝච් ගහල හොදට සෝදිසි කරල බලල තියනව.
ගිවෝ, මෙහෙ වරෙන් , බලපන්කෝ මේ මොකක්ක්ද කියලා, කෙමි එහෙම කගද්දී හැමෝම ඒ පැත්තට ගියා , කෑම කාමරේ බිත්තියේ මහ රැජිනගේ ලොකු පින්තුරයක් එල්ලලා තියනව. එකේ කෙමියගේ ඇත වැදුනම එක වැටිලා බිමට, එතන පිටිපස්සේ දොරක් .
හැමෝම තුෂ්නිම්බුත වෙලා එක දිහා බලන් ඉන්නව, අඩෝ මෙහෙ දියණ ටෝච් එක ගහපන්කෝ මේ දොරට හරියට ඕක, මේ දොර අවරුදු ගානකින් ඇරලා නැ වගේ,, ඔව් ඔව් ඉතින් අරන්න මෙහෙ කව්රුත් නැනේ , කමක් න අපි ඇරලා බලමුකෝ මොකක්ද මේකේ ඇතුලේ තියන්නේ කියල්..
එහෙම කිව්වා කෙමි , ගිවගේ චෙහගේ උදව් තිව දොර කොමහරි ඇරගත්තා.
හොදටම දුවිලි පිරුන මකුළු දැල් පිරුනකමාරක්, හරිම අදුරුයි, ටෝච් එකේ පිහිටෙන් කාමරේ තියන හැමදේම අදාල බලද්දී එක පාරටම දීලා හු තියන ගිවගේ අගේ එල්ලුන. මොකද බන් වෙලා තියන්නේ තොට, තෝ මාවත් බය කලා. අර බලපන් අතන මොකක්ක්ද තියන්නේ කියලා ,.. දීලා බිත්තිය පැත්තට ඇත දික් කරල පෙන්නුවා.
ඇටසැකිල්ලක්!!!
ඔව් ඇටසැකිල්ලක් , හැබැයි ඒ අටසකිල්ලේ අත පය ඔලුව සිසිකඩ ඒ අතර සුදු පාට ගවුමක්,
කට්ටියම හිතුවේ නැති විදිහේ දෙයක්.. කට්ටිය සප්පායම් වෙලානේ හිට්යේ දැන් ඒ ඔක්කොම බැහැලා. ඒ අස්සේ අර හොල්මන් කෙල්ලත් ඒ ලගම ඉන්නව බිමට ඔලුව බර කරගෙන,
මිනි ඇටසැකිල්ලකුයි, හොල්මනකුයි , කොමද ආතල් එක. බය නැති කෙනා කෙමිනේ ඇටසැකිල්ල ලගට ගිහින් එක බලද්දිම අර හොල්මන මෙය දිහා එක එල්ලේ බලන් ඉදල හිනා වෙලා අතුරුදහන් වෙලා තියනවා.
කෝකටත් අතපත ගන්න නොයන එක අගට ගුණ නිසා. මෙයාල මේ බංගලාවෙන් එලියට ඇවිල්ල තියනවා,
ට්රිතප් එකක් ආව මෙයාලට අන්තිමේට වුනේ අභිරහසක් විසදන්න , කොමහරි උදේ පොලිසියට කෝල් කරලා. මේ ගැන දැනුවත් කරල තියනවා,
කෙමිට ඕන වෙලා තියනවා මේ සිද්දියේ හරි ඇත්ත හොයාගන්න, අප්පුගේ උදව්වෙන් අර සිරිමල්ව හොයගෙන ගිහින් කථා කරලා තියනව.
ගෙදර කවුද ගෙදර කවුද ?
අහ ඉන්න මේ එනව.. කව්ද මේ මහත්තයලා, අහ මේ අප්පු ළමයත් ඉන්නේ,
මං හිතන්නේ මේ ඉන්නේ සිරිමල් වෙන්න ඕන,
ඔව් මහත්තයෝ මං තම, කෝ එන්න වාඩි වෙන්න මහත්තයෝ
මන් කොළඹ ඉදන් ආවේ නිවාඩුවකට මෙහෙ, ඒ වුනාට වුනේ මට අභිරහසක් විසදන්න,
සිරිමල් දන්නවා ඇතිනේ වංගුව ගාව බංගලාව ගැන
එහෙම කියද්දී සිරිමල්ගේ මුණ වෙනස් වුණා.
ඇයි මහත්තය ඒ ගැන අහන්නේ? එක අත ඇරලා දාපු බංගලාවක්, කවුරුත් ඕකට යන්නේ නැහැ,
එවුනට අපි ගියා එකට, දන්නවා ඇතිනේ වුනේ මොකක්කද කියලා අපිට වඩා හොදට සිරිමල් ?
