මියගිය දරුවා දොස්තරගේ මූණට ගසා දැමූ මෝහිණී

මා සෘජුවම මේ කතාන්දරය ඔබ වෙත ඉදිරිපත් කිරීමට පෙර ඊට පුස්තුකය ලෙස යකුන් යක්ෂණියන් ගේ අතීතය ගැන ද යමක් ලියමි. සමහරු යකුන් හොල්මන් ගැන විශ්වාස කරති. සමහරු විශ්වාස නොකරති. විජය කුමරු ලක්දිවට පැමිණි විට අපේ රට යකුන්ගේය. කුවේණි යක් රැුජණයි. වර්ෂ 2600 කටත් පෙරාතුව බුදුන් වහන්සේ ලක්දිවට වැඩියේ යකුන්ගේ ආරවුලක් සමථයට පත්කරන්නටය. චූලෝදර, මහෝදර මණිඅක්ඛිත යකුන් ගැන අප අසා ඇත. ත‍්‍රිපිටකයේ බොහෝ ස්ථානවල යක්ෂයින් ගැන සඳහන් වේ. බුදුරජාණන් වහන්සේ පරසක්වල ගසන්නට ආලෝක යක්ෂයාත් සේවක ගදාභ යකාත් පුරසාරම් කී හැටි අපට මතකය.
ඇතැම් සූත‍්‍ර දේශනාවල යක්ෂයින්, යකින්නන්, යක්ෂ පෝතකයින් යක්ෂ පෝතිකාවන් ගැන සඳහන් වේ. මහසෝනා රීරි යකා ගැන යක්කු ගැන අප අසා ඇත. මැදියම් රාත‍්‍රියෙහි ගස් යන යක්කු ගැන ද අප අසා ඇත. යම් යම් අය ඇමැතිමේදී අද ද අපි යකෝ, අර යකා, මේ යකා යැයි කියන්නෙමු. යකා ගැසූ කාන්තාවන් ගැන ද අපි දනිමු. මහ දවල් සොහොන් පිට්ටනියක් අසල කිරි කපමින් සිටි ස්ත‍්‍රියකට යකෙක් ගැසූ ආකාරයත් ඇයගේ පිට ප‍්‍රදේශයේ යකාගේ ඇඟිලි පහේ සලකුණු පිහිටි බවත් කෙනෙක් මා සමඟ කියා ඇත. නමස්කාර පාඨයේ නමෝ යන වචනය කියා ඇත්තේද සතාගිරි නම් යකෙක් යැයි මා අසා ඇත. හේමවත නම් යකෙක් ගැන ද සඳහන් වේ. මා මේ කොටස රචනා කළේ යම් යම් ආකාරවලින් යකුන් යක්ෂණියන් බද්ධව සම්බන්ධය ඇති ආකාරය ඉඟියක් පළ කිරීමටයි. මේ යක්ෂණියන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් සිදුවෙන හිංසා පීඩා සමථයකට පත්කර ගැනීමට අපේ රටේ යකැදුරන් බිහිවූ බවත් පවසමින් මම දැන් මගේ කතාන්දරය ඔබට කියමි.

 මා ගිය සතියේද ප‍්‍රකාශ කළේ මෝහිණී සම්බන්ධව ප‍්‍රබන්ධයකි. මේ සතියේද එම සම්බන්ධය යළි සම්බන්ධ කර ගතිමි. මා අසා ඇති මේ කතාන්දරයට අවුරුදු 60 ක් පමණ වයසය. මේ කතාවේ කතා නායකයා ද්‍රවිඩ වෛiවරයෙකි. කතාවට පාදක වී ඇත්තේ කලවාන ප‍්‍රදේශයයි. මේ කාලය ප‍්‍රදේශයේ ජනශූන්‍ය වකවානුවකි. කලවාන ප‍්‍රදේශයේ ඉතාම කුඩා ග‍්‍රාමීය රෝහලක් විය. මට මේ වෘත්තාන්තය පැවැසූ වෛiවරයා අද අප අතර නැත. යාපනයේ උපන් සෙල්වදොරේ වෛiවරයා පේරාදෙණි විශ්වවිiාලයෙන් වෛi උපාධිය ලබා කලවාන කුඩා ග‍්‍රාමීය රෝහලේ සේවයට පැමිණ ඇත. කෙසේ වුවද රෝහලේ සිට කිලෝමීටරයකට පමණ දුරින් වෛiවරයාගේ බංගලාව (නේවාසිකාගාරය* විය. එය පිහිටියේ එවකට කලවාන මහා විiාලයට ආසන්නයේය. ප‍්‍රදේශවාසීන් වෛi නිවාස හැඳින් වූයේ භූත බංගලාව ලෙසය. කැලෑවෙන් ගැවසුණු පරිසරයක පිහිටි මෙම නිවස ඉතාමත් අඳුරු සහගතය. ඇතැම්විට හොල්මන් අඩිකෝඩ ද පවතින්නට ඇත. ඒ නිසාම භූත බංගලාව වන්නට ඇත. අද ඒ බංගලාව දක්නට නැති අතර එහි පාසල් ගොඩනැඟිලි සාදා ඇත.

 එදා සෙල්වදොරේ වෛiවරයා වඩාත් කාර්යබහුල දිනයක් විය. සර්ප විෂෙන් මියෑදුණු තරුණ කාන්තාවකගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වන්නට සිදුවීමය. වෛi වෘත්තියට පත්වීමෙන් පසු මිනියක් කපා පරීක්‍ෂණ කරන්නට සිදුවූ ප‍්‍රථම අවස්ථාව මෙය බව මා සමඟ කීය. හිතට භීතියක් චකිතයක් ඇති වුවද පුරුෂ ධෛර්ය උපදවා ඒ කාර්ය නිසි ලෙස ඉටුකළ බව සෙල්වදොරේ මහතා මා සමඟ කීවේ යම්කිසි චකිතයකින් බව මට අවබෝධ විය.

