සංගීත රාත්‍රීය

 "ලමා තැනි අද මං බොන්නේ සරුවත්..
"මරු මචන්ලා සා.නි. දා.ප.
බෑන් එක නියමට සෙල්ලම් කරා"
මෙ 2009 වසරේ සීතල දෙසැම්බර් මාසේ එක් දවසක්..
මම යාලුවන් පස් දෙනෙකු සමග සංගීතයක් බලන්න ගිහින් රෑ ගෙවල්වලට යන ගමන් සිටියේ...
අපි උසස් පෙල කරලා ඒ කාලේ පූර්න නිදහස බුක්ති විදින කොල්ලෝ නේ.

ටිකක් මත්
වතුර ගත්තා,
නටන්න තිබුනු නිසා
"ඒ මදුවා ඔය ගහ යට නවත්තලා මෙ ටික ඉවර කරමු
අපි හය දෙනා ඉතිරිව තිබුනු බෝතලයක් විනාඩි 10 දී අවසන් කරා..
බයිට් එකට තිබුනේ බැදපු කුකුල් මස් ය..
නමුත් අපි කවුරුත් සිතුවේ නැහැ මෙ බයිට් එක මේ රෑ අපිට ලොකු කරදරයක් වෙවි කියලා
බෝතලය අවසන් කර අපි බයික් එකට නැගලා සිදුවක් කිය කිය නිවස්වලට යන සුදානම් උනා.
මං බයික් එකට ගොඩ වන විට මට යම් චායාවක් අපි සිටිය තැන ගහ යට සිටින බව දැනුනු නිසා,
එ දෙස හොඳින් බැලුවා.
“මොකෝ මදුවා යන්න සිතක් නැද්ද”
මගේ බයික් එක පිටු පස සිටිය දිනුකයා කරට අතක් දමා ඇසුවෙය..

බයික් තුන සෙමින් ඉදිරියට 2km විතර යන විට තිබුනේ පාලු කනත්තක් පසු කරගෙන යන්න තිබුනා..
එක විට ම පරිසරය වෙනස් වී සුලඃග හමන්නට ගත්තාමෙන්
රෑ නිහඬතාවය බිදිමින්
බල්ලන් උඩ බුරන්ට ගත්තා..
කිසිදු චකිතයක් අපි හය දෙනාට ආවේ නැත.
තව 200m විතර ගමන් කරන්න ඇති
මගේ බයික් එකට පිටු පසින් ආවේ නුවන්තගේ බයික් එක..
ඒ පිටු පස සිටියේ වසන්තයාය..
" හූ හූ හූ"
සියලු දෙනා ම බිය ගන්නමින්
වසන්තයා හූ කියමින් බයික් එකේන බිමට පැන දුවන්ට ගත්තා..
" මොන හු. යකෝ අර වසන්තයා කොහේ ද දුවන්නේ"
කියාගේන මම බයික් එක නතර කරලා..
වසන්තයාගේ පස්සෙන් දුවන්ට ගත්තා..
අපි විනාඩි 05 විතර දිවුවා..
නමුත් වසන්තයා අල්ල ගන්න කියලා උව,
කොහේට ගියා ද කියලාත් සොයා ගන්න නොහැකි විය..
" ඒ මදුවා මුට මොකෝ බං උනේ.
මෙ බල්ලා කොහේට ද පැන්නේ"
නුවන්තයා හති දමමින් මගෙන් අහන්නට විය.
"කො අරුන් තුන් දෙනා "
මමත් කිසිවක් සිතා ගන්න නොහැකිව
නුවන්තගෙන ඇසුවෙමි.. ..
එතකොට ම අපගේ බයික් වලින් ආව දිනුකයා ඇතුලු මිතුරන් තුන් දෙනා
මගේ නුවන්තගේ ලඟ බයික් නතර කරා.
" මොකෝ මදුවා කෝවසන්තයා"
දිනුකයා මගේ නුවන්තගෙත් මුන දෙස බලමින්
ඇසුවෙය.