මොකක්ක්ද මහත්තයා දැන් මගෙන් දැනගන්න ඕන?
මට දැනගන්න ඕන බංගලාවේ හිටිය ක්ලේයාරා කියන ගැනු ළමයට වෙච්ච දේ ගැන ?
සිරිමල්ගේ අස වලට කදුළු පිරුණා කෙමි එහෙම කියද්දී,
ඔව් මහත්තයෝ, මං එය එක්ක තරුණ කලේ සම්බන්දයක් තිබ්බා තමා එත් එක පාරටම එයා මෙහෙන් අතුරුදහන් වුණා හැමතැනම හොයල බැලුව එත් අරන්චියක්වත් නැහැ. හැබැයි පස්සේ ඒ බංගලාවේ හොල්මන් කරන්නේ එය කියලා මං දැනගත්තා,
කියන්නකෝ විස්තරේ මුල ඉදන් ,
මෙහෙමයි මහත්තයෝ වනේ,
මම ඒ කලේ කලේ බංගලාවේ වත්ත පිටිය සුද්ද කරපු එක, මන් ඒ කලේ හැඩිදෑඩි කොල්ලෙක්, ඉතින් ගමේ කෙල්ලෝ ඔක්කොම මගේ පස්සෙන්, මට ඕවට වෙලාවක් තිබ්බේ නැ බංගලාවේ දවසම වැඩ නිසා,
බංගලාවේ අයිතිකර සුදු මහත්තයා David, හරිම නපුරු මනුස්සයෙක් , නපුරු කියන්නේ අපිට සැලකුවේ සත්තුන්ටත් වැඩ අන්ත විදිහට මහත්තයෝ. පොඩි වැරද්දක් වුනොත් කස පාර තම එදාට,
සුදු නෝනා නම් හරිම කරුණාවන්තයි. ළමයි හිටිය 5ක්. ක්ලේයරා තම 3 වෙනි ළමයා ඒ පවුලේ, එංගලන්තේ ඉගන ගෙන ඉවර වෙලා තම එය මෙහෙ අවේ. ඒ දවස් වල මං එහෙ වැඩ කලේ, හරිම සීදේවි , කරුණාවන්තයි, රෝසම රෝස පාටයි, අපිට වුනත් හරිම ආදරෙන් සැලකුවේ,
මහත්තයෝ මං ටිකක් දුරකට ඉගන ගත්ත කෙනෙක්, එත් ඉතින් සුද්දෝ එක්ක ඒවා බැනේ, කරන්න දෙයක් නැතිකමට තමා බංගලාවේ වත්තේ වැඩට ගියේ,
ක්ලේයාරා ඒ දවස් වල එනව වත්තට නිතරම , ඒ අවම වැඩ කරන ඒවටත් වෙලාවකට උදවු කරනවා , එපා කියන්න කියන්න වැඩි. කොමහරි දවසක් ක්ලේයාරාගේ කකුලේ සර්පයෙක් කෑවා. මන් තමා විස ටික ඇද්දේ, එදා ඉදන් සුදු නොනයි , ක්ලේයරයි මාත් එක්ක වෙනදටවද හොදයි.
ක්ලේයාරාට ඕන වුණා සිංහල ඉගන ගන්න, එය මට කිව්වා කියලා දෙන්න කියලා. ඉහින් මං නිවාඩු පාඩු වෙලාවට කියලා දෙනවා. මේ පළාතේ ඇවිදින්න යන්න වුනත් ක්ලේයාරා මව අඩගහගත්තා, සුදු නෝනා වුනත් එකට මොකුත් කිව්වේ නැ. David sir නම් ඒ ගැන දැනගෙන හිටියේ නැ.
කොමහරි දවසක් ක්ලෙයාර කිව්වා කැඩිච්ච සිංහලෙන් සිරිමල් මං ඔයාට අදරෙයි ඔයා මට අදරයිද කියලා මං හීනෙකින්වත් හිතපු දෙයක් නෙවෙනෙ මේක, මං ඇත්තටම බය වුණා, මොකද මං එය දිහා බැලුවේ හාම්පුතා දිහා බලන විදිහට, කොමහරි මගේ හිතෙත් එය ගැන ආදරයක් ඇති වුණා,
අපි හැමදාම හවසට දිය ඇල්ල පාමුල හම්බවුන. තරුණ හිතනේ වෙන්න ඕන ඔක්කොම වුණා .. මෙහෙම අවුරුද්දක් ගත වෙද්දී. Edward කියලා ක්ලේයාරාව යෝජනා කරා. ඕක දැන ගත්ත ගමන් ක්ලේයාරා මව හොයන් ඇවිල්ලා කිව්වා මව අරන් යන්න මට බෑ එයාව බදින්න කියලා. කොමහරි David sir දැනගෙන තියනව අපි දෙන්නගේ සම්බන්දේ ගැන ,
Sir මට කස පාරවල් දුන්න මහත්තයෝ, මේක නවත්තන්න කියලා, ක්ලේයාරාටත් මන් ඉස්සරහම කස පාරක් දුන්නා. මේ වෙද්දී ක්ලේයාරාට මගෙන් දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා sir දැනගත්තා. ක්ලේයාරාට දුන්න දුක දන්නේ එය විතරයි, බඩටත් පයින් ගහල් ඒ දරුවා නැති වුණා මහත්තයෝ. මාව අස් කලා රස්සාවෙන්,
කොහොමහරි . Edward ට බන්දන්න තමා ඕන වුනේ. ඒ අතරේදී කොමහරි මං ක්ලේයාරා බලන්න රැට බංගලාවට පනිනවා, ලිවුම් කොමහරි හුවමාරු කරගත්තා.