 දිවා කාලය පහව ගොස් රාත‍්‍රි කාලය උදාවත්ම වෛiවරයා ඩිස්පැන්සරියෙන් බැහැරව සුපුරුදු පරිදිම හොල්මන් බංගලාව වෙත පැමිණ ඇත. මනස තුළ යම් කිසි කැකෑරුණු බියක් ඇති වුණද එය යටපත්කරගෙන වෛද්‍යවරයා නින්දට ගොස් ඇත. මධ්‍යම රාත‍්‍රිය එළැඹෙත්ම භූත බංගලාවේ ඉදිරි දොරට ‘ටක් ටක් ටක්’ යන හඬින් කවුදෝ හඬ තලන බවක් ඇසන්නට විය. ක්‍ෂණිකවම නිදි යහනෙන් නැඟිට සෙල්වදොරේ ‘කවුදැයි - කවුදැයි’ කියමින් ඉදිරි දොර විවෘත කළේය. දොස්තරගේ දෙපා වෙව්ලන්නට විය. මඳක් පස්සට වීසිවුණු සෙල්වදොරේ හඬමින් සිටින දරුවකු වඩාගත් මහ ? ආ මේ සුන්දර කාන්තාව දෙස සැකෙන් මෙන් බලා ඇයි දැයි ඇසීය. ‘සර් මේ ළමයාට හොඳටම අමාරුයි. බෙහෙත් ටිකක් ගන්නැයි ආවේ’ කාන්තාව ප‍්‍රකාශ කළාය. තනියෙන්ද ආවේ. ඇයි තනියෙන් එන්න නරකද? ඈ පිළිවදන් දුන්නාය. භූත බංගලාවේ බෙහෙත් නැති බවත් දරුවා වහාම රෝහලට ගෙන යන ලෙසත් තමා රෝගියා පරීක්‍ෂාවට එන බවත් වෛiවරයා පැවැසු පසු ඉක්මණට එන්න සර්. නැත්නම් ළමයා මැරෙයි කියා ඇය අතුරුදන් වූවාය.

 වෛiවරයා දිවා කාලයේ සිදු කළ පශ්චාත් මරණ පරීක්‍ෂණය පිළිබඳ සිහිපත් විය. තමා කපා කෙටූ කාන්තාවත් මේ කාන්තාවත් එක වගේමද? යළිත් සිත දැඩි කරගත් වෛi සෙල්වදොරේ ස්වකීය වෙද නළාවද පැළඳ ගරාජය වෙත ගොස් තම මොරිස් එයිට් වර්ගයේ මෝටර් රථය පණගන්වා රෝහල වෙත පිටත් විය. කෑලි කපන ඝන අඳුර රජයමින් පැවැතුණි. හිතට බියක් නැතුවාද නොවේ. මහ ? නුහුරු නුපුරුදු පළාතක තනි පංගලමේ යන ගමනක් වෛiවරු පැය 24 ම රෝගීන්ට ප‍්‍රතිකාර කළ යුතුය. එය වෛi ප‍්‍රතිඥාවයි. කලවාන නගරයේ ඈත කෙළවරින් දකුණු දෙසට මෝටර් රථය හැරවූ වෛiවරයා ඉදිරියට යන්නට විය. යළිත් ඉදිරි වංගුවෙන් වාහනය දකුණට හැරවිය යුතුය. එතැනට වම් පසින් මෘත ශරීරාගාරය (මෝචරිය* අඳුරේ දිස්වේ. පුදුමෙකි. අර දරුවා වඩාගෙන ආ කාන්තාව එතැන පසුකරගෙන යමින් සිටී. නොදැනෙන භීතියක් දැනුන අතර වෛiවරයා මෝටර් රථයේ වීදුරුව පහත්කර අර කාන්තාව සමඟ කතා කර යන්නට සූදානම් විය. ගතවූයේ නිමේෂයකි. දැන් වැඩක් නෑ. තමුසෙ එන්න පරක්කු වුණා. ළමයා මරුණා. මේන් ළමයා කියා ඇය එක් වරම වීදුරු කවුළුවෙන් මළ දරුවා වෛiවරයාගේ මුහුණට දමා ගැසීය.

 මෝටර් රථය පණගැන්වුණු පරිදිම එතැන විය. නිහඬ රාත‍්‍රියේ පණ  ගැන්වෙමින් විදුලි පහන් දැල්වෙමින් මිනී කාමරය අසල තිබූ වාහනය හඬින් හඳුනාගත් රෝහලේ මුරකරුවා වහා එතැනට සමිප විය. සිහි මුර්ජාවෙන් සුසුම් හෙළමින් සිටි වෛi සෙල්වදොරේ හඳුනා ගත් ඔහු ක්ෂණිකවම ක‍්‍රියාත්මක වී ආධාරකරුවකුද ගෙන්වා වෛiවරයාව රෝහලට ඇතුළත් කර අතර ප‍්‍රතිකාරවලින් සුවවූ බව වෛiවරයා මා සමඟ පැවැසීය. අද ද කලවාන රෝහලේ මේ මූසල මෘත ශරීරාගාරය එදා පැවැති තැනම ඇත. සත්‍යවුවත් අසත්‍ය වුවත් එකීි වෛiවරයා මේ මෝහිණීගේ කතාන්දරය මා සමඟ පැවැසුවේ අදින් අඩසියවසකටත් පෙරය.

 කලවාන - රණසිංහආරච්චි

No comments:

Powered by Blogger.