"එක තමයි බං මෙ හරකා කොහේ ද බං දිවුවේ"
නුවන්ත කෙන්තියෙන්
කියන්නට විය.
නමුත් මිතුරන් එත සිටියට මගේ සිතට කවුරනු හරි කියනවා වගේ,
“ ගහ යටට ගිහින් බලන්න”
"
බයික්වලට යමං දිනුකයා ගලින් මගේ බයික් එක"
මම සිදු උන සියල්ල වටහාගෙන කිවුවෙය
අපි අවසානයට අරක්කු බෝතලය ඉවර කල
ගහ යටට යන කොට වසන්තයා සිහිය නැතිව

එතන වැටි සිටියේය.
" ඒ මදුවා මු කොහොමද මෙතනට ආවේ"
මිතුරන් කලබල වෙමින් මගේන් අහන්නට විය..
"හරි හරි මං එක පස්සේ කියන්නම්
මුව අල්ලපං
පන්සලේ ලොකු හාමුදුරුවන් ලඟට ගිනියමු"
අපි වසන්තයාව මගේ බයික් එක් තියාගෙන දිනුකයා උව අල්ලගෙන
ගෙනිච්චා
... ... ... .... .... ..
හාමුදුරුවන් ගාථා කියලා.
පැන් ටිකක් වසන්තයාගේ මුහුනට ඉස්සා
ලාවට ඇස් ඇරිය
වසන්ත පුදුමෙන් වගේ අපි දෙස බැලුවේය.
,මං මෙ කොහේ ද ඉන්නේ මදුවා”
වසන්ත අපහසුවෙන් මගෙන් අහන්නට විය..
“හරි හරි වසා අපි මෙ ඉන්නේ ගමේ පන්සලේ බං ටිකක් උබ හාන්සිවෙලා හිදපං”
වසන්ත ලඟ මිතුරෙක් තියලා අපි ලොකු හාමුදුරුවන් සමග වැලි මලුවට ආවා.
..
“ ඔය දරුවන් බිවුවා නේද ,
අපෙන් ලොකු හාමුදුරුවන් ඇවුවා,
අපි හිස පහත් කරගෙන නිහඬව සිටියේය.
“කොල්ල කාලේ,
රෑට සංගීත බලන්න යන එපා කියන්නෑ දරුවනේ,
එත්.
පිලි ජාති කෑම අමුනෂයන් සිටින ස්ථානවල කැවම සමහර අවස්ථාවලට ඔයවගේ කරදරවලට මුහුණ දෙන්න වෙනවා”
මෙ වසන්ත දරුවා බෙරුනු මදුරංග දරුවාගේ,
ඔය කරෙ තියන සුරය නිසා.
මෙ දරුවගේ ඔය සුරය ඉතා බලවත් දෙයක්
එකයි කවුරු හරි කෙනෙක් මදු දරුවට සංඤාවක් හරහා කිවුවේ වසන්ත දරුවා සිටිය තැන..
අනිත් දවසේ රෑ ගමන් ටිකක් නතර කරා නම් හොඳයි,
තෙරුනා ද”
“එමයි හාමුදුරුවනේ”
අපි සියල්ලම එක වර පැවසිය..
ඉන් පසුව අපි වසන්තවත් එකගෙන නිවස්වලට ගියා..
ටික දවසක පස්සේ වසන්තගෙන් අපි ඇසුවා මොකෝ එදා සිදු උනේ කියලා..
“අපි අර ගහ යට වැඩ අවසන් කරලා,
බයික්වලට ගොඩ වන විට මං දැක්කා බං
එ ගහ යට කවුරු හරි මිනියෙක් ඉන්නවා,
මං බයටත් එක,
මදුවාගේ පැත බලන විටත් උත්,
එ මිනියා සිටිය තැන බලන් ඉන්නවා,
එත් නුවන්ත බයික් එක පදවගෙන යන විට මට දැනුනා
කවුරු හරි මගේ පිටු පසෙන් අදිනවා වගේ.
එත් මං නුවන්තයාව තධින් අල්ලගෙන සිටිය නිසා බයික් එකෙන් වැටෙන්න නැතිව සිටියා..
එත් මචන් අර කනත්ත ලඟ පාරට බයික එක දානකොට මාව,
වැටෙන්න ගියා එක නිසා මං බයික් එකෙන් පැන්නා..
ඉට පස්සේ මට සිධ්ද උන දෙවල් මතක නෑ..
ඔයාලා දන්නවා නේ ඉටපස්සෙ සිද්ධ උන කතාව
නිමි.,

සුරාජ් රනසිංහලාගේ

1 comment:

Powered by Blogger.