දවසක් රෑක මං බංගලාවට පනින්න වත්තේ හැංගිලා ඉද්දි මට ඇහුන ක්ලේයාරා බේරගන්න කියලා හයියෙන් කැගහනවා, මං කොමහරි බංගලාව ඇතුලට යද්දී වෙන්න ඕන ඔක්කොම වෙලා මහත්තයෝ. David sir ක්ලේයාරාගේ කාමරේට යද්දී එයා දිනපොත ලිය ලිය ඉදල තියන්නේ, එක කියවල හොදටම තරහ ගිහින් පඩිපෙළ දිගේ කොන්ඩේන් එයාව ඇදගෙන ඇවිල්ලා. සාලේ මැද්දේ තියලා කසෙන් ගැහුවා, Edward එවෙලේ බංගලාවේ හිටියේ. එයා ඔක්කොමල ඉස්සරහා ක්ලේයාරාව දූෂණය කලා. සුදු නෝනාටත් කසෙන් ගැහුවා, මටත් ගැහුවා, අන්තිමේදි කාමරේකට අරන් ගියා ක්ලේයාරාව මට හොදටම ගහලා බංගලාවෙන් එලියට ඇදාලා දැම්මා,
පහුවද එළිවෙද්දී එයාල මෙහෙන් ගිහින් තිබ්බා. කවුරුත් දන්නේ නැ වෙච්ච දෙයක්, මං කොයි තරම් හෙව්වද එත් වැඩක් වුනේ නැ,
ඊට ටික කාලෙකට පස්සේ ඒ ලගින් යන අය බය වෙන්න ගත්තා, හොල්මන් ඉන්නව කිව්වා, මං ගිහින් බැලුවත් මට කිසිම දෙයක් හම්බුනේ නෑ. හැබැයි දවසක් මං නිදාගෙන ඉද්දි ක්ලේයාරාව මං හීනෙන් දැක්කා. හැබැයි එක ඇත්තක් වගේ. එය කිව්වා මට සැනසිල්ල දෙන්න කියලා. මං ගියා පහුවද බංගලාවට එතකොට මට හම්බුනා දිනපොතයි, මන් ලියපු ලියුම් ටිකයි. ඊට එහා මොකුත් හම්බ වූණේ නැ.
හැබැයි ඉතින් මිනිස්සු කියනවා ගැනියෙක් හොල්මන් කරනවා කියලා.,
මෙසේ සිරිමල් ගේ කතව දිගු සුසුමක් පිට කරලා නවත්තුවා
සිරිමල් අපිත් ගියේ ඊයේ ඒ හොල්මන බලන්න තමා. අපිත් දැක්ක දිනපොතෛ ලියුම් ටිකයි, ඒවගේම තව දෙයක් අපිට හම්බුනා ඒ තම ක්ලේයාරාගේ ඇටසැකිල්ල ,
මොනව ?? මොනව මහත්තයෝ ?
ඔව් සිරිමල් ක්ලේයාරාව මරල දාලා. අපි පොලිසියටත් කිව්වා , එයාල ඇවිල්ල පපරීක්ෂණ පවත්වයි.
එහෙනම් මහත්තයෝ එදා රැ වුනේ ඒ දේ තමා. එහෙම කියලා සිරිමල් අන්න පටන් ගත්තා.
සිර්මල් මේක දැනගන්න ඕන නිසා අපි ඇවිල්ල මේ කතාව කිව්වේ. දන් ක්ලේයාරාට එයා හොයපු සැනසිල්ල ලැබෙන්න ඇති,. අපි එහෙනම් යනවා සිරිමල්.
එසේ පවසා යලිත් කෙමි,චෙහා,දීලා, ගිවා, අචා,දම්සරිත් කොළඹ බලා ගමන් ආරම්බ කලහ.

No comments:

Powered by Blogger.