ශාපලත් චිත්‍රපට

ඔන්න එහෙනම් මේ පෝස්ට් එකෙන් කියන්න යන්නේ මුළු ලෝකයේම ජනප්‍රිය තවත් ශාපලත් හොලිවුඩ් හොල්මන් චිත්‍රපටයක් ගැන. මුළු ලෝකයම බයෙන් සලිත කරවපු ඒ චිත්‍රපටය තමයි 𝙏𝙝𝙚 𝙀𝙭𝙤𝙧𝙘𝙞𝙨𝙩.🤐🤐


මේකෙත් චිත්‍රපට මාලාවක්ම තිබුණත් අද්භූත සිදුවීම් හින්දා වැඩිපුරම කතාබහට ලක්වෙලා තියෙන්නේ 𝟭𝟵𝟳𝟯 වසරේදී නිකුත් වුන 𝑻𝒉𝒆 𝑬𝒙𝒐𝒓𝒄𝒊𝒔𝒕 පළවෙනි චිත්‍රපටය. මේ කතා මාලාවෙදිත් පළවෙනි චිත්‍රපටය තරම් සාර්ථක වෙන්න අනිත් චිත්‍රපටවලට හැකියාවක් ලැබුනේ නම් නෑ.🧐🧐

ලෝකයේ එදා මෙදා තුර බිහිවුන හොඳම හොරර් චිත්‍රපටය තමයි මේක. ඒ වගේම සම්මාන රැසක් දිනාගන්නත් සමත් වෙලා තියෙනවා. සත්‍ය කතාවක් ඇසුරු කරගෙන නිර්මාණය වුන මේ චිත්‍රපටය මුළු ලෝකයම බය කරන්න සමත් වුනා. 😫😫

සමහරු චිත්‍රපටය තිරගත වෙන අතරතුර ටිකට්වල සල්ලි එපා කියලා සිනමා ශාලාවෙන් එළියට පැනලා දුවලා තියෙනවා. තවත් අය සිනමා ශාලාව තුළදිම සිහිසුන් වෙලා. මේකෙ තියෙන සමහර දර්ශන නිසා තවත් අය සිනමා ශාලාව ඇතුළෙම වමනය කරන්නත් පටන් අරන්. ඒ විදිහට සිහිය නැතිවෙලා වැටිලා තුවාල වුන එක පුද්ගලයෙක් මේ වගේ චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීම ගැන වෝනර්ස් බ්‍රදර්ස් සමාගමට එරෙහිව නඩු පවරලා තියෙනවා. බය වෙලා සිහි නැති වෙන අයව රෝහල්ගත කරන්න ගිලන් රථ පවා සූදානමින් තියාගන්න මේ චිත්‍රපටය තිරගත වෙන කාලෙදි සිනමා ශාලා හිමියන්ට සිදු වෙලා තියෙනවා. 🤭🤭

හිතාගන්න පුළුවන්නේ කොහොම බය හිතෙනවද කියලා. ඒ හින්දම මේ චිත්‍රපටය ලංකාවේ තිරගත කරලා තියෙන්නේ වැඩිහිටියන්ට පමණක් සීමා වුන චිත්‍රපටයක් විදියට. ඒ වගේම මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය සඳහා සුප්‍රසිද්ධ අධ්‍යක්ෂකවරු කිහිප දෙනෙක්ටම ආරාධනා කළත් ඒ හැමෝම මේ කතාවේ තියෙන බිහිසුණු අන්තර්ගතය හින්දා ඒ ආරාධනා ප්‍රතික්ෂේප කරලා තියෙනවා.😕😕

කොහොමහරි අන්තිමේදී William Friedkin ගේ අධ්‍යක්ෂණයෙන් ජීවය ලබපු මේ චිත්‍රපටය ශාපලත් චිත්‍රපට අතරට එකතු වෙන්නේ ඇයි කියලා අපි දැන් බලමු.😖😖

1. මේ චිත්‍රපටියට සම්බන්ධ වෙලා වැඩ කරපු සහ ඒ වැඩ කරපු අයත් එක්ක සම්බන්ධකම් තිබුන නව දෙනෙක් අසාමාන්‍ය විදියට මරණයට පත් වෙලා තියෙනවා.😐😐

2. Father Merrin ගේ චරිතයට පණ පෙවූ Max Von Sydow නම් නළුවා නිව්යෝර්ක්වල මේ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගී වූ පළමු දිනයේදීම ස්වීඩනයේ හිටපු එයාගේ සහෝදරයා අනපේක්ෂිත විදියට මරණයට පත්වුනා. 😮😮

3. Burke Dennings ගේ චරිතය නිරූපණය කළ Jack MacGowran නම් නළුවා චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වන්නටත් කලින් අවාසනාවන්ත විදියට මරණයට පත් වුනා.😣😣

4. චිත්‍රපටයේ Karras පියතුමාගේ මවගේ චරිතය රඟපෑ Vasiliki Maliaros නම් නිළියත් චිත්‍රපටයේ රූගත කිරීම් අවසන් වන්නටත් කලින් මරණයට පත් වුනේ ඇය රංගනයෙන් දායක වුන එකම චිත්‍රපටය The Exorcist බවට පත් කරමින්.😑😑

5. චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර Regan ගේ චරිතයට පණ දුන් Linda Blair ගේ සීයා මිය ගියා.😶😶

6. චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර එහි වායු සමීකරණය බාරව සිටි ප්‍රධාන කාර්මිකයා මිය ගියා.😥😥

7. චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර ආරක්ෂාව භාරව සිටි රාත්‍රී මුරකරුවෙකු මිය ගියා.😑😑

8. Karras පියතුමාගේ චරිතය නිරූපණය කරපු Jason Miller ගේ පුතා හදිසියේම මෝටර් සයිකලයක ගැටීමෙන් මිය ගියා.😥😥

9. චිත්‍රපටයේ යක්ෂ ආත්මයට හඬ කැවූ Mercedes McCambridge ගේ පුතා විසින් 1987 වසරේදී තමන්ගේ බිරිඳ සහ දරුවන්ව ඝාතනය කර පසුව ඔහුද සිය දිවි හානිකරගත්තා.😥😥

10. Chris McNeill ගේ චරිතය රඟ දැක්වූ Ellen Burstyn භූතාවේශ වූ Regan (Linda Blair) ගෙන් පහර කා බිත්තියේ වැදී බිම ඇද වැටෙන දර්ශනය රූගත කිරීමේදී
ඇයව අදින රැහැන් පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවීම නිසා ඇගේ පිට කොන්ද ඇත්තටම ගොඩක් තදින් බිත්තියේ වැදුනා. ඒ හින්දා චිත්‍රපටයේදී අපිට දකින්න ලැබෙන්නේ Ellen Burstyn ඇත්තටම වේදනාවෙන් කළ කෑ ගැසීම මිසක් රඟපෑමක් නෙමෙයි. මේ අවාසනාවන්ත අනතුර හින්දා ඇයගේ කොඳු ඇට පේළියේ සදාකාලික ආබාධයක් ඇති වුනා.😥😥😥

11. භූතාත්මය විසින් ඇඳේ ඒ මේ අතට Regan ව ප්‍රචණ්ඩ විදියට හප්පවන දර්ශනය අතරතුර සිදු වූ අනතුරක් හින්දා ඒ චරිතය රඟ පෑ Linda Blair හටත්
සුව නොවෙන කොන්දේ ආබාධයක් ඇති වුනා.😐😐

12. රූගත කිරීම් අතරතුර සිදු වූ අනතුරකින් කාර්ය මණ්ඩලයේ හිටපු වඩු කාර්මිකයෙක්ගේ අ‌තක මහපට ඇඟිල්ලක් කැපිලා වෙන් වුනා.😑😑

13. රූගත කිරීම් අතරේ සිදු වුන තවත් අනතුරකින් කාර්ය මණ්ඩලයේ හිටපු විදුලි කාර්මිකයෙක්ට එයාගේ කකුලේ ඇඟිල්ලක් අහිමි වුනා.😶😶

14. චිත්‍රපටය සඳහා අවශ්‍ය කරන යක්ෂ පිළිමයක් ලොස් ඇන්ජලීස්වල ඉඳන් ප්‍රවාහනය කරන අතරතුරේදී අස්ථානගත වෙලා. ඒක ආපහු හම්බෙලා තියෙන්නේ හොංකොං වලින්.🤐🤐

15. එක් වතාවක් නිෂ්පාදන සම්බන්ධිකරණ කටයුතුවලට යොදාගත්තු දුරකථනයේ රිසීවරය නිකම්ම උඩට එසවෙනවා තමන් දැක්කා කියලා මේ කතාවේ රචකයා William Peter Blatty කියලා තියෙනවා.🧐🧐

16. ඒ වගේම චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර චිත්‍රපටයේ ප්‍රධානම දර්ශන තලය වුනු McNeill නිවස විදුලි පරිපථයේ ඇති වුන හදිසි දෝෂයක් නිසා ඇති වූ ගින්නකින් පිච්චිලා විනාශ වුනා. පස්සේ හොයාගත්තා විදුලි පරිපථයේ හැපුන පරවියෙක් නිසා තමයි මේ ගින්න ඇති වුනේ කියලා.😟😟

17. මේ විදිහට සෑහෙන බාධාවන් මැද්දේ රූගත කරලා අවසන් වුන මේ චිත්‍රපටයේ මංගල දර්ශනයක් රෝමයේ මෙට්‍රොපොලිටන් සිනමා ශාලාවේ තිරගත වන අතරතුරේදී හදිසියේම අවට කාලගුණය අයහපත් වෙලා අකුණු ගහන්න පටන් ගත්තා. මේ ගහපු එක අකුණක් ඒ ළඟ තිබුණ වසර 400 ක් විතර ඉපැරණි දේවස්ථානයක කුරුසයකට වැදිලා ඒ කුරුසය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා.😳😳😳

මේ වගේ සිද්ධි හින්දා ශාපලත් චිත්‍රපටයක් විදියට The Exorcist ප්‍රසිද්ධයි. ශාපලත් චිත්‍රපටයක් වුනත් නැතත් මේ චිත්‍රපටය බලන හිත ‌ගොඩක්ම හයිය කෙනෙක්ව බය කරන්න වුනත් මේ චිත්‍රපටයට තාමත් හැකියාව තියෙනවා.🙏🙏🙏

No comments:

Powered by Blogger.